ඔබේ පියයුරු වල හැඩය අහිමි කරවන වැරදි පුරුදු 5ක්

කාන්තාවකගේ රූපය ගැන කතා කිරීමේදී පියයුරු වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. පියයුරු තදට සහ මනා හැඩයකින් පවත්වා ගැනීම වැදගත් කරුණක්. එත් සමහර කාන්තාවන්ගේ වැරදි පුරුදු නිසා පියයුරු වල නියමිත හැඩය නැති වෙනවා. ඉතින් අද අපි තීරණය කළා කාන්තාවන් අතින් සිදු වන මේ වැරදි ගැන කතා කරන්න.

1.උණු ජලයෙන් ස්නානය කිරීම

උණුසුම සමට කොහොමත් අහිතකරයි. දිගු කාලයක් තිස්සේ උණුසුම් ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම නිසා පියයුරු වල සම ඇදීමකට ලක් වීමටත්, එල්ලා වැටීමටත් අවදානමක් පවතිනවා. ඒ වෙනුවට සිසිල් ජලය භාවිතා කරන්න. ඔබට හැකි නම්, දිනපතා අයිස් භාවිතා කරමින් ඔබේ පියයුරු තවන්න. මෙම සත්කාරය ඔබේ පියයුරු වල නියමිත හැඩය දිගු කාලයක් පවත්වා ගැනීමට උපකාරී වේවි.

2.හිරු එලියට පියයුරු නිරාවරණය කිරීම

පියයුරු අවට සම මෘදු හා සංවේදී වෙනවා. හිරු එලියට හසු වීමෙන් පියයුරු වල සම පිළිස්සීමට, අඳුරු වීමට, වියලි වීමට, සමේ ඇදෙන සුලු ගතිය විනාශ වීමට වැඩි අවදානමක් පවතිනවා. මේ නිසා ඔබ ඇඳුම් ඇඳීමේදී ඒ ගැන සැලකිලිමත් වන්න.

3.ආහාර වේල් මඟ හැරිම

ගොඩ දෙනෙක් හදිසියේ කෙට්ටු වීමේ අරමුණින් දැඩි ලෙස ආහාර පාලනය කරනවා. ඔවුන්ට තමන් කෙට්ටු වෙන්න ඕනේ කියලා මතක් වෙන්නේ උත්සවයක් වැනි අවස්තාවක් ලඟා වූ විටයි. හදිසියේ බර පහල දමා ගැනීමට උත්සාහ කිරීමෙන් ඔබේ සම එල්ලා වැටීමකට ලක් වෙනවා. කාර්යබහුල බව නිසා ආහාර වේල් මඟ හැරිමෙනුත් අත් වන්නේ මේ ප්රතිඵලයමයි. හදිසි බර අඩු වීමකදී පියයුරු වල හැඩය සම්පුර්ණයෙන්ම වෙනස් විය හැකියි.

4.BRA එකක් නොපැළඳ සිටීම

තවත් සමහරු තමන්ගේ පහසුව තකාBRA එකක් පළඳින්නේ නැහැ. බොහෝ කාන්තාවන් නිවසේදී BRA එකක් පළඳින්නේ නැහැ. රැකියාවට ගොස් නිවසට පැමිණි විගස ඔවුන් සැහැල්ලු ඇඳුමකට මාරු වෙනවා. නමුත් මේ පුරුද්ද නිසා ඔබේ පියයුරු වල තද බව සහ නියමිත හැඩය අහිමි වෙනවා. කාන්තාවක් සැහැල්ලු ඇඳුමකට මාරු විය යුත්තේ නින්දට යන මොහොතේදිය. අවදිව සිටින අවස්ථාවන් වල BRA එකක් පැළඳ සිටීම ගොඩක් වැදගත් වෙනවා.

5.පමණට වඩා තද BRA ඇඳීම

පමණට වඩා තද BRA ඇඳීම මඟින් ඔබේ පියයුරු මත අනවශ්ය පීඩනයක් එල්ල වෙනවා. දවස පුරා එවැනි BRA එකක් හැඳ සිටීම ඉතා අහිතකරයි. සමහර කාන්තාවන් තද BRA ඇඳීමෙන් තමන්ගේ රූපය සුන්දර කර ගැනීමටයි උත්සාහ කරන්නේ. නමුත් ඉන් පසුකාලීනව පියයුරු එල්ලා වැටීම, පියයුරු වෙත සැපයෙන රුධිර සංසරණය අඩාල වීම, දවස පුරා ඔබට අපහසුවක් ඇති කිරීම වැනි අහිතකර ප්රතිඵල අත් කර දෙනවා.