අවුරුදු 5ක් තිස්සේ වෙනිවැල් ගැට තම්බලා නාපු නිසයි මං මේ තරම් සුදු – දිලූෂි හංසිකා

කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිලූෂි හංසිකා කියන්නේ.රණ නාලිකාවේ විකාශනය වන ධරණි ටෙලිනාට්‍යයේ විනුලිගේ චරිතය හරහා ඇය මේ දිනවල ප්‍රේක්ෂකයින් හමුවට එනවා

ඒ වගේම ඇය පුංචි කාලේ ඇයගේ අම්මා ඇයව අවුරුදු 5ක් වෙනකන් වෙනිවැල් ගැට තම්බලා නාවලා තියනවාලු. ඒ නිසා ඇය මේ තරම් සුදු වෙලා තියෙන්නේ. ඒ වගේම පුංචි කාලේ ඉඳන්ම ඇයට කැමැත්ත තිබිලා තියෙන්නේ නීතිඥවරියක් වෙන්න. කොහොම හරි හොඳින් අධ්‍යාපන කටයුතු නිමා කරලා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න ඇයට වාසනාව හිමිවෙලා තියෙනවා.

 ඇයගේ ඇත්ත ජීවිතේත් බොහෝ දේවල් ධරණි ටෙලිනාට්‍යයේ විනුලිගේ චරිතයට සමානයිලු. ඉතින් සැබෑ ජීවිතයේදීත් ඇය ටිකක් නපුරු කෙනෙක් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ධරණි කියන්නේ ඇයගේ පළමු ටෙලි නාට්‍ය නිසා ගොඩක් කැපවීමෙන් ගොඩක් දේවල් ඉගෙන ගනිමින් තමයිලු ඇයට මේ ටෙලිනාට්‍යයට දායක වෙන්න වෙලා තියෙන්නේ