මම කියන්නෙ අම්මා තාත්තා සීයට පනහ පනහ දරුවා හදන එකට දායකත්වය දෙන්න ඕනි – උපේක්ෂා ස්වර්ණමාලි

එදා ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු උපේක්ෂා ස්වර්ණමාලි අදටත් එදා මෙන්ම ජනප්‍රියයි. ඒ වගේම ඇය දැන් ආදරණීය දෝණියෙක්ගේ අම්මා කෙනෙක්.

ජීවිතේ වේදනාබර කාලවල් බොහෝමයක් පහු කරන් ආපු ආදරණීය අම්මා කෙනෙක් විදිහට ඇය මුහුණු දුන්නු අත්දැකීම් ඇය මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ බෙදා හදාගෙන තිබුණා.

මේ තියෙන්නෙ ඒ සාකච්ඡාවෙන් කොටසක්… “ඔයා විශ්වාස කරයිද දන් නෑ, මගේ කනට ඇහිච්ච දේ, දරුවෝ දහදෙනෙක් ඉපදෙනකොට නවයකටම සෞඛ්‍ය ගැටලු තියෙනවාලූ. මගේ දෙයියන්ට මම කෝටිවාරයක් පින් දෙනවා මගේ දරුවා අර දහ දෙනාගෙන් බේරෙන එක්කෙනා වුණාට.

මම විශේෂ දෙයක් කළේ නෑ. මගේ ව්‍යෛවරයා.. ඔහු ඇත්තටම හොඳයි. මම හිතන්නෙ හිතේ සැනසිල්ල හරියට වැදගත් වෙනවා. ජීවිතේ සරල වෙන තරමට ස්භාදහමට අවංක වෙන තරමට ගැටලුවක් වෙන් නෑ. මම පිටිකිරි දුන්නෙම නෑ. මම නම් ඒක අනුමත කරන්නෙත් නෑ.

ස්භාදහමෙන් නිකන් අපිට දීලා තියෙනවා. ඇයි අපි අහක තියෙන ලෙඩ දාගන්නෙ…” “අද මම යි සැමියයි වෙන්වෙලානේ ඉන්නෙ. නමුත් මගේ අත්දැකීම අනුව මම කියන්නෙ අම්මා තාත්තා සීයට පනහ පනහ දරුවා හදන එකට දායකත්වය දෙන්න ඕනි. ඒකත් සොබාදහමේ කොටසක්.

අපේ මිනිස්සු ගොඩක් වින්දනය විතරක් මුල් කරන් ඉන්න සමාජයක්. දරුවෝ ඉපදුනාට පස්සෙ වෙන්වෙන පවුල්වල සීයට හැත්තෑ ගාණක්ම නඩත්තු කරන්නෙ අම්මලා. පැහැදිලිව එහෙම විය යුතු නැහැ.”