ඇයි කොටට අඳින්නේ නැත්තේ කකුල් කැතද කියලා සමහරු අහනවා – උදාරි පෙරේරා

ප්‍රවේගය සිනමා නිර්මාණය හරහා කළා ක්ෂේත්‍රය පිවිසි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදාරි පෙරේරා කියලා කියන්නේ.

ඒ වගේම පවුල තමයි ඇයගේ ජීවිතේ පළවෙනිම දේ. ඉතින් ඇයගේ පුතාගේ වයස අවුරුදු 8 යි. ඉතින් පෙනී ඉන්න අම්මා කෙනකුට වඩා වැඩ කරන අම්මා කියලා ඇයව දැනෙන අම්මා කෙනෙක් වෙන්නලු ඇයට ඕන.. ඉතින් ඒ ලස්සන රැකගන්නට නම් පවුල වෙනුවෙන් කැප කිරීම් කරන්න ඕන කියලත් ඇය කියනවා. ඒ නිසා ලැබෙන හැම නිර්මාණයකටම නොයන්න ඒකත් හේතුවක් කියලයි උදාරි කියන්නේ.

ඇයට අවුරුදු 15 ක් 16 වගේ තේරුම් තියෙන කාලෙම ඕන වුණේ කවදා හරි විවාහ වුණාට පස්සේ දරුවෙක් හදන කාලෙට ඒ වෙනුවෙන්ම කාලය දෙන්නලු. ඒ වගේම දරුවා එක්කම ජීවත් වෙන්න, එයාව ගයිඩ් කරන්න, ඔය වගේ හේතු නිසා තමයි ඇය රැකියාවෙන් ඉවත් වෙලා තියෙන්නේ. නැතුව රංගනය නිසා නෙමෙයි.

ඒ වගේම ඇය කරන හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක් තමයි ඇයට ඉන්නේ. ඉතින් ඇය මොන දේ කරත් හරි දේ කරන්නේ කියලා ඔහු දන්නවා කියලයි උදාරි කියන්නේ. ඒ වගේම ඇයගේ පුතා ඇය කරන විලාසිතාවලට ගොඩක් ආසයි කියලත් උදාරි කියනවා. ඒ වගේම ඇය කොහොමත් වැඩිපුර ඇඟ පේන්න අඳින්නේ නැති නිසා එයා ඒකට කැමැතියිලු.

කොහොම නමුත් සමහරු ඇයගෙන් අහනවාලු ඇයි කොටට අඳින්නේ නැත්තේ කකුල් කැතද කියලා. ඉතින් එහෙම නෙමෙයි ඇයට ලස්සන මේන්ටේන් කරන ශරීරයක් තියෙනවා කියලයි ඇය කියන්නේ.