ඔබේ සහකරු/ සහකාරිය තවමත් හමු නොවීමට හේතු 5ක්

බොහෝ අය තනිකමෙන් පීඩා විඳිනවා. ඒකට හේතුව තමයි ඒ අය හිතනවා තමන්ට ගැලපෙනම කෙනා හොයාගන්න බැරි වෙයි කියලා. එහෙමත් නැත්නම් ඔවුන් පැරණි ආදරය ගැන තවමත් හිතමින් දුක් වෙනවා.මේ වෙනකොටත් තමන්ගෙ සහකරු හෝ සහකාරිය මුණගැහිලා නැතිවෙන්න හේතු මොනවද කියලා තමයි මේ ලිපියෙන් අරගෙන ආවේ.

1.තහනම් පෙමක් ගැන සිතීම​

වෙන කෙනෙක්ට දැනටමත් ආදරය කරන කෙනෙක් ගැන හීන දකින එක තේරුමක් නැති වැඩක් වගේම ඔයාගෙ කාලය නාස්ති කරගැනීමක්. ඒ නිසා එයා දැන් යාලු වෙලා ඉන්න කෙනාට වඩා ඔයා හොඳයි කියලා හිතන්න එපා. හදිසියේවත් ඒ කෙනා ඒ සම්බන්ධය නවත්තලා ඔයා එක්ක යාලු වුණත් ඔයාට හිතෙනවා මෙයා මට වඩා හොඳ කෙනෙක් හම්බුණොත් කලින් කෙනාව දාලා ආවා වගේ ඔයාවත් අතහැරලා යයි කියලා. ඊට පස්සෙ හැමදාම බයෙන් හා සැකෙන් තමයි ජීවත් වෙන්න සිද්ද වෙන්නෙ.

2.හමුවන හැම කෙනාම ආත්ම සහකරු යැයි සිතීම​

දකින දකින හැම කෙනාම ඔබේ ආත්ම සහකරු කියලා හිතලා රවටා ගන්න එපා. ඔයාට ගැලපෙනම කෙනා හමුවෙනකන් ඉන්න. ඒ වගේමයි පළවෙනි පෙම් හමුවේදීම හදන ළමයින් ගාන, ළමයින්ට දාන නම් ගැන කතා කරන්න තරම් ඉක්මන් වෙන්නත් එපා. ඒ හැමදේම හෙමින් කතා කරන්න. ඕනෑවට වඩා ඉක්මනින් කටයුතු කරන එකෙන් අනිත් කෙනා ඔයා ගැන වරදවා හිතන්න පුලුවන්.

3.ප්‍රතික්‍ෂේප වීමට බිය වීම​

තව කෙනෙක් ඔයාට කැමති වෙන්න නම් ඔයා ඒ කෙනාට පේන්න හොඳ කෙනෙක් වගේ රඟපාන්න අවශ්‍ය නෑ. ඔයාගෙ ඇත්ත ස්වරූපයට කැමති කෙනා ඔයත් එක්ක ඉන්නවා. ඒ නිසා කාටවත් ඕන විදියට ඔයාව වෙනස් කරගන්න එපා. ඒ වගේම තමයි තවත් කෙනෙක්ව කැමති කරවගන්න හිතාගෙන ඔයා ඔයාගෙ ඇත්ත ස්වරූපය නැති කරගන්න එපා. ඔයා ඔයාම වෙන්න

4.තවත් කෙනෙක්ව විශ්වාස කරන්න අකමැති වීම

ඔයාට ඉඳලා හිටලා හමුවෙන හැම මිතුරෙක්වම විශ්වාස කරන්න ඉක්මන් වෙන්න එපා. එහෙම වුණාට නිතරම අනිත් අය දිහා අවිශ්වාසයෙන් හෝ සැකයෙන් බලන්න පුරුදු වෙන්නත් එපා. ​ඔයා කලින් ආදරේ කරපු කෙනා ඔයාව රිදවපු එකට අනිත් අය වගකිව යුතු නැති නිසා කලින් හිටපු කෙනා ගැන හිතන විදියටම අනිත් අය ගැනත් හිතන එක සාධාරණ නෑ.

5.පැරණි ආදර සම්බන්ධතාවයෙන් පීඩා විඳීම​

පැරණි ආදර සම්බන්ධතාවය ගැන හිත හිතා පීඩා විඳීමෙන් ඔයාගේ ජීවිතේට ලැබෙන දෙයක් නෑ. ඒකෙන් වෙන්නේ ඔයාට ඇත්තටම ආදරය කරන ඔයාගෙ ජීවන සහකරු වෙන්න හොඳම කෙනාව ඔයාට මගහැරෙන එකයි. ඒ නිසා දාලා ගියපු අය ගැන හිත හිතා කාලය නාස්ති කරන්නෙ නැතිව නැවතුණු තැනින් ජීවිතේ පටන් ගන්න.