සීගිරියේ අභිරහස් දොරටු ගැන ඔබ පෙර නොඇසූ කතාවක්

සීගිරිය කියන්නෙ අපේ ඉතිහාසයටත් වඩා පැරණි තැනක්. ඇයි අපි එහෙම කියන්නේ කියලා වගේම මෙතෙක් කලක් එච්.සී.පී බෙල් ගැන ඔබ නොදැන හිටිය විස්තර රාශියකුත් අපි අද මේ වීඩියෝ හරහා ඔබත් එක්ක බෙදා  ගන්න බලාපොරොත්තු වෙනවා

මුලින්ම මේ කතාව ලෝකයට කියපු පුද්ගලයව හඳුන්වල දෙන එක අපේ යුතුකමක් කියලා අපි හිතනවා.ඒ තමයි ආචාර්ය සූරිය ගුණසේකර. අද වෙනකොට රාවණා ගැන විවිධ කතා කියන අය පඳුරක් පඳුරක් ගානෙ හිටියත් ඒ හැමෝටම කළේ රාවනා ඉතිහාසය ගැන නිශ්චිත හැදෑරීමක් කරන්න පටන් ගත්තේ අරිසෙන් අහුබුදු, ආචාර්ය සූරිය ගුණසේකර වගේ වියත්තු. ඒත් අවාසනාවකට වගේ අපිට යූ ටියුබ් නාලිකා හරහා නම් මුණගැහෙන්නේ බයිලා කාරයෝ.මේ වෙනකොට මහළු වියේ ඉන්න සූරිය ගුණසේකර මහත්තයා තමන්ගේ මුළු ජීවිත කාලය වගේ කැප කළේ මේ සම්බන්ධ ඉතිහාසය ගවේශණය කරන්න. දවසක් එතුමා තමන්ගේ මිත්‍රයන් කණ්ඩායමක් එක්ක සීගිරිය ප්‍රදේශයේ ගවේෂණ චාරිකාවක යෙදෙනවා.ඒ චාරිකාවේ දී එතුමාට විශේෂ පුද්ගලයෙක් විශේෂ කතාවක් අහන්න ලැබෙනවා.ඒ කතාව මොකක්ද කියලා මේ වීඩියෝ ලින්ක් එකෙන් ඔයාලට දැන ගන්න පුළුවන්.

Sigiriya Aerial View

මේ සීයා  කියපු දේ ගැන පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විශාල විවාදයක් තියෙනවා. සමහර මේ සීයා කියපු දේ ඇත්ත වෙන්න පුළුවන් කියලා තර්ක කරද්දී අනෙක් පිරිස මේ කතාව හාස්‍යයෙන් බැහැර කරනවා.

මේ විවාදය ගැන කතාව අමතක කරත් සීගිරිය කියන්නේ ප්‍රශ්න ගොඩක් මතු කරන තැනක්. අනුරාධපුර යුගයේ විශාල රජමාලිගා සංකීර්ණයක් පැවති බවට මොකක් හරි සාක්කියක් තියෙනවද? මේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවද කියලා ඔබට හිතන්න පුළුවන් වගේම අවශ්‍ය නම් ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයෙක්ගෙන් හරි විමසලා දැනගන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට එය උත්තරය විදිහට දෙන්නේ සාමාන්‍ය මට්ටමේ රජ මාලිගා මිසක් මාලිගා සංකීර්ණ අපේ ඉතිහාසයේ මුණ ගැහෙන්නෙ නෑ කියන එක.ඒ වෙනුවට අපේ ඉතිහාසය පුරාවටම මුණ ගැහෙන්නේ සුවිශාල ආරාම සංකීර්ණ.

එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ ඇයි කාශ්‍යප රජතුමා මේ වගේ  මාළිගා සංකීර්ණයක් ගොඩනැගුවේ කියන එක. ඒකට බොහෝ දෙනෙක් උත්තර දෙන්නෙ කාශ්‍යප රජතුමා තමන්ගේ සහෝදරයා වුණු  මුගලන්ගෙන් ආරක්ෂා වෙන්න සීගිරිය බලකොටුවක් ඉදි කළා කියලා.හැබැයි අපි අමතක කරන්න ඕන නැති දේ තමයි දකුණු ඉන්දියාවෙන් වරින් වර ආක්‍රමණ ගණනාවක් එල්ල වෙද්දීවත් අනුරාධපුරයේ රජවරු ඔය ආකාරයේ බලකොටුවක් ඉදි කළේ නැහැ කියන එක.අපේ රජවරු බොහෝ දෙනෙක් ඒ වගේ සතුරු ආක්‍රමණයක් එල්ල වෙච්ච හැම වෙලාවකම කළේ රුහුණු රාජධානියට පලා ගිහිල්ලා නැවත සේනා සංවිධානය වෙලා නැවතත් රජ රට අත්පත් කර ගන්න එක. අනෙක බොහෝ දෙනෙක්ගෙ මතය වෙන්නේ සීගිරිය බලකොටුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඉඩකඩ අල්පයි කියලා.

එතකොට එහෙම නම් සීගිරිය ගොඩ නැගුණේ කොහොමද? මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන සමහර විද්වතුන් මත පළ කරන්නේ, සීගිරියේ ඉතිහාසය කාශ්‍යප රජතුමාගේ කාලයටත් වඩා එහාට දිව යනවා කියලා. විශේෂයෙන්ම අරිසන් අහුබුදු සූරීන් සීගිරිය කියන නමේ මුල් ස්වරූපය සිව ගිරිය කියලා කිව්වා.ඒ වගේ ම එතුමා කිව්වේ රාවණා රජතුමාගේ වැඩිමහල් සහෝදරයා වුණු වූ කුවේරගේ මුල් රාජධානිය වුණේ සීගිරිය කියලා. රාවණා විසින් කුවේරව නෙරපුවාට පස්සේ කුවේර ඉන්දියාවේදී සීගිරිය අනුකරණය කරමින් ආලකමන්දා රාජධානිය ගොඩ නැගුවා කියලයි එතුමා කිව්වේ. ඒ වගේම මේ කතාවට සම්බන්ධ තවත් ප්‍රශ්නයක් අපි ඔබෙන් අහන්න කැමතියි.ඒ තමයි ඔබ හිතන විදිහට තාක්ෂණය දියුණු අවධියක සීගිරි මාලිගාවට පිවිසීමට හොඳම විදිහ පොළොවෙන් එන එකද  අහසෙන් එන එකද ? අහසින් කියලා ඔබ උත්තර දෙයි. රාවණා යුගයේදී දඬුමොණරය වගේ ආකාශ රථ භාවිතා වුණා කියලා දේ මතක් වුණාම ඔබට තවත් යමක් පැහැදිලි වෙයි.සීගිරිය කියන්නේ කිසිසේත්ම කාශ්‍යප රජතුමා කාලයේ ඇතිවුණු නිර්මාණයක් වෙන්න බෑ.

මේ කතාව අපි කිව්ව ගමන් තව කට්ටියක් අවි අමෝරාගෙන එයි. මහාවංශයේ පැහැදිලිවම සීගිරිය නිර්මාණය කලේ කාශ්‍යප රජතුමා කියලා සඳහන් වෙනවා කියලා අපි ඉදිරිපත් කරපු මතයට විරුද්ධ අය කියයි. ඒකට අපි දෙන උත්තරේ තමයි ඔයාලා හරිත් නෑ වැරදිත් නෑ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔයාලා ඕන තරම් ඕන තරම් දැකලා ඇති ජනාවාස වෙච්ච පරණ ගෙවල් ප්‍රතිසංස්කරණය කරලා සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් රේපයාර් කරලා හරි පදිංචියට පැමිණෙන අය. අන්න ඒ වගේ තමයි කාශ්‍යප රජතුමාත්. ශතවර්ෂ ගණනාවක් අත්හැරල දාල තිබ්බ රාවණා රාජ්‍ය සමය දක්වා දිවෙන මාලිගාවක් නැවත ප්‍රතිසංස්කරණයට ලක් කරලා එතුමාව පාවිච්චියට ගත්තා.

හැබැයි ඒ වෙනකොට අහසින් යන්න අවශ්‍ය තාක්ෂණය ලංකාවේ තිබ්බෙ නැති නිසා එතුමාට පොළොවෙන් යන්න වුණේ.

මේ විදිහට කාශ්‍යප රජ සමයට වගේම රාවණා රජ සමයට අයත් බොහෝ අභිරහස් වලින් සීගිරිය පිරිලා පවතිනවා. අපේ එක් කලින් වීඩියෝ එකේ සදහන් කරලා තියෙන විදිහටම තාම අපි සීගිරියෙන්  දකින්නේ කොටසක් විතරයි කියන කතාව රහසක් නෙමෙයි.අද වෙද්දි දහඩිය මුගුරු දාගෙන සීගිරිය මුදුනට සාමාන්‍ය සංචාරකයෝ නැග්ගාට රජ  කෙනෙක් එහෙම නගියිද කියන ප්‍රශ්නය තියෙනවා.

මෙන්න මේ ප්‍රශ්නය ගැන කල්පනා කරද්දි ඕනම කෙනෙක්ට අර සීයා කියපු කතාවේ යම් ඇත්තක් තියෙනවා කියලා සාධාරණ සැකයක් මතු වෙන්නේ ඕන.යම් විදියකින් සීයා කියන දේ පිළිගන්න බැරි වුණත් අපි අද සීගිරියට නැගීම සඳහා භාවිතා කරන ක්‍රමයට හාත්පසින් ම වෙනස් ක්‍රමයක් එදා භාවිතාවුණා කියලා හිතන්න පුළුවන්.

එක ක්‍රමයක් තමයි අර වීඩියෝ එකේ සඳහන් වෙලා තියෙන කර්කටක යන්ත්‍රය.මේ කර්කටක යන්ත්‍රය ගැන සදහනක් අපිට මහාවංශය තුළත් මුණ ගැහෙනවා. හැබැයි ඒ සීගිරිය ගැන කියන තැන නෙමෙයි. හැබැයි සීගිරි කතාවට යම් සම්බන්ධයකුත් තියෙනවා. ඒ තමයි මේ මේ අවස්ථා දෙකේදීම යක්ෂ ගෝත්‍රය සම්බන්ධ වෙනවා. පණ්ඩුවාසදේව රජතුමා තමන්ගේ දියණිය වුණු  උන්මාද චිත්‍රාව ආරක්ෂා කරගන්න එක්ටැම්ගෙයක සඟවල තිබ්බයි කියන කතාව අපේ රටේ පොඩි ළමයෙක් වුණත් දන්නවා. මේ එක්ටැම්ගෙට අවශ්‍යය දේවල් සපයල තියෙන්නෙ කර්කටක යන්ත්‍රය භාවිතයෙන් කියල තමයි මහාවංශයේ සඳහන් වෙන්නේ. කකුළුවෙක්ගේ හැඩය ගත්ත වර්තමාන විදුලි සෝපානයක්  වගේ ක්‍රියාකාරීත්වයකින් යුතු මේ යන්ත්‍රය නිර්මාණය කිරීමේ දායකත්වය දුන්නේ යක්ෂ ගෝත්‍රයේ පිරිස් කියලා හිතන්න පුළුවන්. මොකද උන්මාද චිත්‍ර හා සම්බන්ධ කථා ප්‍රවෘත්තිය කියද්දී එක් ටැම් ගේ මුර කරන යෙදුවේ චිත්තරාජ සහ කාලවේල නම් යක්ෂයින් දෙදෙනා කියලා මහා වංශය විශේෂයෙන් සඳහන් කරනවා.

කොහොම වුණත් තාමත් සීගිරියට එදා රජ දවස නැග්ගේ කොහොමද කියන එක විසඳුනේ නැති ගැටලුවක්. මේ ගැටලුව ගැන හිතන කෙනෙක්ට මගාරින්න බැරි නම තමයි අර සීයා  සම්බන්ධ වීඩියෝ එකෙනුත් ප්‍රධාන චූදිතයා වෙලා ඉන්න එච්.සී.පී බෙල්. බෙල් සීගිරියට නගින්න ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ ලී වලින් හදාගත්ත ඉණිමං. ඊට පස්සේ තමයි යකඩින් හදපු අත්වැල් ඉංග්‍රීසි රජයට දන්නල නිර්මාණය කරවලා තියෙන්නේ. බෙල්ට එල්ල වෙන ප්‍රධානම චෝදනාව තමයි සීගිරිය කැණීම් කරද්දී සීගිරිය මුදුනට නගින්න සීගිරි ගල හරහා තිබුණු පහසු මාර්ගය වහල දැම්මා කියලා.ඒකට හේතුව විදිහට සඳහන් කරන්නේ ඒ මාර්ගය දිගට කුටි හමු වුණා කියලත් මේ කුටිවල විශාල වස්තු සම්භාරයක් තිබ්බා කියලත්.බෙල් මේ සියල්ල එංගලන්තය වෙත යැව්වා කියනවා.හැබැයි මේ කතාව මේ විදිහට වුණා කියලා වෙනත් සාක්කි නම් නැහැ. හැබැයි බෙල් කියන්නේ පෞද්ගලික ජීවිතයේ නම් එච්චර චරිතවත් පුද්ගලයෙක් නෙමෙයි කියලා අපි ඊළඟට කියන්න යන කථාවෙන් ඔබට පැහැදිලි වේවි.

බොහෝ දෙනෙක් හිතාගෙන හිටියට බෙල් තමන්ගේ අවසාන කාලයේ එංගලන්තයේ ගත කළා කියලා. ඒ අදහස වැරදියි. බෙල් 1937 දී මිය යන්නේ මහනුවරදී. ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සමු  දුන්නට පස්සේ බෙල් මාලදිවයින් දූපත් වල පුරාවිද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කරනවා. ඒ කාලයේදී මාලදිවයින පාලනය කරපු රජතුමා තමන්ගේ පෞද්ගලික යාත්‍රාව පවා බෙල්ගේ පරිහරණය වෙනුවෙන් වෙන් කරනවා.බෙල් මිය යද්දී වසර ගණනාවකින් ඔහු එංගලන්තයේ වාසය කරපු තමන්ගේ දරු පවුල බලන්න ගිහිල්ලා තිබ්බේ නැහැ. ලංකාවේ සහ මාලදිවයිනේ පුරාවිද්‍යා ගවේෂණ වල ආරම්භකයෙක්  විදිහට බෙල්ට ශාස්ත්‍රීය ලෝකය තුළ මහා පිළිගැනීමක් ලැබෙනවා. මේ නිසාම බෙල්ගේ දෙවෙනි පුතා වුණු සී.එෆ් බෙල් ගේ දියණියන් දෙදෙනෙක් තමන්ගේ  සීයාගේ චරිතාපදානය ලියන්න පටන් ගන්නවා. නැන්සි බෙල් සහ මාග්‍රට් බෙල් කියන මේ දෙදෙනා එවකට බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාල සේවය කරමින් හිටපු අය.මේ අය මේ පොත රචනා කිරීම සදහා තොරතුරු හොයන්න ලංකාවටත් එනවා.ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ අයව ඉතා ගෞරවයෙන් පිළි අරගෙන ඔවුන් දෙදෙනා ගේ සහභාගිත්වයෙන් අනුස්මරණ දේශනයක් සංවිධානය කරනවා. 1990 ට ආසන්න කාලයේ පැවැත්වුණු මේ අනුස්මරණ දේශනයට මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා.මේ පුවත්පත් වාර්තාවල ප්‍රතිඵලයක් විදිහට බෙල් කියන මිනිබිරියන්ට කිසිසේත්ම බලාපොරොත්තු නොවිච්ච දෙයක් ගැන අහන්න ලැබෙනවා. ඒ තමයි 1908 වර්ෂයේදී විතර  බෙල් සාවිත්‍රී අම්මා නම් කාන්තාවක් එක්ක සම්බන්ධයක් නිසා දියණියත් ලැබිලා තියෙනවා කියන කතාව. ඒ විතරක් නෙමෙයි 1906 දී බෙල්ට පුතෙක් ලැබිලා තියෙනවා.ඒ  පෙරුමාල් අක්කා නමැති කාන්තාවක් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදිහට. බෙල් ලංකාවේ ගත කරපු නිදහස් ජීවිතය ගැන එංගලන්තයේ වාසය කරපු බෙල්ගේ දරුවන් දැනගෙන සිටියේ නැහැ. කොහම වුණත් මේ මිනිබිරියන් දෙදෙනා  තම සීයා පිළිබඳව රචනා කරපු එච්.සී.පී බෙල් ආකියෝලොජිස්ට් ඔෆ් සිලෝන් ඇන්ඩ් ද මෝල්ඩිව්ස් කියන කෘතියට බෙල්ගේ ලංකාවෙ දරු පවුල් ගැනත් ඇතුළු කලා. බෙල් එංගලන්තයට රැගෙන ගිය බුදු පිළිමයක් මෑතකදී නැවතත් දළදා මාළිගාවට පරිත්‍යාග කිරීමට පැමිණියේ බෙල්ගේ එංගලන්ත පවුලේ සාමාජිකයන්.

එහෙම නම් ලංකාවේ කිසිම  යූ ටියුබ් චැනල් එකකින් ඔබට අහන්න නොලැබෙන අන්දමේ  විස්මය ජනක තොරතුරු රැසක් ගෙන එන විශ්වකර්ම තවත් වීඩියෝ එහෙකින් යළිත් මුනගැහෙමු.ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔබේ යෝජනා චෝදනා එහෙමත් නැත්නම් ගල් සහ මල් වලටත් අපි අපේ කමෙන්ට් තීරුව ඔබ වෙනුවෙන් විවෘත කරල තියෙනව