ගෑණු ළමයිට අයුතු යෝජනා ඉදිරිපත් කලේ,චැට් කලේ මම නෙවෙයි..එක ෆේක් එකවුන්ට් එකක් -සුරේන්ද්‍ර පෙරේරා

කාලයක් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වූ සුරේන්ද්‍ර පෙරේරා දැන් තරමක් නිහඬයි. ඔහු ගැයු හැම ගීතයක්ම රසිකයින් වැලඳ ගත්තා. ප්‍රවීණ ගායක එච්. ආර් ජෝතිපාලයන්ට බොහෝ සෙයින් ආදරය කළ බොහෝ දෙනෙකු ඔහුගේ කට හඬට ද ආදරේ කළා.

සුරේන්ද්‍ර කාලයක් නිහඬව හිටියා, ඇයි ඒ..?

හේතුවක් නැහැ. මේ දුවන ගීත රටාවත් එක්ක මම කොහොමද ගීතයක් කරන්නේ කියලා හිතමින් හිටියා. ඔය අතරතුර ගීත කිහිපයක් කරලා තියෙනවා.ඒ ගීතත් ඉදිරියේ දි එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

ආයෙමත් ප්‍රසංග වේදිකාවට ගොඩ වෙලා කියලත් ආරංචියි ..?

ඔව්. සෑහෙන කාලයක් ප්‍රසංගවලට සම්බන්ධ වුණේ නැහැ . මෑතකදී ඉඳලා වෙඩින්වල ගීත ගයන්න ලැබුණු ආරාධනා පිළි අරගෙන ඒවාට සම්බන්ධ වුණා. ළඟඳීම ඩුබායි යන්න තියෙනවා ප්‍රසංගයකට. ඊට අමතරව ඇමරිකාවට, එංගලන්තයට වගේම ඕස්ට්‍රේලියාවේ පවත්වන ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබුණා. ඒවායේ තවම දින නියම කරලා නැහැ. ඒවාටත් සම්බන්ධ වෙන්න තමයි දැන් අදහස් කරගෙන ඉන්නේ.

නිහඬව හිටියා ඇති කියලා හිතුවා. මට ආදරේ කරන රසිකයින් නිතරම අහනවා ඇයි ෂෝවලට එන්නේ නැත්තේ කියලා. දැන් මගේ අලුත්ම ආරංචිය ඒක තමයි. ආයෙත් වැඩ පටන් ගත්තා.

බොහෝ ජනප්‍රිය තරුවලට එන ෆේස්බුක් ප්‍රශ්නයක් ඔබටත් ඇවිත්, ඔබ වගේ ගැහැනු ළමයින්ට අයුතු යෝජනා කරන ෆේක් ෆේස්බුක් එකවුන්ට් කතාවේ ඇත්ත මොකක්ද..?

මම නිතරම ෆේස්බුක් යන කෙනෙක් නෙමෙයි. සෝෂල් මීඩියා මම නිතරම භාවිතා කරන්නේ නැහැ. නමුත් මගේ නමින් එකවුන්ට් ගොඩක් හදාගෙන එක එක්කෙනා මගේ මුණ දාගෙන ගැහැනු ළමයින්ට චැට් කරනවා. අයුතු යෝජනා විතරක් නෙමෙයි මුදල් ප්‍රශ්නත් ඇති වෙලා. ඒ මම නෙමෙයි කියලා කී දෙනෙකුට පහදලා දෙන්නද. මම වගේ චැට් කරන අයගෙන් පරිස්සමින් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

මම කිසිම කෙනෙකුට අනවශ්‍ය විදිහට චැට් කරන්නේ නැහැ. මට තියෙන්නේ එක ෆේස්බුක් එකවුන්ට් එකක් විතරයි. මට ඔය ප්‍රශ්නේ නිසා කරදර ගොඩක් ඇති වුණා මගේ නමට ඒක ලොකු හානියක්. ඒ නිසා රැවටෙන්න එපා මගේ හරි එකවුන්ට් එකට එන්න කියලා ආරාධනා කරනවා. විවාහ ජීවිතෙන් එක්ක කාලයක් නිහඩව හිටපු සුරේන්ද්‍ර දියණියගේ උපන් දින සාදයේ ඡායාරූප සමාජ මාධ්‍ය ට මුදා හැරියා.