එයා කළේ මගෙන් සල්ලි ගරපු එක විතරයි – සංජානා

සංජානා කියන්නෙ බොහෝම පුංචි කාලෙකින් ප්‍රේක්ෂක ආදරය අප්‍රමාණව දිනාගත්ත කෙනෙක්.ඒ ගමන අවසානයේ ඇය දැන් හැමෝම ආදරය කරනතාරකාවියක් වෙලා.

ඒ විතරක් නෙවෙයි, ඇයට ඇය පැතූ විදිහේ පෙම්වතෙකුගේ හිමි වෙලා !!!මේ ඇය කියපු අලුත් කතාවක් නෙවෙයි.ෆේස්බුකේ ඉහළ පහළ යද්දි අපිට අහම්බෙන් හමුවුණු ඇගේ ඉපැරණි කතාවක්.

කොටින්ම කිව්වොත් ආදර්ශමත් කතාවක්…

“මට හිටපු බෝයි ෆෙර්න්ඩ් කෙනෙක් හිටියා. මම එයාට වරදක් කියන් නෑ, මම කියන දේකින් කාගෙ හරි හිත රිදුනා නම් මටසමාවෙන්න. මොකද අපි යාලුවුණාට පස්සෙ මුල් දවස් ටිකේ එයා වියදම් කළේ. යාලුවුණාට පස්සෙ මම බලන් නෑ, මෙයාගේසල්ලිද මගේද කියලා බලන් නෑ. දෙන්නගෙම සල්ලි එකයිනේ කියලා කනවා බොනවා. ටික කාලයක් ගියාට පස්සෙ අන්තිමවෙනකොට මගේ පොතේ මම එකතු කරපු සල්ලි බිංදුව වෙනකන් මම එයාට වියදම් කරලා..”

“එයා ඇඳුමක් ඇන්ඳත්, එයාගේ වාහනේට තෙල් පවා ගැහුවා. මාව බේරගත්තෙ මගේ අම්මා !! අම්මා දැනගත්තා මගේ පොතේසල්ලි නෑ කියලා. අම්මා හොයන්න ගත්තා ඒ කෙනාගේ හිස්ට්‍රිය. මගේ ඇඟේ හීගඩු පිපෙනවා දැනටමත් ඒක මතක් වෙනකොට. මං අදටත් එයාට වරදක් කියන් නෑ. එයා කරලා තියෙන්නෙ මගෙන් සල්ලි ගරපු එක විතරයි..”