චමුදිතට ඇත්තටම ගැහුවෙ කවුද?

මේ සතිය ඇරඹෙන්නේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් වන චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාරයක් සහ ගල් ප්‍රහාරයක් එල්ල වීමේ ප්‍රවෘ ත්තියත් සමගය. බොහෝ දෙනෙකුට චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන නිතර නිතර මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබුනත්, ඒ හා සමානවම, චමුදිතගේ භූමිකාවම නියෝජනය කරන තවත් දෙදෙනෙකුගේ භාෂණයේ නිදහස සම්බන්ධව ප්‍රශ්න කෙරුනු බව ටිකක් අමතකව යන්නට ඇත. ඒ තවත් සමාජ ක්‍රියාකාරියෙකු සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් හඬ නගන ශෙහාන් මාලක අත්අඩංඟුවට පත්වීමත් තවත් සමාජ ක්‍රියාකාරියෙකු වන මනෝරාම වීරසිංහට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කට උත්තරයක් දෙන්නට කැඳවීමත් සමඟය. අද කතාව චමුදිත ගැන නිසා, අනෙක් දෙදෙනා ගැන අපි වෙන දවසක කතා කරමු.

චමුදිත කවුද, ඔහුගේ ආගිය මුලගිය සියල්ල ගැන බයෝග්‍රැෆියක් දෙන්නට අප මෙහිදී බලාපොරොත්තු වන්නේ නැත. ඔහුට එල්ල වූ ප්‍රහාරය මෙතරම්ම අපට ප්‍රශ්න කරන්නට, සංවාදයට නගන්නට ඇම්මක්ව ඇත්තේ ඇයි ද යන්න කෙනෙකුට හිතෙන්නට පුලුවන. “ඒක පොලීසියට භාර වැඩක්නෙ, කොහොමත් ඔයකාගෙ කට වැඩියි, නාට්ටාමි කටක් තියෙන්නෙ, හොඳ වැඩේ දැන්වත් පාඩමක් ඉගෙනගන්නැතිනෙ” වගේ එකක් එකෙකුට හෝ දෙන්නෙකුට වත් නොසිතෙන්නට ඉඩ නැත. අවුල ඇත්තේ එතැන නොව, ඔහු නියෝජනය කරන්නෙත් ඔබ අප මේ නියෝජනය කෙරෙන සාමාන්‍යය ජනතාව වීමයි.

චමුදිතගේ ශෛලිය හෝ ඔහුගේ ප්‍රශ්න අහන ස්ටයිල් එකට එකඟද නැත්ද යන්න පිලිබඳව ඕනැතරමක් ප්‍රශ්න, ඕනෑතරම් අයට තියෙන්නට පුලුවන. නමුදු ඔහුගේ වාග් විලාපය හෝ ඔහුගේ ප්‍රශ්න, ඔහුට අසූචි ගසා හෝ ගල් ගසා නිහඬ කරවන්නට යම් පුද්ගලයෙක් හෝ පාර්ශ්වයක් උත්සහ දරන්නේ නම්, හෙට ඔබටත් මටත් සමාජයේ ඇති ප්‍රශ්නයක් ගැන හඬක් නගන්නට උවමනා වුවහොත් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඒ ටිකමය. චමුදිත සමරවික්‍රමගේ මාධ්‍ය භාවිතාව පිළිබඳව යම් පාර්ශ්වයකට ප්‍රශ්නකාරී වන්නේ නම් එය මෙරට නීතියට අනුව අදාල අංශ වෙත පැමිණිලි කොට විසඳාගත යුතු තත්ත්වයක් විනා එය හැංඟිලා අහසට වෙඩි තියන ඒවා වලින් හෝ හැංඟිලා අසූචි බෑග් වලින් හෝ විසඳාගැනීමට යෑම මෙරට තහවුරු කර ඇතැයි කියන මාධ්‍ය නිදහස ගැන බරපතල ප්‍රශ්නයක් ඇති කරවන තත්ත්වයක් ය.

චමුදිතගේ ප්‍රහාරය සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ පක්ෂ විපක්ෂ දේශපාලන මන්ත්‍රීවරුන් එය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කරද්දී, නීතිය සහ සාමය පිලිබඳ අමාත්‍ය සරත් වීරසේකරයන්ගේ කිරිකැටි හුරතල් පුත් සචිත්‍ර අදීෂ විසින් වෙනමම අර් ථ නිරූපණයක් දෙන විදිහේ ප්‍රකාශයක් නිකුත් කර තිබිණ. එයින් හැඟවුනේ, අන් කිසිවක් නොව චමුදිතගේ ප්‍රහාරය අන් අය හෙලා දකිද්දී, ඔහු පමණක් චමුදිතගේ ප්‍රහාරය හෙලා දුටුවන් ඉලක්ක කොට ඔවුන් හෙලා දැකීමක් ලෙසටය.

පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක සිද්ධියක්ව පැවැති පියුමි හංසමාලි සහ සරත් වීරසේකර ඈඳා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුනු ප්‍රවෘ ත්තිය ඔබට මතක ඇතුවාට සැක නැත. චමුදිත විසින් අවස්ථා ගණනාවකදී හිරු මාධ්‍ය ඔස්සේ පමණක් නොව, චමුදිතගේ යූටියුබ් නාලිකාව ඔස්සේ පවා දැඩි ලෙස සරත් වීරසේකර අමාත්‍යවරයා විවේඡනය කරමින් ඔහුගෙන් සෘ ජුව ප්‍රශ්න කරන අවස්ථා පවා දැකගන්නට ලැබිණ. පියුමි හංසමාලි, කොළඹ ජනප්‍රිය හෝටලයක උපන්දින සාදයකට නිරෝධායන නීති කඩ කරමින් සභභාගී වී සිටීමත් ඇය සමඟ සිටි පිරිස අත් අඩංඟුවට නොගැනීම සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් පවා කෙලින් ප්‍රශ්න කරන්නට චමුදිතට කොන්දක් තිබිණ. එහි ප්‍රතිඵලයක් ලෙසට ඊට දින දෙකකට හෝ තුනකට පසු පියුමි ඇතුලු පිරිස නිරෝධායනය යොමු කෙරුනු අතර, සරත් වීරසේකර මහතාගෙ නම ඊට ඈඳෙන්නේ, පියුමිට ඇඳුම් බෑගයක් යවන්නට සහ ඔහු විසින් අනවශ්‍ය අයුරින් නිරෝධායනය සඳහා යමින් පැවැති වාහනය ආපසු හැරවීමට උත්සහ කිරීමත් සමඟය. මේ සම්බන්ධව සරත් වීරසේකර මහතාගෙ නම, සමාජ මාධ්‍යය හරහා දැඩි ලෙස උලුප්පා දමා තිබූ අතර ඔහුට සමාජයෙන් දැඩි ලෙස විවේඡනයන් පවා එල්ල විය.

අප දැන් එන් නේ කතාවේ හොඳම හරියටය. ඇත්තටම චමුදිතට ගැහුවේ කවුද? ඇයි ගැහුවේ සහ ඒකෙන් බලාපොරොත්තු වුනේ මොකක්ද? පලවෙනි ප්‍රශ්නයට උත්තරේ ඇත්තේ දෙවෙනි ප්‍රශ්නයට ඇති උත්තරේය. සාමාන්‍ය ජන සමාජය පැත්තේ ඉඳන් බැලුවොත්, ඕනම කෙනෙක් මේ වගේ දෙයක් කරන්නේ පරණ කෝන්තරයකට විනා වෙන මගුලකට නොවන බව ඕනෑම ගවයෙකුට වුව තේරුම් ගැනීමට පුලුවන. පසුගිය දිනවල චමුදිතගේ චැනලය ඔස්සේ, විකාශනය වූ අවසන් වැඩසටහන් 20 දෙස ඔබ අවධානයෙන් බැලුවහොත් ඔහු සමාජගත කොට ඇත්තේ දැඩි ලෙස පීඩිතව දුක් විඳින සාමාන්‍ය ජන සමාජයේ ප්‍රශ්න පිලිබඳවය. විශේෂයෙන්ම මෙරට දේශපාලනයේ උඩ අතුවල ඉන්න චරිත, රාජ්‍ය සේවයේ මුල් පුටුවල පින් පඩි කකා සැපට වැජඹෙන, සහ චීවරධාරීන් ලෙස හිඳිමින් දේශපාලනයේ වාසි තුලින් නිර් වාණය දකින චරිත සෘ ජුව ප්‍රශ්න කිරීමට චමුදිත ඒ සියලු වැඩසටහන් ඔස්සේ සමත් විය. ඇරත් මෙය චමුදිත බලෙන් කාව හෝ ගෙන්නාගෙන කරන ප්‍රශ්න කිරීමක් නොවේ. මීට අදාල පාර්ශ්වයන් සියල්ල ඔහු සමග සම්බන්ධ වන්නේත් සමාජය හමුවේ ඔවුනොවුන්ගේ මතය ජනගත කිරීම් ය. එයට පුද්ගලික පලිගැනීමක් වශයෙන් චමුදිතගේ නිවසට අසූචි ගහන්නට නිවට වූවා නම්, එයට කියන්නේ ඉල්ලං කෑමක් ලෙසය. එලෙස වැඩසටහන් වලට සම්බන්ධ වූ පාර්ශ්වයන් විසින් ඔවුන්ට එය කිරීමට හෝ ඔවුන්ට හිතවත් දේශපාලනයට සම්බන්ධ හෝ නොවන පිරිස් විසින් මෙය මෙහෙය වූවා විය හැකිය. දෛනිකව ඔහු කරන වැඩසටහන් හරහා නිර් මාණ වෙන හතුරන් ප්‍රමාණය වැඩි බව ඔහු පිලිගත යුතුය.

පුද්ගල කණ්ඩායම් වශයෙන් ගතහොත් පොලිස් දෙපාර්තුමේන්තුවේ උඩ පුටුවල සිටින ඇතැ මුන් පවා චමුදිත එක්ක ඉන්නේ එතරම් ඇයි හොඳයියකින් නොවන බව ඇත්තය. ඒ ඔහු පසුගිය දිනවල පොලිස්පති තුමාගෙ සිට සමහර පොලිස් පරීක්ෂක වරුන් දක්වා ම ඔවුන්ගේ ක්‍රියා කලාපයන් ගැන විවේඡනය කරන නිසාමය. සරත් වීරසේකර ඉන්නේ චමුදිත එක්ක අවුලෙන් වන්නට ඇතිය. එපමණක් නොවේ. පසුගිය දිනවල රූ රැජිණ කිරුලකට ඇරගත් පුෂ්පිකා ද සිල්වා සහ චන්දිමාල් වීරසිංහ අතර සාකච්ඡාවන් දෙස ආපහු විමර් ශනාත්මකව බැලුවහොත් ඊට අදාල දේශපාලන කණ්ඩායම් පිලිබඳවත් චමුදිත රෙදි ගැලවූ හැටි ඔබට අමතක නොවන්නට ඇත. විශේෂයෙන්ම පුෂ්පිකා ද සිල්වා සම්බන්ධව ඈඳුනු එල්ලුම් ගහ පෙන්නන්නට ඈ රැගෙන ගිය දේශපාලන චරිතය ගැනත් අපට අමතක කරන්නට නොහැකිය. දික්කසාද අවිවාහක කාන්තාවන්ට, පැණි හලන ඕනෑතරම් ෂුගර් ඩැඩීලා මෙරට ජීවත් වන බව ඔබ උනත් දන්නා කරුණකි. කොහොම උනත් මේ ලිපිය ලියන මොහොතට දින 14කට හෝ 15කට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් දැනට පිටවී, ජීවිතාරක්ෂාව සඳහා විදේශගතව ජීවත් වන ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත් ධර් මපාල සමග චමුදිත සිදුකරන සාකච්ඡාවකදී ඔහු මෙරට සාමාන්‍ය ජනතාව විසින් දැනගත යුතුව තිබුනු, බරපතල දේශපාලන රහස් රැසක් හෙළිදරව් කරගනු ලැබීය. මේ සියල්ල දේශපාලනිකවත්, ශ්‍රී ලංකා පොලීස් සේවය අතින් ගත්තත් එකී පාර්ශ්වයන්ට දැඩි ලෙස තර් ජනයන්ට එල්ල විය හැකි කරුණු කාරණා බව සැබෑ ය.

එවන් පසුබිමකදී ඔහු විසින් මේ සියල්ල, යලි යලිත් හාරා අවුස්සා බැලීම මෙරට දේශපාලනයට මරු පහරක් ගැසුවා වැනිය. චමුදිත දිනෙන් දිනම ඔහු වටා නිර් මාණය වන සතුරන් ප්‍රමාණය වැඩි කරගන්නවා කියන්නෙම ඔහු වටා ඇති තර් ජනයත් දිනෙන් දින වැඩි කරගන්නවා යන්න, සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට තේරෙන සාමාන්‍ය ඇත්තය. නමුත් ඔහුගේ වචන වලින්ම කියතොත් ඇත්ත වෙනුවෙන් කතා කරන, පීඩිත පන්තිය වෙනුවෙන් හඬ නගන කෙනෙකු නිහඬ කරන්නට වෑයමක් යම් පිරිසක් විසින් දරන්නේ නම්, එවන් අවස්ථාවක ඊට යට වී, එය ගණන් නොගෙන සිටිනවානම් හෙට තවත් කෙනෙකු ඒ හඬම අවදි කරන්නට පසු බට වීම අපට නැවැත්විය නොහැක.

ඒ නිසා මාධ්‍ය සදාචාරය කොහොම වුවත, මාධ්‍ය නිදහස රටේ වත්මන ජනාධිපතිවරයා විසින් තහවුරු කර ඇතැයි කියන වකවානුවක, මෙවන් සිදුවීමක් වීම අපට අතහැර දමන්නට කිසිසේත්ම නොහැක. ඊයෙ ලලිත්-කූගන්, අද චමුදිත, හෙට ඔබ සහ මම විය හැකිය. ඒ නිසා, ඔබත් මමත් නියෝජනය කරන, රටේ දුප්පත් පීඩිත පන්තිය වෙනුවෙන් හඬ අවදි කරන යම් කෙනෙක් වෙනුවෙන් තර් ජනයක් ඇති ඕනෑම විටෙක, ඒ වෙනුවෙන් එක පෙළට සිට ගැනීමට කිසි ලෙසකින්වත් රටට හිතැති, රටේ ජනයාට හිතැති මනුස්සකම් දන්නා කිසිම අයෙකුගේ පෞර්ෂ්‍යය නොවේ.

සටහන
අයිවෝ ඩෙනිස්