උදෑසන අවදි වූ විගස මේ දේවල් නම් කරන්න එපා

සෑම දිනක ම සතුටින් සාර්ථකව ගත කිරීමට කවුරුත් කැමතිය.ඔබ උදෑසන අවදි වූ විගස නොදැනුවත් ව සිදු කරන ඇතැම් දේවල් නිසා එදින තුළ ඔබ කිරීමට බලාපොරොත්තු වන දේවල් කෙරෙහි අසාර්ථක ලෙස බලපෑම් එල්ල කළ හැකිය.

1.නොවැදගත් තීරණ ගැනීම.

ෆේස්බුක් ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, “මෝඩ හෝ නිෂ්ඵල” දේවල් සඳහා තම ශක්තිය වැය කරනවාට වඩා, ඔහු ගත යුතු තීරණ ගණන සීමා කිරීම සඳහා සෑම දිනකම වැඩ කිරීමට එකම ටී ෂර්ට් එකක් පැළඳ සිටින බවයි.ඔබත් උදෑසනට ඇඳුම් තේරීම් වැනි එතරම් ප්‍රයෝජවත් තීරණ ගැනීමට මනස වෙහෙසනවා වෙනුවට පෙර දින ඔබගේ ඇඳුම් තෝරා තබා ගන්න.

2. අඳුරේ සිටීම.

උදෑසන අවදි වූ විගස ජනෙල් විවෘත කරමින් ඔබගේ කාමරය ආලෝකමත් කරන්න.එය පිටත ආලෝකයක් නැති විට නිදා ගැනීමට කාලය බව ඔබේ ශරීරයට පවසන මෙලටොනින් හෝමෝනය මුදා හැරීම මර්දනය කරනු ඇත.  හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥයෙකු පවසන පරිදි ගිම්හානයේදී මිනිසුන්ට අවදි වීම පහසු වන්නේ මේ නිසා ය.

3. කෝපි පානය කිරීම.

අපේ ශරීර ස්වාභාවිකවම කෝටිසෝල් නම් හෝමෝනයක් නිපදවන අතර එමඟින් අපට වඩාත් අවදියෙන් සිටිය හැකිය. නමුත් කෝපි වල ඇති කැෆේන් අපගේ ශරීරයේ කෝටිසෝල් නිෂ්පාදනයට බාධා ඇති කළ හැකි අතර කාලයත් සමඟ මෙය අපව කැෆේන් මත යැපීමටත් ස්වාභාවිකවම අඩු කෝටිසෝල් නිපදවීමටත් හේතු වේ .එබැවින් උදේ 10 පමණ වන තුරු කෝපි පානයෙන් වළකින්න.

4.එලාමය නාද වූ පසු නැවත නිදා ගැනීම.

උදෑසන ඔබේ එලාමය නාද වූ පසු අලස බව නිසා නැවත සුළු මොහොතක් නිදා ගැනීමට බොහෝ දෙනා පුරුදු ව සිටිති.නමුත් මෙමගින් ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වයට පවා බාධා පැමිනේ.එබැවින් උදෑසන එලාමය නාද වූ පසු ප්‍රබෝධමත් ව අවදි ව තම දෛනික කටයුතු ආරම්භ කිරීමට වග බලා ගන්න.