ශ්‍රී ලංකාව අවට මුහුද මළ මුහුදක් බවට පත්වෙයිද?

මේ කොරෝනා වසංගතය නිසා අපේ රටට අනාගතයේ මුහුණ දෙන්න වෙන තර්ජනයක් පිළිබඳව නිසි පරිදි කතාබහක් ඇති වුණේ නැහැ.  ඒ තමයි මේ වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ලංකාව කැළඹෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළා.ඒ තමයි ලංකාවේ මුහුදු සීමාව ඇතුළේ මළ මුහුදු කලාප ඇති වීමේ අවදානමක් තියෙනවා කියන එක. මහා පරිමාණ අර්බුදයක් වීමට නියමිත මේ ගැටලුව කෙරෙහි ශ්‍රී ලංකා රජය වගේම සාමාන්‍ය ජනතාවත් අවධානය යොමු කළ යුතුයි කියලා තමයි ඔවුන් ප්‍රකාශ කළේ.අනාගතයේ ලංකාවට මුහුණ දෙන්න සිද්ධ වෙන මේ බිහිසුණු අභියෝගය ගැන මේ දවස් වල මාධ්‍ය හරහා නිසි ප්‍රචාරයක් ලබා දෙන්න කටයුතු කළේ නැහැ කියන එක කනගාටුවෙන් වුණත් කියන්න ඕන. මේ වෙන කොට අපේ මූලික අවධානය යොමුවෙලා තියෙන්නේ කොරෝනා වසංගතය පරාජය කිරීම වෙනුවෙන්.මේ නිසා විශ්වකර්ම අපි හිතුවා කොරෝනා වසංගතය පරාජය කිරීමෙන් පස්සේ අපේ අංක එකේ ප්‍රමුඛතාවයක් බවට පත් විය යුතු  මේ ප්‍රශ්නය ගැන වීඩියෝවක් ඔබ වෙතට ගෙන එන්න.අදට වඩා හෙට දවසේ මේ වීඩියෝවේ වැදගත්කම ඔබට දැනේවී.ඊට කලින් ඔබ මෙතෙක් ලංකාවේ අංක එකේ යූටියුබ් නාලිකාව වන විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ්  කරලා නැත්තන් සබ්ස්ක්‍රයිබ්  කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් දැනගන්න පසකින් තියෙන පුංචි බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩයක් මතක් කරන්න කැමතියි.

මුලින්ම අපි මොකක්ද මේ මළ මුහුදු කලාපයක් කියන්නේ කියලා පැහැදිලි කර ගමු. සමහර වගකීමක් නැති වෙබ් අඩවි වලට සහ යූ ටියුබ් නාලිකා වලට පිංසිද්ධ වෙන්න අපේ සමහර ශ්‍රී ශ්‍රී ලාංකිකයෝ හිතාගෙන ඉන්නේ මළ මුහුදක් කියන්නේ බොහෝම ආශ්වාදජනක අත්දැකීමක් දෙන තැනක් කියලා.මොකද මේ අය දන්නේ ඊශ්‍රායෙලයේ පවතින මළ මුහුදේ තත්ත්වය ගැන විතරයි.මළ මුහුදේ ගිලෙන්නෙ නැතිව පා වෙන්න පුළුවන් කියල බොහෝ දෙනෙක් දන්නවා. හැබැයි එහෙම වෙන්න හේතුව මොකක් ද කියන එක ගැන ඔවුන් අවදානය යොමු කරන්නේ නැහැ.

ශුද්ධ වූ බයිබලයේ පවා සඳහන් වන මේ මළ මුහුද පිහිටා තිබෙන්නේ ඊශ්‍රායලයේ. ඒ රටට සංචාරකයන් ගෙන එන ප්‍රමුඛ පෙළේ පෙලේ සංචාරක ආකර්ෂණයක් විදිහට මළ මුහුද හඳුන්වන්න පුළුවන්. හැබැයි එහෙම වෙලා තියෙන්නේ මළ මුහුදක් දැනට ලෝකයේ වෙනත් තැනකින් දැක ගැනීමට නොහැකි නිසයි.ලෝකයේ විවිධ තැන්වල මළමුහු මුහුද වල දකින්නට ලැබුණොත් මිනිස්සු මළ මුහුදට කොතරම් වෛර කරයිද කියන එක ඔබට මේ වීඩියෝව අවසානය දක්වාම අසා සිටි වීමෙන් පැහැදිලි වේවි.මේ  මළ මුහුද ඇතිවෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නෙ එහි තියන භූ විද්‍යාත්මක පිහිටීම.මේ නිසා මළ මුහුදේ ලුණු සාන්ද්‍රණය ඉතාමත් ඉහළ අගයක් ගන්නවා.මේ හේතුවෙන් මළ මුහුද තුළ කිසිදු සත්ත්ව විශේෂයක් හෝ ශාක විශේෂයක් පවතින්නේ නැහැ. මේ මොහොත තුළ කිසිදු ජීවයක් නොපවතින නිසයි නිසයි මේ මොහොත සඳහා මළ මුහුද යන යෙදුම භාවිතා කෙරෙන්නේ. ඒ වගේම බොහෝ දෙනෙක් මළ මුහුද මත පා වීම ආශ්වාදජනක අත්දැකීමක් විදිහට සැලකුවත් යම් විදියකින් මළ මුහුද තුළ ඔවුන් ගිලීයාම සිදුවුණොත් ඇතැම්විට අධික ලුණු සාන්ද්‍රණය ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ගේ ඇස් පෙනීම පවා අහිමි වී යන්න පුළුවන්. අපේ ප්‍රධාන මාතෘකාවෙන් යම්තාක් දුරකට  බැහැර වීමට සිදු වුවත් මළ මුහුද කියන දේ ගැන ඔබට පැහැදිලි කරන්න හිතුවේ, මේ ගැන ලංකාව තුළ පවතින විවිධ දුර්මත නිසා.මළ මුහුදේ  මේ ස්වභාවයට හේතු වෙලා තියෙන්නේ ස්වභාවික පිහිටීමක්. සමහරවිට ස්වභාවධර්මය විසින් මුහුදක් අජීවී ජල තලයක් බවට පත් වුනාම මොන වගේ තත්වයක් ඇති වෙයිද කත්වයක් ඇති වෙයිද කියලා මිනිසාට පෙන්වන්න මේ නිර්මාණය කළා වෙන්න පුළුවන්. හැබැයි මිනිසා එයින් පාඩමක් ඉගෙන ගෙන නැහැයි කියන එක ඊළඟට අපි කියන්න යන උදාහරණයෙන් ඔබට පැහැදිලි වේවි.

දැන් අපි ඔබත් එක්ක තොරතුරු  බෙදා ගන්න යන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා මළ බවට  පත්වුණු මුහුදක් ගැන. පාසල් යන කාලයේ ලෝක සිතියම් පොත අධ්‍යයනය කරපු අයට ඒරල් මුහුද, සමහර ව්‍යවහාර වලට අනුව ඇරල් මුහුද නමින් හැඳින්වෙන හුරු පුරුදු ඇති. පැරණි සෝවියට් දේශය ආසියාවේ දකුණු කොටසට මෙන්න වෙන්න පිහිටා තිබුණු මේ සුවිශාල මුහුද ලෝක සිතියමේ හඳුනාගැනීම ඉතා හදුනා ගැනීම ඉතා පහසුයි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පස්සේ  වර්තමානයේ කසකස්ථානය, උස්බෙකිස්තානය  සහ ටර්කෙමිස්ථානය යන රටවල්වලට මායිම්ව ඇරල් මුහුද පිහිටා තිබෙනවා.1960 වර්ෂයේදී එවක දී එවකට පැවති සෝවියට් සමූහාණ්ඩුව ඒරල් මුහුද පෝෂණය කරන ප්‍රධාන ගංගාව දෙකක් භාවිතා කරමින් දැවැන්ත ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නංවනවා.ඒ ගංගා දෙක සයර් ඩර්යා සහ අමු ඩර්යා ලෙස හැඳින් වෙනවා.ඔවුන්ගේ බලාපොරොත්තු වුනේ මේණේ මේ ගංගා දෙකේ ජලය නිසරු බිම වෙතට හරවා එම ප්‍රදේශ පෝෂණය කිරීම වගේම විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීමට කටයුතු කිරීමයි. නමුත් මේ දැවැන්ත ජල යෝජනා ක්‍රම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් ඇති වුණේ කවුරුවත් බලාපොරොත්තු නොවුන දෙයක්.මිනිසාගේ මෙම මැදිහත් වීම වසර ලක්ෂ ගණනක් ලෝකයේ කොටසක පැවති ඇරල් මුහුදේ විනාශයට හේතු වෙනවා.තාම ජල ජල පෝෂක වලින් අවශ්‍ය පරිදි ජලය නොලැබීම නිසා වසර 2000 පමණ වන විට ඇරල් මුහුද කොටස් දෙකකට බෙදී යන තරමට එහි ජල ප්‍රමාණය අඩු වෙනවා.

නැවතත් ඉන් දකුණු කොටස නැවතත් කොටස් දෙකකට බෙදී යමින් සිඳී යාමේ වේගය වැඩි වෙනවා.මේ හේතුවෙන් එවකට සතර වෙනියට විශාලතම අභ්‍යන්තර මුහුද විදිහට සැලකුණු ඇරල් මුහුදට එම ස්ථානය අහිමි වෙලා යනවා. මේත් එක්කම ඒ මුහුද වටා අනාදිමත් කාලයක ඉඳන් ඉඳන් තමන්ගේ ජීවිකාව සකස් කරගත ධීවර ජනතාවට තමන්ගේ ධීවර කටයුතු තවදුරටත් කරගෙන යෑමේ අවස්ථාව අහිමි වෙලා යන්නේ ඇරල් මුහුද තුළ මත්ස්‍ය සම්පත වඳ වීමත් එක්ක.මේ සදහා මූලිකවම බලපෑවේ  මුහුදු ජලයට විවිධාකාර රසායනික ද්‍රව්‍ය එකතු වීම.ඒ වගේම මුහුදු ජලය ලුණු සාන්ද්‍රණය අධික වීමත් එක්ක මුහුදු සුළං මගින් ලවණ තට්ටු වගා බිම් වෙත ගෙන ගියා.මේ නිසා එම පසෙහි ලවණ සාන්ද්‍රණතාවය වැඩි වීම නිසා සාම්ප්‍රදායික වගා කටයුතු  කරගෙන යාමේ අවස්ථාව ගොවීන්ට අහිමිව ගියා.මේ මිනිසා විසින් සිදු කරන ලද අනුවණකාරී ක්‍රියාවක ප්‍රතිඵල මිනිසාටම ඇස් පනාපිටම අත්විඳින්න වුණු අවස්ථාවක් විදිහට හදුන්වන්න පුලුවන්.

මේ වන වන විට කසකස්ථාන රජය ඇරල් මුහුද නැවතත් ප්‍රකෘතිමත් තත්වයට පත් පත් කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. නමුත් ඒ සඳහා ඔවුන්ට සුවිශාල මුදලක් ආයෝජනය කරන්න සිදුවී තිබෙනවා

ඉන් එක් ක්‍රියාමාර්ගයක් වන්නේ ඇරල් මුහුදේ උතුරු හා දකුණු කොටස් වෙන් කරමින් වේල්ලක් බැඳීමයි.මෙමගින් උතුරු ඇරල් මුහුදේ සිට දකුණු ඇරල් මුහුද ට ජලය ගලා ඒම නතර කිරීමට  සමත්වුණා. මේ හරහා යම් තාක් දුරකට උතුරු ඇරල් මුහුද ආශ්‍රිතව ධීවර කටයුතු නැවත ආරම්භ කිරීමට ජනතාවට හැකියාව ලැබුණා.නමුත් මෙම ගැටලුවට සියයට සීයක විසඳුමක් මේ වන තෙක්වනතෙක් ලැබී නැහැ.

අනාගතයේදී මධ්‍යධරණී මුහුදටත් මේ ඉරණමම අත් වනු ඇතැයි කියලා ඇතැම් පර්යේෂකයන් බිය පළ කරනවා.

අපි දැන් ලංකාව මුහුදු සීමාව තුළ මළ මුහුදක් ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු කිහිපයක් ගැන අපේ අවධානය යොමු කරමු. සමුද්‍ර දූෂණය සඳහා බලපාන අපද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා ඒ  ඝන අපද්‍රව්‍ය ද්‍රව්‍ය, ද්‍රව අපද්‍රව්‍ය සහ විෂ රසායන ද්‍රව්‍ය විදිහට.පොලිතීන්, ප්ලාස්ටික් සහ සෘජුෆෝම් වර්ග ආදි ඝන ද්‍රව්‍ය සාගර ජලයට එකතුවීම නිසා එකතු වීම නිසා සමුද්‍රයේ පාරිසරික පද්ධති වලට සිදුවන හානිය ලංකාවේ සමුද්‍ර දූෂණය කෙරෙහි වැඩි වශයෙන් බලපානවා. දැනට වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 8 ක ප්‍රමාණයක් වාර්ෂිකව ලෝකයේ මුහුදු වෙතට මුදාහැරෙනවා. ලංකාව මේ ආකාරයෙන් ඝන අපද්‍රව්‍ය සමුද්‍රයට මුදා හැරීමෙන්  සමුද්‍ර දූෂණය සඳහා ඉහළ ආකාරයෙන් දායකත්වය ලබා දෙන රටක්. පැසිෆික් සාගර කලාපය තුළ මෙවැනි  ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසා කෘතිම දූපත් පවා ඇතිවී ඇති වී තිබෙනවා.අපේ වෙරළ තීරුවක ඇවිදින ඕනම කෙනෙක්ට වෙරළ තුළ ගොඩගැසී තිබෙන විවිධාකාර අපද්‍රව්‍ය මුහුදට එකතු වීමේ සුලභ දර්ශනයක දැක ගන්න පුළුවන්.

බොහෝ දෙනෙක් ධීවර  සහ නැව් වලින් සිදුවන තෙල් කාන්දුවීම් ගැන වැඩි වශයෙන් කතා කළත් සාගර දූෂණය කෙරෙහි සියයට අසූවකටත් වඩා වැඩි ප්‍රමාණයක් බලපාන්නේ ගොඩබිම සිදුවන පරිසර දූෂණයයි.එසේම අපේ රටේ බොහෝ දෙනෙක් තුළ පවතින වැරදි මතයක් වන්නේ වෙරළ ආසන්න ප්‍රදේශයේ පිරිස් සමුද්‍ර දූෂණය සඳහා වගකිව යුතු බවයි.නමුත් එය අර්ධ සත්‍යයක්.රටේ විවිධ ප්‍රදේශවල පිරිස් භාවිතා කරන පොලිතින් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය මෙන්ම වගාබිම් වලට යොදන කෘෂි රසායන ද්‍රව්‍ය ද කර්මාන්තශාලා වලින් බැහැර කරන අපද්‍රව්‍ය ද ජලාශවලට මුසු වී අවසානයේ දී සාගරයට එකතු වීම සිදු වෙනවා.ඒ නිසා රටේ කිසිවෙකුට සාගර දූෂණය පිළිබඳ වගකීමෙන් නම් ගැලවී යාමට බැහැ.

සාගර දූෂණය නිසා බරපතළම හානිය සිදු වන්නේ මුහුදු ජීවි පද්ධති වලටයි.කැස්බෑවන් තල්මසුන් වැනි සත්ව වර්ග පොලිතින් ආහාරයට ගැනීම නිසා ඒවා ආහාර ජීරණ පද්ධතිය තුළ සිරවීම නිසා ඇතිවන සංකූලතා නිසා මිය යන්වා.එසේම සාගර ජලය තුළ පාවෙමින් පවතින පොලිතින් ඇතුලු ඝන අපද්‍රව්‍ය නිසා මුහුදට වැටෙන ආලෝක ප්‍රමාණය අඩුවී යනවා.ඒ හේතුවෙන් මුහුදු ශාකවල ප්‍රභාසංස්ලේෂණයට බාධා ඇතිවීමෙන් මුහුද තුළ පවතින ඔක්සිජන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වීම සිදුවෙනවා.එසේ ම මේ හේතුවෙන් මුහුදු ජීවීන්ට මෙන්ම ගොඩබිම වෙසෙන මිනිසා ඇතුළු ජීවීන්ගේ හුස්ම ගැනීමේ අයිතියත් අහිමි වී යනවා.ඒ කතාව ඇහුවම ඇතැම් විට ඔබ පුදුම වේවි නමුත් ඔබ නොදන්නවා උනාට ලෝකයේ මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රරමාණයෙන් වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීම සිදු කරන්නේ මුහුදු ශාක මගින්.

මුහුදු ශාක පද්ධති බිඳ වැටීමත්සමග ඒ හා ආශ්‍රිතව වාසය කරන ජලජ ජීවින්ගේ අභිජනනය කටයුතුවලටත් අහිතකර අයුරින්  බාධා ඇති වෙනවා. එසේම කොරල් පර මැරීයාම ආරම්භ වෙනවා.මේ වන විට ලෝකයේ සුවිශාලතම කොරල් පරය විදිහට සැලකෙන මහා බාධක කොරල් පරයට අත්වී ඇති අවාසනාවන්ත ඉරණම මේ අවස්ථාවේ අවස්ථාවේ දී මතක් නොකරම බැහැ.

ඒ වගේම මේ පොලිතීන් ඇතුළුව අපද්‍රව්‍ය  ආහාරයට ගන්නා මසුන් සිය ආහාරයට එක්කර ගැනීම නිසා වසරක් තුළ දී සාමාන්‍ය මිනිසෙකු ක්‍රෙඩිට් කාඩ් පතක ප්‍රමාණයක ප්ලාස්ටික් නොදැනුවත්කම ශරීරගත කර ගන්නා බව පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා.ශ්‍රී ලංකාව අවටම බොහෝ දේ මෙවැනි ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

එසේම සුනාමි ව්‍යසනයේදී පවා ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල සිදුවීමට නියමිතව තිබූ මහා විනාශයෙන් බේරා ගැනීමට හේතු වුණේ වුණේ කඩොලාන පද්ධතියයි.නමුත් අවාසනාවකට වගේ මේ කඩොලාන පද්ධතියේ වටිනාකම නිසි ලෙස වටහා නොගත් පිරිස් විසින් ඉවක් බවක් නැතුව මේ වටිනා ශාක පද්ධති විනාශ කිරීමට කටයුතු කරනවා.ඒ වගේම සමුද්‍ර දූෂණය නිසා මේ පරිසර පද්ධතිය ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතිනවා.

මේ වන විට තත්වය වඩාත් භයානක වන්නේ බෙංගාල බොක්ක  අවට ප්‍රදේශයේ මළ මුහුද මළ මුහුදක්නිර්මාණය වීමේ තත්වයක් ඇතිව තිබීමයි. අනාගතයේ දී මෙය ශ්‍රී ලංකාව දක්වා ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතිනවා.යම් හෙයකින් ශ්‍රී ලංකාව අවට මුහුද, මළ මුහුදක් බවට පත්වීම  සිදු වුවහොත් එය ධීවර කර්මාන්තය සිය ජීවිකාව ලෙස පවත්වා ගෙන යන සුවිශාල ප්‍රජාවකගේ ජීවන වෘත්තිය අහිමි වී යාමට හේතු වනු ඇත.ඊටත් වඩා

ඒ  මගින් ඇති වන පාරිසරික බලපෑම් වලින් සිදු වන ප්‍රතිඵල නිසි ලෙස පුරෝකථනය කිරීමේ හැකියාවක් නැහැ.

මේ වන විට ඇතැම් මුහුදු පරිසර පද්ධති වලින් ඒ පිළිබඳව යම් යම් ඉඟි ලැබෙමින් පවතිනවා. උදාහරණයක් විදිහට ඇතැම් තල්මසුන් වර්ග ශ්‍රී ලංකා මුහුදු සීමාව අත්හරිමින් වෙනත් මුහුදු කලාප වෙතට සංක්‍රමණය වීමේ  යම් අවදානමක් ඇති වී තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ අධික ලෙස තල්මසුන් නැරඹීම සඳහා සංචාරකයන් පැමිණීම සහ ජාත්‍යන්තර මගී නෞකාවල ගමන් වාර ගණන වැඩි විමයි.එසේම දිවයිනේ බොහෝ වෙරළ තීරවලින් කොරල් පර මිය යෑම පිළිබඳ ව වාර්තා වෙනවා.