ලෝකෙටම කන්න දෙන පුංචි නෙදර්ලන්තය

අපි අද ඔබට කියන්න යන්නේ ටිකක් විදිහේ වෙනස් කතාවක්.ඒ තමයි ලංකාවෙ අපි අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ රටේ ජීවනාලිය බඳු ක්ෂේත්‍රයක් ගැන අපි කොතරම් නොසැලකිල්ලක් දක්වලා තියෙනවද කියන එක.ඒක ඔප්පු කරන්න අපි ඔබට සාක්කියක් විදිහට ඉදිරිපත් කරන්නේ තවත් රටක් ඒ ක්ෂේත්‍රයෙන් ලබල තියෙන අතිමහත් සාර්ථකත්වය.ඒ  රට ගැන වගේම අදාළ ක්ෂේත්‍රය ගැන කතා කරන්න කලින් ඔබට එක පණිවිඩයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි මෙතෙක් ඔබ ලංකාවේ අංක එකේ යූ ටියුබ් නාලිකාව වන විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් එසැනින් දැනගන්න පුංචි බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩය. ඒ වගේම මේ වීඩියෝ එක නැරඹීමෙන් පස්සේ ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්නත් අමතක කරන්න එපා.ගල් වගේම මල් වුණත් භාර ගන්න විශ්වකර්ම අපි ලෑස්තියි.

මේ පුංචි රට පිහිටල තියෙන්නෙ යුරෝපයේ.මේ රට අපේ ඉතිහාසය එක්කත් යම්තාක් දුරකට සම්බන්ධ වෙනවා.ඒ රට තමයි නෙදර්ලන්තය.හැබැයි නෙදර්ලන්තය ලංකාවේ එක්ක තියෙන ගනුදෙනුව නම් එච්චර සුබවාදී එකක් නෙමෙය.සියවසකට ආසන්න කාලයක් ඔවුන් අපේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළා. කන්ද උඩරට පාලනය කරපු දෙවැනි රාජසිංහ රජතුමා ඕලන්දක්කාරයන් නමින් හඳුන්වපු නෙදර්ලන්ත ජාතිකයන්ගේ උදව් ලබා ගත්තේ පෘතුගීසීන්  පළවා හරින්න. නමුත් ඔවුන් ඉතාමත් කපටි විදිහට දෙවැනි රාජසිංහ රජතුමාව රවටනු ලැබුවා. මේ නිසා රාජසිංහ රජතුමා ඉඟුරු දීලා දීල මිරිස් ගත්ත කියන කතාව කිවුවා කියලා අපේ ඉතිහාස පත පොතවල  සඳහන් වෙනවා.

මේ යටත් විජිත යුගයේ දීත්  ඕලන්ද ජාතිකයන් ලංකාව තුළ වගා කිරීම කෙරෙහි උනන්දුවක් දැක්වුවා. නමුත් ඒ පෙර රජදරුවන් වගේ වී වගාවට නම් නෙමෙයි. ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික බෝගය වුණේ කුරුදු වගාව.මේ වගාවෙන් ඔවුන්ට කෙතරම් ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් ලැබුණද  කියනවා නම් කුරුදු පැළයකට හානි කරන පුද්ගලයන්ට මරණ දඬුවම පැනවීමට පවා ඔවුන් තීරණය කළා.

පරණ කතා වලින් අලුත් කතාවට ආවොත් එහෙම අද වෙනකොට නෙදර්ලන්තය ලෝකයේ දෙවනියට විශාලතම ආහාර අපනයනකරු බවට පත් වෙලා තියෙනවා.පළමු ස්ථානය ලබාගන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින්.නමුත් නෙදර්ලන්තය විසින් මේ ප්‍රාතිහාර්ය පාන්නේ වර්ග කිලෝමීටර 33,883 ක භූමිභාගයක් එක්ක කියලා හිතද්දී විශිෂ්ටත්වයෙන් නෙදර්ලන්තය පලවෙනි තැනට පත්වෙන බව කිව යුතුයි. දැන් ඔබට සිහිපත් වෙනවා ඇති භූගෝල විද්‍යාව පාඩමේදී අපි ඉගෙන ගන්නවා ශ්‍රී ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610 ක් කියලා. නමුත් තවමත් කෘෂිකාර්මික රටක් විදිහට, මහා වැව් බැන්දේ ජාතියක් විදිහට, අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය විදිහට හැඳින්වුණු ජාතියක් විදිහට අපි අද ඉන්නේ කොතනද? අපිට අවශ්‍ය ආහාර ප්‍රමාණවත් ප්‍රමාණය වත් අපිට අපේ රට ඇතුලේ නිෂ්පාදනය කරන්න හැකි වෙලා තියෙනවාද? පිටරටින් ආහාර නැව් ආවේ නැත්තම් අපේ රටේ මොන තත්වයක් උදා වෙයිද?

ආපහු ප්‍රධාන මාතෘකාවට ගියොත් එහෙම අපි දැන් බලමු නෙදර්ලන්තයට මේ තත්වය ලබා ගන්න බලපාපු ප්‍රධාන හේතු මොනාද කියලා. ප්‍රධානම හේතුව තමයි ඔවුන් දියුණු වගා ක්‍රම භාවිතා කරමින් අක්කරයකට ලබාගත හැකි ඵලදාව විශිෂ්ට අන්දමින් වැඩි කරගෙන තියෙනවා.උදාහරණයකින් කිව්වොත් ලෝකයේ අල  වගාවකින් අක්කරයකට ආසන්න වශයෙන් ටොන් නමයක ඵලදාවක් ලබා ගනිද්දී නෙදර්ලන්තයේ අල ගොවීන් අක්කරයකින් අල ටොන් විස්සක පමණ ඵලදාවක් ලබා ගන්නවා.මේ දශක කීපයක සිට ඔවුන් භාවිතා කරන අඩු බිම් ප්‍රමාණයක් වැඩි පලදාවක් ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක්.

ඊට පස්සේ තාම වගාවන් සඳහා ඔවුන් භාවිතා කරන ජල ප්‍රමාණය. මේ වන විට ඔවුන් වගාවන් සඳහා ජලය භාවිතය සියයට 90 කින් පමණ අඩු කර ගැනීමට සමත් වෙලා තියෙනවා.දැන් ඔබ කල්පනා කරනවා ඇති ජලය නැතුව කොහොමද වගා කටයුතු කරන්නේ කියලා.වැස්ස නැති වුණා වගේ වගේම වැස්ස අඩු වුණාම වගාවන් පාළු වෙන අපේ රටේ නම් මේ කතාව පුදුමයට කාරණයක් වෙන්න පුළුවන්.නමුත් මෙහි ඉලක්කය සපුරා ගැනීමට නෙදර්ලන්ත ගොවින් එහි විවිධ දියුණු ක්‍රම භාවිතා කරනවා.

අනිත් දේ තමයි ඔවුන් වැඩි වශයෙන් තාම වගාවන් සඳහා හරිතාගාර ක්‍රමය භාවිතා කරනවා. සමහර හරිතාගාර අක්කර එකසිය හැත්තෑ පහක  පමණ වපසරියක් ආවරණය කරන තරමේ සුවිශාල හරිතාගාර. උත්තර ධ්‍රැවයට ආසන්න රටක් විදිහට වසර පුරා ම සාමාන්‍ය තරමේ ශීත කාලගුණයක් පවතින නෙදර්ලන්තය තුළ හරිතාගාර භාවිතය මගින් වගාවන් සඳහා අවශ්‍ය උෂ්ණත්වය සාර්ථකව පාලනය කිරීමට ඔවුන්ට හැකි වුණා.ඒ වගේම මේ තුළින් පසේ තෙතමනය විද්‍යාත්මක ක්‍රම මඟින් ගණනය කර ඒ අනුව වගාවන් සඳහා භාවිතා කළ යුතු ජල පරිමාණය ඔවුන් තීරණය කළා.මේ ක්‍රමය මඟින් ඔවුන්ට බොහෝ වාසි ලබාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට මේ හරිතාගාර තුළ රසායනික කෘමිනාශක භාවිතය සම්පූර්ණයෙන් පාහේ නතර කරන්න ඔවුන් සමත් වුණා. මේ හරිතාගාර ක්‍රමය භාවිතා කරීම නිසා මේ වන විට ලෝක ලොව විශාලතම තක්කාලි අපනයනකරු බවට පත්වීමට පත්වීමට නෙදර්ලන්තයට හැකියාව ලැබුණා.සාමාන්‍යයෙන් තක්කාලි වගාවට ගැළපෙනම ගැළපෙනම දේශගුණය ලෙස සැලකුණේ උණුසුම් කාලගුණයක් සහිත රටවල්.නමුත් හරිතාගාර භාවිතය මගින් මේ කාලගුණ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න නෙදර්ලන්තයට හැකි වුණා.

2009 වන විට මස් කර්මාන්තයේ යෙදෙන නෙදර්ලන්ත ජාතිකයන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ තමයි තමන්ගේ මස් නිෂ්පාදන සඳහා කෘතිම හෝමෝන බාවිතය  සීයට හැටකින් අඩු කරගැනීමට හැකිවීම. මේ තුළින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනපදයේ සහ යුරෝපයේ වෙළඳපොළවල් තුළින් නෙදර්ලන්තයේ නිෂ්පාදනය කරන මස් වර්ග සඳහා ඉල්ලුම ඉහල ගියා.විශේෂයෙන් සඳහන් කරන්න ඕන දේ තමයි පාරිභෝගිකයන් මේ සදහා සඳහා සාමාන්‍ය මස් වලට වඩා වැඩි මුදලක් ගෙවිය යුතු වෙනවා.නමුත් ගෙවන මුදලට සාපේක්ෂව මස්වල ප්‍රමිතිය ඉහල නිසා ඔවුන් නෙදර්ලන්තය අපනයනය කරන මාත් සඳහා තම වෙලඳපොලවල ප්‍රමුඛතාවය ලබා දෙනවා.

මේ විවිධාකාර ක්‍රමෝපායන් භාවිතා කිරීම මගින් ඔවුන් එළවළු පලදාව 28% කින් වැඩි කර ගනිද්දි ඒ සඳහා වැය කළ යුතු මිනිස් දින ප්‍රමාණය සියයට 6කිනුත් අතිරේක පොහොර භාවිතය සියයට 29 කින් අඩු කර ගැනීමට සමත් වුණා.

එතෙක් කල් නෙදර්ලන්තය ප්‍රසිද්ධව පැවතියේ ටියුලිප් මල් සහ පාවහන් අපනයනය කරන රටක් විදිහට.නමුත් අද වන විට ඔවුන් ටියුලිප් මල ඒකාධිකාරිය ආරක්ෂා කර ගනිමින් ආහාර අපනයනය පෙරමුණ ගෙන සිටිනවා.

නෙදර්ලන්තයේ කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා ඍජුවම බලපෑවේ වෙනත් ක්ෂේත්‍රයක දියුණුවක්.මේක ශ්‍රී ලංකාවේ අපිත් ඉගෙන ගත යුතුම පාඩමක්.නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් නගරයට මදක් ඈතින් පිහිටා තිබෙන වැනිග්නෙන් විශ්ව විද්‍යාලය සහ පර්යේෂණාගාරය කෘෂිකර්මයේ ඵලදායිතාවය වැඩිකිරීම පිළිබඳව විවිධ පර්යේෂණ කටයුතු මෙහෙයවනු ලබනවා.මේ හරහා ඔවුන් නෙදර්ලන්ත ගොවීන් සඳහා නව තාක්ෂණවේද රැසක් හඳුන්වා දුන්න.සාමාන්‍යයෙන් වගා කිරීමට වඩා සාපේක්ෂව වැඩි වියදමක් අස්වැන්න නෙළීම සඳහා වැය වෙනවා.ඒ ඒ සදහා මිනිස් ශ්‍රමය අවශ්‍ය වන නිසා.මේ සඳහා විකල්පයක් ලෙස මෙම ආයතනය මගින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ට්‍රැක්ටර් යන්ත්‍ර හඳුන්වා දෙනු ලැබුවා.ඒ වගේම අද වෙනකොට ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන යානා ඡායාරූප ශේත්‍රය සදහා පමණක් භාවිතා වුණත් නෙදර්ලන්තය තුළ  විශේෂයෙන් සකස් කරන ලද ඩ්‍රෝන යානා වගාවන් වල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරනවා.කිරි සහ මස් පරිභෝජනය සපුරන ගොවිපොළවල්වල  සතුන් සඳහා විවිධ එන්නත් වර්ග සහ වැඩි දියුණු කරන ලද සත්ව ප්‍රභේද හඳුන්වා දීම එම ආයතනය විසින් ගත් තවත් ක්‍රියාමාර්ගයක්. ඒ වගේම හරිතාගාර සඳහා විශේෂයෙන් සකස් කරන ලද LED විදුලි පහන් ආදිය මෙම ආයතනය විසින් ජනප්‍රිය කරන ලද තාක්ෂණික භාවිතාවක්.මේ සියල්ල ක්‍රමයන් හරහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඵලදායිතාවය සහ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාවය සියයට සියයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවුණා.මේ නිසාම තාක්ෂණික ව්‍යාපාර වල කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ඇමරිකාවේ එක්සත් ජනපදයේ  සිලිකන් වැලි අනුගමනය කරමින් මෙම ආයතනය ෆුඩ්වැලි ලෙස හදුන්වන්න ඇතැම් අය පෙළඹිලා තියෙනව.රජයටත් වඩා මේ ආයතනයේ පර්යේෂණ කටයුතු සඳහා තමන්ගේ ආධාර උපකාර ලබා දෙන්නේ පෞද්ගලික ආයතන විසින්.

අපි කලින් සඳහන් කලා වගේම නෙදර්ලන්ත ජාතිකයන් මුල් කාලයේදී වැඩි වශයෙන් අවධානය යොමු කරලා තිබ්බේ මල් අපනයනය කිරීම කෙරෙහි.නමුත් දශක හතකටත් වඩා අඩු කාලයක් තුළ දී නෙදර්ලන්ත ජාතිකයන් කෘෂි කර්මාන්තය කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කරන්න පෙළඹෙන්නේ එක්තරා අවාසනාවන්ත සිදුවීමක් නිසා.දෙවැනි ලෝක යුද්ධයේ දී ජර්මනිය විසින් නෙදරලන්තය යටත් කර ගැනීමත් සමග එරට ආහාර සැපයුම් මාර්ග බිඳ වැටුණා.ඒ වගේම නාසි ජර්මානුවන් ඉතා ඉතාමත් කෲර ලෙස නෙදර්ලන්ත ජාතිකයන්ගේ ආහාර ගබඩා කොල්ල කනු ලැබුවා.මේ නිසා නෙදර්ලන්ත වැසියන් දහදාහත් විසිදාහත් අතර ප්‍රමාණයක් කුසගින්නේ මිය ගියා.මේ මානව ඛේදවාචකය නිසා ජාතියක් එතෙක් තමන් අපට එන ඒ කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වැරදි බව ඔවුන් වටහා ගත්තා. එහි ප්‍රතිඵලයක් විදිහට  කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කිරීමට නෙදර්ලන්ත වැසියන් පෙළඹුණා.අද වෙනකොට ඔවුන් සිය සම්පූර්ණ * ආහාර අවශ්‍යතාවය සපුරා ගෙන කලින් සඳහන් කළා වගේම ලෝකයේ දෙවැනියට විශාලතම ආහාර අපනයනකරු බවට පත් වෙලා තිබෙනවා. මේ වන විට ඔවුන් ඔවුන් ලෝකයේ කුසගින්න නිවීම කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා. පර්යේෂණාත්මකව ඔවුන් සනාථ කර ඇත්තේ ඉදිරි වසර 40 තුළ මිනිස් වර්ගයාගේ කුසගිනි නිවීමට සඳහා මීට වසර 8000 ක පමණ කාලයක සිට මිනිසාට අවශ්‍ය වූ ආහාර ප්‍රමාණයටත් වඩා ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි.ඒ සඳහා නෙදර්ලන්තය මෙන් ම ලෝකය ද සූදානම් කරවීම ඔවුන්ගේ එක අරමුණක්.

ඒ වගේම ඔවුන් ඉදිරියේදී සතුන් සඳහාත් වගාවන් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට වගාවන් සඳහා අත්‍යාවශ්‍ය කෘමීන්ගේ පරිභෝජනය සඳහා වගා කිරීම ගැන ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා.මේ සියවස් ගණනාවක් පුරා අපේ ගොවීන්  දැන සිටි කුරුලුපාළුව නෙමෙයි ද කියන එක ගැන ඔබ පොඩ්ඩක් හිතලා බලන්න.අපේ රටේ බහුලව බහුල වශයෙන් දක්නට ලැබෙන කුරුල්ලන් කුරුල්ලන්ට අපේ කුඹුරු වල අහිතකර කෘමීන් කා දමනු ලැබුවා.ඔවුන්ට කෘතගුණ දැක්වීමක් විදිහට තමයි අපේ පැරැන්නන් කුරුලුපාළුව කියා කොටසක් වෙන් කළේ.නෙදර්ලන්තය වගාවට අහිතකර කෘමීන් ආහාරයට ගන්නා කෘමීන් පිළිබදව අවබෝධයක් තියෙනවා. ඔවුන්ගේ පර්යේෂණාත්මක  ගණනය කිරීම් වලට අනුව හෙක්ටෙයාරක බිම් ප්‍රමාණයකින්  මෙවැනි කෘමීන් සඳහා උපරිම ඵලදාවක් ඵලදාවක් ලබාගත හැකි අයුරින් වගාවන් සකස් කළ හැකියි.

ඒ වගේම ඔවුන් විවිධ රටවල සාම්ප්‍රදායික කෘෂිකර්මය තුළින් ඔවුන්ට ලබාගත හැකි ආදර්ශ පිලිබඳවත් විශේෂ අවධානයක් යොමු කරනවා.උදාහරණයක් විදිහට බාලි දූපතේ ගොවීන් තමන්ගෙ කුඹුරු වල මසුන් සහ තාරාවුන් බෝ කරනවා. ඒ මගින් ඔවුන් වාසි කීපයක් අත්පත් කර ගන්නවා.සතුන්ගේ මලපහ පොහොර බවට පත් වෙද්දි වගාවට අහිතකර කෘමින් මේ සතුන් විසින් ආහාරයට ගන්නවා.

ඒ වගේම නෙදර්ලන්තයේ මේ ජයග්‍රහණය පිටිපස්සේ රාජ්‍ය මැදිහත් වීම කියන්නේ මග හැරිය නොහැකි සාධකයක්.2017 වර්ෂයේ දී වර්ෂයේ දී රාජ්‍ය අයවැය යුරෝ මිලියන 75ක් වෙන්වුණේ කෘෂිකර්මය සඳහා තරුණ ගොවීන් ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහනක් සඳහා. ඒ යටතේ කෘෂි නිෂ්පාදන ආයතන පිහිටුවා ගනු ලබන තරුණ තරුණියන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙනු ලැබුවා.නමුත් අපේ රටේ තරුණ තරුණියන් කෘෂිකර්මය සඳහා ආකර්ෂණය කර ගැනීමේ  වැඩසටහනක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.බොහෝ වෙලාවට සිද්ධවෙන්නේ කෘෂිකර්ම උණෙන් පෙලෙන තරුණයන්ගේ කෘෂිකර්ම උණ රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා හොඳ වීම. ඔවුන් ඊට පස්සේ අ අට පහ රස්සා වලට හිර වෙනවා ඊට පස්සේ.නෙදර්ලන්තයේ මෙම රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියුණු දියුනුවට පත් වුණා පමණක් නොව එහි අනාගතය ද සුරක්ෂිත බවට පත්වුණා.

ඒ වගේම නෙදර්ලන්තයේ කෘෂිකර්මය අනාගතයෙදී තවත් විප්ලවකාරී වෙනස්කම්වලට ලක් කිරීමට වැනින්ග්නෙන් විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට තිරස් වගා බිම් වෙනුවට සිරස් ගොඩනැගිලිවල වගා බිම් සකස් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ආලෝකය සැපයීමට කෘතිම ආලෝක ප්‍රභවයන් භාවිතා කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ හරහා වගාවන් කෙරෙහි කාලගුණයේ බලපෑම සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ ඉලක්කය වෙත ළඟා වීමට නෙදර්ලන්ත ගොවීන්ට හැකි වෙනවා.

ඒ වගේම නෙදර්ලන්තය තුළ පමණක් මේ කෘෂිකර්ම දියුණුව සීමා කොට පවත්වාගෙන යෑමට ඔවුන්ගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ අපි කලින් සඳහන් කරපු වැනින්ග්නෙන්  විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ගෙන් බාගෙට බාගයක් විදේශිකයන්. නෙදර්ලන්තය ඔවුන්ට සිය පුරවැසියන් බවට පත් කර ගැනීමට වඩා උත්සාහ කරන්නේ ඔවුන් තුළින් නෙදර්ලන්තය කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ලබා ඇති දියුණුව ඒ රටවල් තුළ ඇති කිරීමයි .මෙම ආයතනය තුළ තුළ සිදු වෙන ඇතැම් පර්යේෂණ සෘජුව ම විදේශ රටවල කෘෂිකර්ම අභියෝග ජය ගැනීම හා බැඳී පවතිනවා.උදාහරණයක් විදිහට අප්‍රිකාවේ ඇතැම් රටවල පසෙහි නයිට්‍රජන් ප්‍රමාණය ඉතාමත් අවම අගයක් ගන්නවා.වාතයෙන් සිය නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරා ගන්නා බෝංචි ප්‍රභේදයක් බිහිකර ගැනීම බිහි කර ගැනීම ඔවුන්ගේ එක ඉලක්කයක් බවට පත්වී තිබෙන්නේ මේ හේතුව නිසයි.