CNN, BBC වැනි ජාත්‍යන්තර මාධ්‍ය කැලඹවීමට සමත් වූ ලක් ඉතිහාසය පිළිබඳව විස්මයජනක හෙලිදරව්ව

පසුගිය දින කිහිපය පුරාම ජාත්‍යන්තර මාධ්‍යවල ශ්‍රී ලංකාවේ නම දිගින් දිගටම කියවෙන්න පටන් ගත්තා. ඒකට හේතුව වුනේ අපේ රටේ ඉතිහාසය පිළිබඳව සිදුකරන ලද සුවිශේෂී සොයා ගැනීමක්. දැනට මානව විද්‍යාඥයන්  විසින් පිළිගන්නා විදිහට හෝමෝ සේපියන් මානවයා බිහිවෙන්නෙ අප්‍රිකාව තුළින්.ආරම්භයේදී මේ මානවයින් ජීවත් වෙලා තියෙන්නේ සැවනා තණබිම් වගේ ප්‍රදේශවල.ඒ කාලයේදී දඩයම් සඳහා මේ පිරිස් සරල ආයුධ භාවිතා කරලා තියෙනවා.අප්‍රිකාවෙන් බිහි වුණු මානවයා කෙමෙන් කෙමෙන් ලෝකයේ වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වෙලා තියෙනවා.මීට පෙර අප්‍රිකාවෙන් බැහරව ආදී හෝමෝ සේපියන් මානවයින් දුනු හී භාවිතා කරලා තියෙන බවට සාක්කි ලැබුණේ යුරෝපයෙන්. නමුත් පාහිංයගල ගල් ලෙන ආශ්‍රිතව සිදු කරන ලද කැණීමකිජ් හමු වූ සාධක එක්ක පළමු වරට අප්‍රිකාවෙන් බැහැර ව දුනු සහ ඊතල භාවිතා කළ ප්‍රජාවක සාක්කි ලැබුණු පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වුණා.යුරෝපයෙන් ලැබුණු සාධක වසර විසිදාහක් පමණ වන බව පුරාවිද්‍යාඥයන් විසින් කාල නිර්ණය කර තිබුණා. නමුත් පාහියංගල හරහා ලැබුණු සාධක වසර 48,000 ක් පමණ පැරණි වෙනවා.ලංකාවේ ඉතිහාසය පමණක් නොව සමස්ත මානව වර්ගයාගේ ඉතිහාසය පිළිබඳව සිදු කළ මේ විප්ලවය සොයාගැනීම පිළිබඳව වැඩිදුර විස්තර ඔබ සමග බෙදා ගන්න විශ්වකර්ම අපි තීරණය කළා.මේ වීඩියෝව සඳහා අපි එම පර්‍යේෂණ පත්‍රිකාව සහ එම පර්‍යේෂණ් පත්‍රිකාව පිළිබඳව ලොව පුරා පුරාවිද්‍යා සහ මානව විද්‍යා ක්ෂේත්‍රවල විද්වතුන් පලැ කළ අදහස් එකතු කළා.මේ තොරතුරුවලය යොමු වෙන්න කලින් ඔබට පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. ඒ තමයි ඔබ මෙතෙක් අපේ විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැණින් එසැණින් දැනගන්න පුංචි බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩය.

ආරම්භයේදී සඳහන් කරපු විදිහටම මේ විශිෂ්ට සොයා ගැනීම කරන්න මුල් වෙලා තියෙන්නේ තියෙන්නෙ පාහියන්ගල ලෙන ආශ්‍රිතව සිදුකරණ ලද කැනීම්කින් ලැබුණු සාධක.සමහර විට මේ වීඩියෝව බලන ඇතැම් අය පාහියන්ගල ගැන වුණත් නොදැන ඉන්න පුළුවන්.මේ නිසා අපි මුලින්ම පාහියන්ගල ගැන කෙටි විස්තරයක් කරලා ඉන්නම්. පාහියන්ගල තමයි ලංකාවේ හමුවෙන විශාලතම ස්වභාවික ලෙන. තනි කළු ගලකින් නිර්මාණය වී ඇති මේ අති දැවැන්ත ලෙන තුළ වරකට තුන් දාහකට පමණ නවාතැන් ගන්න පුළුවන්. මෙය පිහිටල තියෙන්නෙ තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කේ යටගම්පිටිය කියන ගමේ.ප්‍රදේශයේ පවතින ජනප්‍රවාද අනුව චීන ජාතික පාහියන් භික්ෂුන්වහන්සේ ලංකාවේ සංචාරය කරන අතරතුර මේ ලෙනේ තාවකාලිකව ලැගුම් ගෙන තිබෙනවා. ඒ නිසා උන්වහන්සේගේ නමින් මේ ලෙන සාමාන්‍ය ජනතාව අතර ව්‍යවහාර වු බව විශ්වාස කෙරෙනවා.ඇතැම් පැරැන්නට අනුව පාහියන්ගල මුදුනේ අතීතයේදී අතිදැවැන්ත අද්භූත පක්ෂි විශේෂයක් වාසය කර තිබෙනවා.ඇතැම් පිරිසක් ඒ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පක්ෂි විශේෂයක ශේෂ වූ සාමාජික පිරිසක්බව කීවත් එවැනි විශේෂයක් පිළිබඳව පිළිගත හැකි සාක්ෂී ලැබී නෑ.

පළමු වතාවට පාහියන්ගල පිළිබඳව පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යොමු වෙන්නේ 1968 වර්ෂයේදී.කෙසේ වෙතත් මෙම ලෙනෙහි කැණීම් කටයුතු ආරම්භ වන්නේ එක්දහස් නවසිය 1986 වර්ෂයේ දී.

පාහියන්ගල ආශ්‍රීතව මෙසේ සිදු කරන ලද කැණීම මගින් නුතන මිනිසා පිළිබඳව පැරණිතම සාධක ලැබුණු දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වුණා.එහිදි හමුවුණු අස්ථි කැබලිවලින් සකස් කරන ලද ආයූධ පුරා විද්‍යාඥයන්ගේ සුවිශේෂී අවධානයට යොමු වුණා.එම ආයුධ පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ කිරීමෙන් අනතුරුව මෙම මානව ප්‍රජාව දුන්න සහ ඊතල භාවිතා කර තිබෙනවා යන විශිෂ්ට සොයාගැනීම මේ පර්‍යේෂණ කණ්ඩායම සිදුකළා. මේ පුරාවිද්‍යා කණ්ඩායමේ ප්‍රධානත්වය දරලා තියෙන්නේ ඔස්ට්‍ර්ලියාවේ බ්‍රිස්බෙන්හි ග්‍රිෆ්‍රිත් විශ්ව විද්‍යාලයේ මයිකල් ලැන්ග්ලේ විසින්.ඊට අමතරව නොයෙල් අමානෝ,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  ඔෂාන් වෙදගේ,පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්‍ය ශීරාන් දැරණියගල,ජයවර්ධනපුර විශ්ව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  එම්.එම් පත්මලාල්, ආචාර්ය නිමල් පෙරේරා, නිකොලේ බොල්වින්, මයිකල්ඩී පෙට්‍රිග්ලියා සහ පැට්‍රික් රොබර්ට්ස් යන අය පර්‍යේෂණ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කර තිබෙනවා.

මේ පර්‍යේෂණ කණ්ඩායම කැණීම මගින් අනාවරණය කර ගෙන තිබූ අස්ථි කොටස් එකසිය තිහක් පමණ මයික්‍රෝස්පික් විශ්ලේෂණයක් සඳහා යොමු කර තිබූ අතර එම අස්ථිවල තුඩු වල සිදුවී තිබූ පිපිරීම් සහ හානි සිදුවීමකට හැකි එකම ක්‍රමය වන්නේ ඒවා වේගවත් ලෙස යම් යම් දෑ වල ගැටීම බව නිගමනය කෙරුණා.ඒ අනුව මෙම අස්ථි කොටස් ඊ තල ලෙස භාවිතා කළ ඇති බව තීරණය කෙරෙනවා.මේ පිළිබඳව මහාචාර්ය ලැන්ග්ලේ සහ ඇගේ කණ්ඩායම පසුගිය ජූනි දොළොස් වැනි දා සුප්‍රකට Science Advances සඟරාව සඳහා පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුනා. එම පර්‍යේෂණ පත්‍රිකාව මගින් ඔවුන් පවසා තිබුණේ මෙම අස්ථි වල යට කොටසේ ඇති කැපීම් සහ ගෙවී යෑම් සලකා බලන කල මෙම අස්ථි සිහින් දඬු වලට අල්ලා තිබූ බවයි.එසේම  පැරැණි මානවයන් භාවිතා කළ බටයක් ආධාරයෙන් කටින් ඊ තල පිඹ සතුන් දඩයම් කිරීමේ ක්‍රියාවලිය සඳහා භාවිතා කළ ඊ තල සඳහා මෙම අස්ථි තුඩු ප්‍රමාණයෙන් වැඩි බව පෙන්වා දී තිබුණා.ඒ අනුව මෙකී ඊතල භාවිතා කරමින් එවකට වැසි වනාන්තරයක් බවට පත්ව තිබූ ඒ අවට පරිසරයෙන් වඳුරන් සහ ලේනුන් වැනි කුඩා සතුන් දඩයම් කිරීමට පාහියන්ගල විසූ ආදි මානවයන් ක්‍රියා කරන්නට ඇතැයි යන නිගමනයට ඇය පැමිණ තිබුණා.ඒ වගේම එවැනි සතුන්ගේ පොසිල කොටස්ද මෙම කැණීම් ස්ථරයෙන් මතු කර ගැනීමට පර්යේෂණ කණ්ඩායමක සමත් වී තිබූ බවද විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.

මෙම පර්යේෂණය සඳහා සහභාගී නොවූ තවත් පුරාවිද්‍යාඥයෙකු වන ජොහැන්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ මර්ලිසේ ලොම්බාඩ් පවසන්නේ අප්‍රිකාවෙන් වසර හැට දාහකට පෙර දුණු ඊතල භාවිතා කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි මේ වන විට අනාවරණය වී ඇති බවයි.එම නිසා එම කාල සීමාව ට පසුව ලෝකයේ ඕනෑම තැනකින් මෙවැනි සාධක හමු වීම ගැන හමු වීම ගැන තමන් පුදුමයට වාර්තා නොවන බව ඔහු සඳහන් කර තිබුණා.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් මේ හමු වී ඇති දත්ත සුවිශේෂී සීටී ස්කෑන් පරීක්ෂාවකට යොමු කර වැඩිදුරටත් පර්යේෂණයක් පවත්වා එම අස්සෙ තුඩු එ වැනි වේගවත් ගැටීමකට හසුවීද යන්න පිළිබඳව ස්ථීර නිගමනයක් ලබා ගන්නා තෙක් තමන් එම පර්යේෂණය  පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව ඔහු පවසා තිබෙනවා.දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් ඊතල තුඩක් යැයි විශ්වාස කළ හැකි අස්ථි කැබැල්ලක් වසර හැට දාහක් පැරණි බව අනාවරණය කර ගත්තේ මෙවැනි පර්යේෂණයකට ලක් කිරීමෙන් අනතුරුවයි.එම පර්යේෂණ කණ්ඩායම සඳහා ආචාර්ය මර්ලිසේ ලොම්බාඩ්ද තම දායකත්වය ලබා දී තිබුණා.

උතුරු අයර්ලන්තයේ ක්වීන්ස්  විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය රයන් රැබාට් පවසා තිබෙන්නේ මේ හමුවී ඇති අස්ථි කොටස් දුණු ඊතල සඳහා භාවිතා කළ ඒවා කිව නොහැකි බවයි .ඊට ඔහු හේතුවක්ද ඉදිරිපත් කරනවා.ඔහු පවසන්නේ ඇතැම් විට මෙම අස්ථි කොටස් හෙල්ලවල්වල තුඩු සඳහා භාවිතා කළ ඒවා වන්නට ඇති බවයි.ඔහුට අනුව ඒවා භාවිතයෙන් ආදි මානවයින් මසුන් මරන්නට ඇති බවත් එ වැනි මත්ස්‍ය පොසිල පාහියන්ගල ලෙනෙන් හමු වී ඇති බව අප අමතක නො කළ යුතු බව සඳහන් කරනවා.එසේ ම ඔහුට අනුව ශ්‍රී ලංකාවේ ඝන වනාන්තරවල දඩයම් කිරීමේදී යම් විදිහකින් ඊතල තුඩු සොයා ගැනීමට නොහැකි තත්වයක් ඇති වුවහොත් එය ආදි මානවයාට යම් තාක් දුරකට අභියෝගාත්මක පරිසරයක් ඇති කළ හැකි බව ඔහු අනුමාන කරනවා.

එසේම පාහියන්ගල තුළින් හමු වී ඇති අනෙකුත් සත්ව කොටස් පරික්ෂා කිරීමේදී එහි විසූ මානව ප්‍රජාව ඇඳුම් සැකසීම, පැළඳීම සඳහා ඇට මාල සකස් කිරීම වැනි සංකීර්ණ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ පිරිසක් බව පැහැදිලි වෙනවා.

මහාචාර්ය ලැන්ග්ලේට අනුව ගල් යුගයේ සිටි ආදි මානවයන් දකුණු ආසියාවේ ඝන වනාන්තර තමන්ගේ නිවෙස ලෙස තෝරා ගනිද්දී ඔවුන්ගේ ජීවන රටාවේ සංකීර්ණ වෙනස්ක්ම් සිදු වී තිබෙනවා.එසේම හමු වී ඇති අස්ථි කීපයක් දණ්ඩකට සම්බන්ධ කර තිබූ බවට සාක්ෂි නොමැති නිසා ඒවා මසුන් දඩයම් කිරීමේදී හැම ලෙස භාවිතා කිරීම වැනි දේ සඳහා භාවිතා කළ බවට අනුමාන කළ හැකි බව පැවසෙනවා.එසේ ම තවත් අස්ථි 29 ක් පාහියන්ගල මානවයා හට වස්ත්‍ර සකස් කිරීම සඳහා හෝ සත්ව සම් ආධාරයෙන් බහාලුම් සකස් කිරීම සඳහා භාවිතා කර ඇති බවට නිගමනය වී තිබෙනවා.

මීට අමතරව පාහියන්ගල තුළින් සිප්පි කටු සහ මෝර දත් වලින් සකස් කරන ලද පබළු හමුව තිබෙනවා.මෝර දත් වලින් සකස් කරන ලද මෙම පබළු හමු වීමත් ඒක පුරා විද්‍යාඥයන්ට යම් ප්‍රශ්නයක් ඇති වුණා.ඒ ඒ මෙම මෝර දත් පාහියගල ප්‍රදේශයේ ජනතාවට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව.ඒ පිළිබඳව යම්කිසි යම් කිසි අනුමානයක් පුරා විද්‍යාඥයන් විසින් සිදු කර ඇති අතර ඒ පිළිබඳව මෙම වීඩියෝව අවසානයේ දී අවසානයේ දී අපි ඔබට සඳහන් කරන්නම්. එසේම මේ දක්වා ලොව හමු වී ඇති පැරණිම හිරියල්වලින් සකස් කරන ලද පබළුද හමු වී තිබෙන්නේ මෙම ලෙන තුළිනුයි. මේවා ආභරණ ලෙස සහ වෙනත් වැඩ කටයුතු  සඳහා තබා තිබූ ඒවා බවට විශ්වාස කෙරෙනවා.එසේම කැණීම් වලින් හමු වී ඇති රතු කහ සහ රිදී පැහැති සායම් වර්ග ශරීරය අලංකාර කිරීමට හෝ විවිධ ද අලංකාර කිරීමට භාවිතා වන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.

මෙම සියලු සොයා ගැනීම් අප්‍රිකාවෙන් සොයා ගත්  පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සමග සමපාත වෙනවා.ආරම්භක හෝමෝ සේපියන් මානවයා තුළින් සංකීර්ණ ජීවන රටාවන් මතු වීමට පටන් ගත්තේ මීට වසර ලක්ෂයකට පමණ පෙර බව අනුමාන කෙරෙනවා. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ට ජීවත් වීමට සිදු වූ නව පරිසරය අනුව ඊට හැඩ ගැහීමට ඔවුන්ට සිදු වීමයි.

කෙසේ වෙතත් අපි කලින් සඳහන් කළ පරිදිමඇතැම් පුරාවිද්‍යාඥයන් මෙම පර්යේෂණය පිළිබඳව යම් යම් සැක මතුකර තිබෙනවා.ඒ අතරින් එක් අයෙකු වන නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥයන් ජස්ටින් පාර්ගෙටර් පවසා ඇත්තේ පාහියන්ගල ප්‍රදේශයෙන් මෙම  ඊතල හමු වන අවධිය සංක්‍රාන්ති සමයක් බවත් හෝමෝ සේපියන්වරු මෙන්ම නියන්ඩර්තාල්වරුන්ද එම කාලයේ ජීවත් වූ නිසා මෙම ඊතල හෝමෝ සේපියන්වරුන්ට ම අයත් බවට ස්ථීර නිගමනයකට පැමිණීමට ඉක්මන් නොවිය යුතු බවයි.

කෙසේ වෙතත් මේ වන විට තවත් පුරා විද්‍යා පර්යේෂණ කණ්ඩායමක් ලංකාවේ වෙරළ තීරයේ කැනීම් කටයුතු වල නිරත වෙන,වා

ඔවුන් සැක කරන්නේ පාහියන්ගල ප්‍රදේශයේ වාසය කරන මානවයා සඳහා සිප්පි කටු වලින් සහ මෝර දත් වලින් සාදන ලද නිමැවුම් හුවමාරු කර ගත් තවත් ජන කොටසක් වෙරල ආශ්‍රිත අවශ්‍ය වීමට වැඩි ඉඩ කඩක් ඇති බවයි.

ඒ වගේම ලොව පුරා පුරා විද්‍යාඥයන් පුරාවිද් විද්‍යාඥයන් මේ වන විට ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි යන මතයට පැමිණ සිටිනවා.තව තව දුරටත් මෙවැනි ගවේෂණ යුරෝපයට සහ අප්රිකාවේ වෙරළබඩ  ප්‍රදේශවලට පමණක් සීමාවීම  නොකළ යුතු දෙයක් බවයි ඔවුන් වැඩි දුරටත් පවසා තිබෙන්නේ.මේ නිසා අනිවාර්යෙන්ම ඉදිරියේ දී ශ්‍රී ලංකාව වෙත පුරා විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥ විද්‍යාඥයන් පර්යේෂණ සඳහා පැමිණි කියලා අපිට හිතන්න පුළුවන්.

කොහොම වුණත් මේ සියලුම සොයාගැනීම් එක්ක අපේ ඉතිහාසය පිළිබඳව අපි ඒ හරියටම දන්නේ නෑ කියන කාරණය නම් පැහැදිලි වෙනවා.සාමාන්‍ය වංශ කතා වලට අනුව අපේ ලිඛිත ඉතිහාසය ආරම්භ වෙන්නේ විජය කුමරුගේ ආගමනයත් එක්ක.හැබැයි මේ වෙනකොට ලැබිලා තියෙන පුරාවිද්‍යාත්මක සාධකය විජය පැමිණීමටත් කලින් අනුරාධපුරය ප්‍රධාන වෙළෙඳ නගරයක් බවට පත් වෙලා තිබිලා තියෙනවා.ඊට අමතර ව දැන් මේ පාහියන්ගල ආශ්‍රව ලැබිලා තියෙන පිතව ලැබිලා තියෙන පුරා විද්‍යාත්මක සාධකයක අපේ ඉතිහාසයෙන් සුවිශාල කාලපරිච්ඡේදයක් තාම අපි ඉදිරියේ නිරාවරණය වෙලා නෑ කියන එක නම් සියයට සියයක් ම පැහැදිලියි