කොරෝනා ගැන පළමු අනාවැකිය ලංකාවෙන්

“2020 ජනවාරි සිට සැප්තැම්බර් අතර දක්වා කාලය වෛරස් රෝග, සොයාගත නොහැකි ගුප්ත රෝග බහුල වීමක් දක්නට ලැබෙන අතර කොතරම් පර්යේෂණ කළත් ඒවා නිශ්ඵල වීමට ඉඩ ඇත” මේ  සටහන අපිට මුණ ගැහෙන්නේ  2020 ජනවාරි පස්වැනිදා මව්බිම පත්‍රය සමග නිකුත් වුනු තරුපති අතිරේකයේ 08 වෙනි පිටුවේ. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි මේ අනාවැකිය කිව්වේ කවුද කියලා ? ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින් මුළු විශ්වයේම විස්මිත දැනුම ඔබ වෙත ගෙන එන විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව ඔබ මෙතෙක් සබ්ස්ක්‍රයිබ් කරල නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් මේ වගේ ඔබව විස්මයෙන් විස්මයට පත් කරන වීඩියෝ නිකුත් වූ සැනින් එසැනින් දැනගන්න බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි.

අපි මුලින්ම මේ අනාවැකිය ගැන අපි දැන ගත්ත විදිහ ගැන ඔබට කියන්න හිතුවා. මීට දවස් කීපයකට කලින් විශ්වකර්ම යූ ටියුබ් චැනලයේ අධිපතිතුමාට ඊමේල් ලිපියක් ලැබෙනවා. දිනකට ඊ මේල් ලිපි සිය ගණනක් ලැබෙන එතුමා මේ ලිපියේ සුවිශේෂභාවයක් නිරීක්ෂණය කළා. ඒ ලිපිය දැන් අපි ඔබත් එක්ක බෙදා ගන්නයි යන්නේ. ඊට කලින් ඒ ලිපියේ සඳහන් වන අපේ නාලිකාවේ විකාශය කරපු ඉන්දියානු දරුවා සම්බන්ධ වීඩියෝ එකේ ලින්ක් ඔබට ඒ ගැන කියන අවස්ථාව වන විට ස්ක්‍රීන් එකේ උඩ කොටස මත දැක ගන්න ලැබේවි. එහෙම නම් අපි දැන් අර ඊමේල් ලිපිය වෙත යොමු වෙමු

හිතවත් මහතානනි !

මේ වන විට ලොවපුරා පැතිර යන කොරෝනා වෛරසය පිළිබඳ ඉංදියානු දරුවෙක් පැවසුවා යැයි කියැවෙන අනාවැකියක් සම්බන්ධ ඔබ නාලිකාවේ වීඩියෝවක් දුටුවෙමි.  එම දරුවා ජ්‍යෝතිෂ තුලින් වෛරසය පිළිබඳ අනාවැකියක් පැවසූ බව මෙරට තවත් බොහෝ මාද්‍ය තුලින්ද ප්‍රචාරය වනු දුටුවෙමි. ඇත්තටම ඒ දරුවා ග්‍රහ තත්වයන් පදනම් කොට මෙම සිදුවීමට පෙර ( එනම් 2019 දී ) එවැනි අනාවැකියක් පවසා තිබුනා නම් ; ඒ සම්බන්ධ සාක්ෂි සාධක ද සහිත නම් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ උන්නතිය උදෙසා වෙහෙසෙන්නෙකු ලෙස මා බොහෝ සතුමු වන්නෙමි.

මෙම ඊමේල් පණිවිඩය එවීමට මා පෙළඹුනේ ඔබ ප්‍රචාරය ලබා දුන් එම ඉංදියානු දරුවා පැවසූ පරිදි අනාවැකියක් මා විසින් ද 2019 ජූලි මාසයේ සිටම පවසා ඇති බව මතක් කිරීමටයි. 2019/07/30 දින මා විසින් මව්බිම පලාපල අතිරේකයේ සංස්කාරක අරුණී මල්ලව ආරච්චි මහත්මිය වෙත ඊ මේල් කරන්නට යෙදුනු අනාවැකියක් 2019/09/05 බ්‍රහස්පතින්දා දින ” සැප්තැම්බර් සිට තවත් 08 මසක් යනතුරු රටටත් ලොවටත් අඳුරු කාලයක් ” යන මැයින් පලවිය. 1983 හා 2001 ග්‍රහ චාරයම නැවතත් 2019/09/12 සිට 2020/05/23 දක්වා ගතවන බැවින් ලොවපුරා කල කෝලාහල , ගුවන් අනතුරු, ඩ්‍රෝන යානා මගින් සිදුකරන ප්‍රහාර පවා සිදුවන බවත් ; ලෝක ආර්ථික කඩාවැටීම්, පාරිසරික සාධක, ස්වභාවික හේතු ආදිය නිසා රට මෙන්ම ලොවම අකර්මණ්‍ය වන බව පැවසූවෙමි. 2001 සැප්තැම්බර් ප්‍රහාරයේ දී ලෝකයට සිදුවූ භය භීතියට මා එය සමාන කලෙමි.

එහිම දිගුවක් 2019/12/18 දින මව්බිම තරුපති අතිරේකය වෙත ඊ මේල් කරන්නට යෙදුනු අතර ” 2020 තන්හාධිකයන් ගේ වසරක් ” යන මැයින් 2020/01/05 දින එය එහි මැදපිටුවේ ම පලවිය . ( එනම් ලිඛිත සාක්ෂි සහිත බවයි ) වර්තමානයේ දී ලොව මුහුණ දෙන වෛරස් තත්වය පිළිබඳ පැහැදිලි සටහනක් එහි මා තබා ඇත. ( එහි ඡායාරූප පහත අමුනා ඇත ) 2020 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා භයානක වෛරස් රෝග ලෝකය පුරා ව්‍යාප්ත වන බවත් , ඒවා වෛද්‍යවරුන් හට හසු නොවන හේතු නැති ගුප්ත රෝග බවත් , යුරෝපයටද ඉන් බලපෑම් තදින්ඇති බවත්, යුරෝපයේ කඩා වැටීමක් ඇති බවත් එහි කියා ඇත. මෙරට ආර්ථිකයට වන හානියද ⁣, හදිසි දේශපාලන තීන්දු පිළිබඳ තත්වයද තවත් බොහෝ තොරතුරු ද එහි කියා ඇත.

( මව්බිම ඊ පේපර් හරහා මෙම දින වකවානු පිරික්සීමෙන් සම්පූර්ණ ලිපිය ලබාගත හැක )

අපි කලින් සදහන් කරා වගේ ම මේ ලිපිය ගැන විශේෂ අවධානයක් යොමු කරපු විශ්වකර්ම යූ ටියුබ් චැනලයේ අධිපතිතුමා තමන්ගේ පර්යේෂණ කණ්ඩායම ලවා මේ මහතා පවසා තිබූ දේ පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදු කළා. මොකද අපේ විශ්ව කර්ම විශ්වකර්ම යූ ටියුබ් එක හරහා ලබාදෙන සෑම තොරතුරක් සඳහාම ප්‍රේක්ෂකයාට වගවීමට බැඳී සිටින නිසයි.  ඒ සඳහා විටින් විට විටින් විට එතුමාත් දායක වුණා. ඒ පර්යේෂණය හරහා සොයාගත් තොරතුරු මේ විදිහට ඔබ සමඟ අද බෙදා ගන්නවා.

2019 සැප්තැම්බර් පස්වෙනිදා මේ ජ්‍යෝතිෂවේදියා මව්බිම පත්‍රයට “සැප්තැම්බර් සිට තවත් 08 මසක් යනතුරු රටටත් ලොවටත් අඳුරු කාලයක්” යන මාතෘකාව යටතේ ලිපියක් සපයනවා. එහි මෙන්න මේ විදිහට සඳහන් වෙනවා.

2019 සැප්තැම්බර් 12 දා රාහු ග්‍රහයා රාහුගේම නැකතක් වන අඳ නැකතේ ඒ ගමන ආරම්භ කරයි.වසර 18කට වරක් සිදු වන මෙම ග්‍රහ මාරුව මාස අටක කාල පරාසයක පවතින අතර මෙයට පෙර 2001 පෙබරවාරි 6දා සිට  2001 ඔක්තෝම්බර් 15 දා අතර කාලයත් 1982 ජූලි 2 දා සිට 1983 මාර්තු 18 දා අතරත් සිදුවිය. රාහු අඳ නැකතෙන් පසුව ප්‍රවිෂ්ට වන්නේ මුවසිරස නැකතට වන අතර මුවසිරස නැකත කුජට අයත් ආක්‍රමණශීලී නැකතකි. ලෝක තත්ත්වයන් අනුව සැලකීමේදී 2001 සැප්තැම්බර්  11 වැනි දින ඇමරිකාව සෙලවූ ත්‍රස්ත ප්‍රහාරය මේ අනුව සුවිශේෂීව පෙන්වා දිය හැකිය.මේ ත්‍රස්ත  ප්‍රහාරයහ් සමඟ ක්‍රියාත්මක වූ ත්‍රස්ත ක්‍රියාවලිය සහ ත්‍රස්ත මර්දන ක්‍රියාවලිය අදටද ලෝක සාමයට ඇති කරන්නේ යහපතක් නොවේ. මෙරට තත්ත්වය අනුව සැලකීමේදී 2001 ජූලි 24 දින අලුයම කටුනායක ගුවන් තොටුපලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඒ හේතුවෙන් ආර්ථික වර්ධන වේගය බින්දුවට වැටෙමින් සිදුවූ ආර්ථික කඩාවැටීම පෙන්වා දිය හැකිය. 1983 ජූලි කලබලය රාහු මුවසිරස නැකත තුළ ගමන් කරන කාලය තුළ සිදුවු නළ සිදු වූ නමුත් එයට අදාළ බීජයන් අද නැකත තුළ රාහු ගමන් ගන්නා කාලය තුළ පෝෂණය ලැබූ බව පෙන්වා දිය හැකිය.

මේ තමයි අපේ දෛවඥ තුමා මේ ගැන සඳහන් කරන මුල්ම අවස්ථාව මේ අනාවැකිය ඇතුලේ වසංගත රෝගයක් ගැන සෘජුවම කතා නොකළත් එතුමා ලෝක මට්ටමේ සහ ලංකාවට බලපාන දැවැන්ත සෘණාත්මක බලපෑමක් ගැන බොහෝම සෘජූ අනාවරණයක් කරනවා.චීනය තුළ කොරෝනා රෝගීන් ගිය වසරේ ඔක්තෝබර් පටන් වාර්තා වුණත් ඒ ගැන සියලු තොරතුරු වසන් කරා කියලත් චෝදනා එල්ල වුණා කියන කතාවත් අපි අමතක කරන්න හොඳ නෑ.

ඒ වගේම එතුමා මේ ලිපියේදි ඒ කාලය තුළ ලෝකයේ අශුද්ධ බලවේග ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා කියලා සඳහන් කරනවා. පුළුල් වූ කෝණයකින් බැලුවොත් එහෙම අපි ඒ ඇත්තටම සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සෙ ලෝකයේ ඇතිවූ  අවිනිශ්චිතතාවයට සමාන සමාජ පරිසරයකට මුහුණ දෙනවා. ඒ වෙලාවෙදි ඇමරිකා එක්සත් ජනපදයේ රටවලට ආර්ථික කඩා වැටීමක් ගැන ප්‍රශ්නයක් තිබ්බත් තමන්ගෙ ආරක්ෂක කටයුතු පුළුල් කර ගැනීමෙන් යම් කිසි සුරක්ෂිතභාවයක් ගැනීමේ හැකියාව ලැබුණා. ඒත් අද වෙනකොට රාහු අද නැකතේ ගමන් කරන මේ කාලය තුළ මුළු මහත් ලෝකයම ඊටත් වඩා එහා ගිය අවිනිශ්චිතතාවයක ගිලිලා ඉන්නේ.

2000 වර්ෂයෙන් පස්සෙ ඉපදුනු බොහෝ දෙනෙක්ට නම් මේ කාලය ගැන ලොකු දැනුමක් නැතුව ඇති. ඇමරිකා එක්සත් ජනපදයට ප්‍රහාර එල්ල වීමත් එක්ක බොහෝ රටවල් මානසිකව අද වැටීමට ලක් වුණා. අමෙරිකාවටත් මේ වගඇමරිකාවටත් මේ වගේ ප්‍රහාර වලට මුහුණ දෙන්න වෙනවා නම් අපි වගේ පොඩි රටවල්වලට මොනවා වෙයිද කියන ප්‍රශ්නයක් ඔවුන්ට ඇති වුණා. අදත් ඇතිවෙලා තියෙන්නේ ඇතිවෙලා තියෙන්නේ ඒ තත්ත්වයම නෙමෙයිද? ලෝකයේ සුපිරි බලවතුන් අද වෙනකොට අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා.

ඊළඟට අපි කලින් සඳහන් කරපු විදිහට එතුමාගේ අනාවැකි ගැන අපිට නැවතත් හමු වෙන්නේ මේ වසරේ ජනවාරි පස්වෙනිදා. ඒ වෙනකොටත් කොරෝනා කියන්නේ චිනයේ යම් යම් පලාත්වලට පමණක් බලපාමින් තිබ්බ රෝග තත්ත්වයක්. අවම වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා  වසංගතයක් වෙයි කියලා පුරෝකතනය කළේ නැහැ.ඒ වගේ ම බොහෝ රටවල් 2020 දිහා බැලුවේ සුබවාදී වර්ෂයක් විදිහට. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලින් අසාමාන්‍ය දියුණුවක් ලබා ගනු ඇතැයි විශ්වාස කළා. ඒ වගේම වසර හතරකට වරක් මුලු ලෝකයම එකට එක් කරන  දැවැන්තම ක්‍රීඩා උත්සවය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව තිබුණා.

ඒත්  දෛවඥතුමා තමන්ගෙ ලිපිය ආරම්භ කරන්නේ මෙන්න මේ විදිහට.

රාහුගේ නැකතින් වසර උදා වීමත් ඒ රාහු රාහුට අයිති නැකත ගෝචර වීමත් එම රාහුම කන්‍යා ලග්න උදා කේන්ද්‍රයේ දහවැන්නේ තැන්පත් වීමත් යහපත් තත්ත්වයක් නම් නිවේදනය නොකරන බව පළමුවෙන් මතක් කරමි. මෙය අධික තෘෂ්ණාවේ පිළිබිඹුවකි. මෙ වෙලේ රවි පාපකීර්ති වී ලැජ්ජා බය නැති කර ඇත. සඳු 10 අධිපති ලෙස රෝග භය සතුරන් සම්බන්ධ භීතිය පෙන්වන හයවැන්නේ වී අගුණ තත්ත්වය තව තවත් වර්ධනය කර ඇත.

මෙහෙම ආරම්භ වෙන මේ ලිපිය පුරාවටම අපි අද මුහුණ දෙන තත්වය ගැන විශ්මිත අනාවරණයක්  සිද්ධ කරලා තියෙනවා.

අපි මේ වීඩියෝව ආරම්භයේ සඳහන් කරපු කොටස සඳහන් වෙන්නේ මේ ලිපියේ මැද  හරියෙදි.

2020 ජනවාරි සිට සැප්තැම්බර් අතර දක්වා කාලය වෛරස් රෝග සොයා ගත නොහැකි ගුප්ත රෝග බහුල වීමත් දක්නට ලැබෙන අතර කොතරම් පර්යේෂණ කළත් ඒවා නිශ්ඵල වීමට ඉඩ ඇත. කෙසේ නමුත් පර්යේෂණශීලී අංශවල ලොකු ප්‍රගතියක් 2020 තුළ දක්නට ලැබෙන අතර නව මූල ද්‍රව්‍යක් සොයා ගැනීම් වැනි තත්වයක් විය හැකිය. එහෙත් ඒවා පරයා වෙනත් අමුතු මාදිලියේ භයානක වෛරස් තත්වයක් ලොව පුරා පැතිරීමේ අවදානමක් ද පෙනෙන්ට ඇත.

ඒ වගේම එතුමා යුරෝපා රටවල්වල පසුබෑම ගැනත් පෙරදිග රටවල්වල  ප්‍රගතියකුත් ගැන සාර්ථකව තමන්ගේ අදහස් පළකරලා  කරලා තියෙනව.විශේෂයෙන්ම ලංකාව තුළ හා ලෝකය පුරාවටම තමන්ගේ සම්ප්‍රදායික සාම්ප්‍රදායික වටිනාකම් පිළිබඳව නැවත සිතා බැලීමක් ඇතිවෙනවා කියලත් එතුමා පුරෝකතනය කරලා තියෙනවාපැහැදිලිවම කොරෝමා රෝගය ඉදිරියේ බටහිර වෛද්‍ය විද්‍යාව අසාර්ථක වෙලා කියලා මේ වෙනකොට ලෝකය තුළ මතයක් ඇති වෙමින් පවතිනවා. ලංකාව තුළ පවා දුම් හට්ටිය භාවිතය වැනි ප්‍රතිකාර ගැන පුළුල් සමාජ කතිකාවතක් ඇති වෙමින් තියනවා.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සභාපතිතුම තුමාම ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳ ව අපි කරපු තවත් වීඩියෝ එකක ලින්ක් එක එකක් ඔබට මේ වෙලාවේ ස්ක්‍රීන් එක උඩ දකින්න ලැබෙයි.

සැබැවින්ම මේ අනාවැකි ඉතාමත් විස්මයජනකයි.

නමුත් මේ සටහනේදී එතුමා සංචාරක ක්ෂේත්‍රය, ක්‍රීඩා ක්ෂේත්‍රය සහ කලා නිර්මාණ ගැන පවසලා තියෙන අනාවැකි සැබෑ වෙන්න අවශ්‍ය පරිසරය නම් මේ වන කොට ලෝකය තුළ නැහැ. හැබැයි එතුමා ඒ අනාවැකි සඵල නොවෙන්න හේතුව ඉතාමත් සාර්ථකව මේ ලිපිය තුළ දී අපිට කියලා තියෙනවා.

අපි මෙච්චර වෙලා ඔබට එතුමගේ අනාවැකි ගැන සඳහන් කරත් එතුමාගේ නම සදහන් කිරීමෙන් වැළකී සිටියා.මේ විශ්මිත අනාවැකි කරු තමයි ප්‍රියදර්ශන ආරියරත්න මහත්තයා.එතුමාගේ ලිපිනය සහ දුරකතන අංක ඔබට අවශ්‍ය නම්  පිළිබඳව ක්මෙන්ට් එකක් මගින් ඉල්ලීමක් කරන්න.ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ අපි මේ වීඩියෝවටම අදාල තොරතුරු පසුව එකතු කරන්නම්.ඒවගේම ඉදිරියේදී විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව හරහා ප්‍රියදර්ශන ආරියරත්න මහත්මයාව ඔබට මුණ ගැහෙන්න පුළුවන් කියන සතුටුදායක ආරංචියක් ඔබත් එක්ක මේ වෙලාවෙදි බෙදාගන්න බෙදා ගන්න කැමතියි.

එහෙමනම් තවත් ඔබව විශ්මයෙන් විශ්මයට පත් කරන මෙවැනි වීඩියෝවකින් නැවත මුණ ගැහෙමු.