මේ ලක්ශණ 5 තියන සැමියෙක් සිටීනම් ඔබ වාසනාවන්ත බිරිදකි

සමහර කාන්තාවන් තමන්ගෙ සැමියා කොයිතරම් ආදරණීය, යහපත්, කෙනෙක් වුවත් එම ලක්ශණ යහපත් සේ හදුනා ගන්නේ නෑ. ඉතින් අපි අද ඔබට යහපත් සැමියෙකුගේ ලක්ශණ මොනාද කියල කියන්න හිතුවා.

1.ඔයා ආස දේවල්

ඔබ කැමති දෙයටම කැමති සැමියෙක් ලැබීම දුර්ලභය. මෙලොව 100% සමාන රුචියන් ඇති මිනිසුන් නැත. එහෙත් ඔබ කැමති දේට ගරු කරන සැමියෙක් ඔබට ලබා ගත හැක. ඔබ කැමති විලාසිතා ඔබ කල යුතු යැයි සිතන, ඔබ කැමති විනෝදාංශ වල ඔබ නියැලිය යුතු යැයි සිතන ඔබත් රුචි අරුචින් ඇති මනුශ්‍යයකු ලෙස දකින සැමියෙක් ලැබීම වාසනාවකි.

2.ඔබේ ජය මගෙ සතුටයි

මේ වනවිට කාන්තාවන් පෙර මෙන් පවුල වෙනුවෙන් තම පුද්ගලික දියුණුව අත් නොහරිති. කාන්තාවෝ විවාහයෙන් පසුවත් අධ්‍යාපනයේ යෙදෙමින් වෘත්තීය සාර්ථකත්වය හඹමින් කටයුතු කරති. ඇතැම් ආත්මාර්ථකාමී සහ ඊර්ෂ්‍යාකාර සැමියන් සිය බිරිද තමාට වඩා උසස් තත්වයක් ළගා කර ගැනීම නොයිවසයි. එයින් තමාට අවනම්බුවක් වනු ඇතැයි සිතා බිරිදගේ දියුණුවට හරස් වෙයි. ජීවිතේ සිහින සැබෑ කරගන්න ඉලක්ක සපුරා ගන්න ඉහල යන්න උදව් කරන සැමියෙක් ලැබී ඇති නම් ලොව බොහෝ ගැහැණුන් අතරේ ඔබ ඉතා වාසනාවන්ත වනු ඇත.

3.වරදින තැනදී

ඕනෑම කෙනෙක් අතින් අඩුපාඩු සිදුවේ. වැරදි තීරණ, නොදැනුවත්කම හෝ මොන යම් හේතුවක් මත වුවත් ඔබෙන් සිදුවූ වරදකදී ඔබව අපහසුතාවට පත් නොකර ,ඔබේ වැරදි පිටස්තරයන් ඉදිරියේ කියමින් ඔබට අගෞරව නොකරන සැමියෙකු ලැබීම වාසනාවකි.

4.සල්ලි නැතත් ආදරෙයි

මේවනවිට ලංකාවෙ බහුතරයක් කාන්තාවන් ඉපයීමට යොමු වී ඇත්තේ ඉපයීමක් නැති කතකට සැමියාගෙන් අඩු සැලකිලි , අගෞරව සහ අවනම්බුවක් සිදු වේ යැයි සමාජ ගතවී ඇති බැවිනි. එබදු පසුබිමක ඔබේ මූල්‍ය තත්වය ඉපයීම් සහ වත්කම් කුමන මට්ටමක වූවත්, ඔබට ආදරය සෙනෙහස ගෞරවය දැක්වීමට ඔබේ රැකියාව හෝ මුදල් හේතුවක් කර නොගන්නා සැමියෙක් ඔබට සිටී නම් ඔබ අතිශය වාසනාවන්ත බිරිදකි.

5.අගය කිරීම්

බිරිදක් කියන්නෙම අසීමිත කැපකිරීම් කරන කෙනෙකුට. ඒත් බහුතරයක් බිරින්දෑවරුන්ට තමන් කරන කිසිම දෙයක් ගැන අගයක් අහන්න ලැබෙන්නෙ නෑ. ඔබව අගය කරන ස්තූති කරන ඔබව වටින සැමියෙක් ඔබට ඉන්නවා නම් ඒක කලාතුරකින් ලැබෙන වාසනාවක්.