කන්න වත් බොන්න වත් නැතුව පොදු වැසිකිළියෙන් මූණ කට හෝදගෙන රෑ බස් එකේ ගෙදර ගියේ – සංගීත් ප්‍රභූ

සංගීත් ප්‍රභූ කියන්නෙ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ තමන්ගේම තැනක් ඉතාමත් මහන්සියෙන් හදාගත්තු ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය රංගන ශිල්පියෙක්.ඔහුට බොහෝ දෙනෙක් ආදරය කරනවා ඒ වගේම මේ සුන්දර කලාකරුවා ගොඩක් අය අතර ප්‍රසිද්ධ

ඒ වගේම තමයි ඔහු තවත් කලාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොඩක් අයට උදව් උපකාර කරන කෙනෙක්. කලාව තුළ තැනක් හදා ගන්න උත්සහ දරන කාලසීමාවේදී ඔහු අනුරාධපුරයේ නම් මහ පාන්දර තමයි බස් එකේ නගින්නෙ කොළඹ එන්න.ඊට පස්සේ තිර පරීක්ෂණ වලට සහභාගි වෙලා සමාන දවස් වලට කන්න වත් බොන්න වත් නැතුව පොදු වැසිකිළියෙන් මූණ කට හෝදගෙන ආපහු රෑ බස් එකේ නැගලා නැගල ගෙදර ගියපු අවස්ථා තියෙනවා කියලත් ඔහු සදහන් කළා.

කෙසේ නමුත් ඒ සියලුම දුක් කම්කටොලු වලට අද වෙද්දි සාර්ථක ප්‍රතිඵලයක් ලැබිලා.ඔහුට හැකියාව ලැබිලා තියෙනවා තමන්ගෙම කියලා කියල අනන්‍යතාවක් හදාගෙන කලාව තුළ ජනප්‍රිය තරුවක් වෙන්න.ඉතින් තමන් ආ ගමන් මඟ පිළිබඳව ඔහු කිව්වේ මේ වගේ සුන්දර කතාවක්. “මට ජීවිතයට ලස්සන අතීතයක් තියෙනවා.ඒ අතීතයේ ලස්සන අත්දැකීම් තියෙනවා.

කොළඹ ඇවිත් මට පොඩි බෝඩිමක් හොයා ගන්න පුළුවන් උනා.ඒකෙ පහසුකම් නොමැති උනාට මට ජීවිතය හොයාගන්න පුළුවන් වුණා.අමතර පොඩි පොඩි රස්සාවල් කරලා කීයක් හරි ඒ දවස්වල හොයා ගත්තා.එහෙම ගෙවිලා අද මගෙම කියලා සැලොන් එකක් තියෙනවා.මම ඉඩමක් ගත්තා.