කීදෙනෙක් එක්ක විවහා වෙයිද, කිදෙනෙක්ගෙන් ඩිවෝස් වෙයිද, කියලා මන් වත් දන්නේ නෑ – හර්ෂි රසාංගා

සුජාතා ටෙලි නිර්මාණයෙන් හැමෝගෙම ආදරය දිනාගත්ත හර්ෂි දැන් පුංචි තිරයේ පෙම්වතියක් දක්වා දුර ඇවිත්.මම පුංචිම කාලේ මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට. හය වසරෙදි තමයි මට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණේ. .

ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරයට අපි ගැන හොයනවා. ඒ උනාට මම මගේ පුද්ගලිකත්වයට ගොඩක් කැමතියි, සමහර අය කරන දේවල් නිසා මට රංගනයෙන් අයින් වෙන්නත් හිතෙනවා. හැබැයි දැන් මට දැනෙනවා අපි ආශ්‍රය කරන සමහර අයට එයාලා හිතපුවත් නැති දේවල් වෙලා තියෙනවා කියලා ඉතින් මට වෙච්ච දේවල් මොනවද කියලා හිතෙනවා. දැන් ඉතින් මම පොඩි පොඩි දේවල්වලට වැටෙන්නේ නැතිව කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා කළත් මගේ ගමන යනවා.

ඉතින් ඒ වගේම ආදරේ ගැන කතා කරනකොට ඇය විස්වාස කරන දෙයක් තමයිලු තමන්ට ගැලපෙන කෙනෙක් කොහේ හරි තැනක ඉන්නවා කියන දේ. ඉතින් ජීවිතේට ගැලපෙනම කෙනා හම්බ වෙනකම් හරිම පරිස්සමෙන් අනිත් අයත් එක්ක ගනු දෙනු කරන්න ඕන කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම කෙනෙක්, කීදෙනෙක් එක්ක යාලුවෙනවද, එයා කීදෙනෙක් එක්ක විවාහ වෙනවද, ඩිවෝස් වෙනවද කියන දේ කවදාවත් අපිට වෙනස් කරන්න බැහැ කියලත් ඇය කියනවා. ඒවා ජීවිතේ ලියවිලා තියන විදිහටලු වෙන්නේ. ඉතින් වැරැද්ද ගැහැණු කෙනාගේ වුනත් පිරිමි කෙනාගේ වුනත් දෙගොල්ලොම මිනිස්සු කියලයි ඇය කියන්නේ.