මම ටික් ටොක් වලින් තමයි මගේ රංගන හැකියාව බලන්නේ – සජිනි රෝයි.

. මේ අචිනි විදියට අපි අතරට එන ඇය සජිනි රෝයි. ඇයට අවුරුදු කුමාරිය තරගාවලියකට සහභාගි වෙලා අවසන් වටයට සහභාගි වෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. නමුත් ඇයට දිවිතුරා ටෙලිනාට්‍යයට ආරාධනා ලැබෙන්නේ ඇය කල ටික්ටොක් එකක් වයිරල් වීමෙන්.

ඒ කොහොම හරි මේ වන විට ජනප්‍රිය ටෙලිනාට්‍යයක රංගනය කරන සජිනි අචිනි තරම් නපුරු නෑ කියලයි ඇය කියන්නේ. ඒ වගේම සජිනිට ක්ශේෂ්ත්‍රයේ වැඩිපුර ආශ්‍රය කරන යාලුවෝත් හරිම අඩුයි ඒ නිසා ඇගේ හැමදේම කියන හොදම යාලුවා තමයි අම්මා කියලා සජිනි සදහන් කරලා තිබුණේ. ඉතින් නංගිලා දෙන්නෙක් ඉන්න සජිනිගේ අම්මා අවුරුදු 3 නංගි ගෙදර දාලා තමයි සජිනි එක්ක රූගත කිරීම් වලට යන්නේ.

මියුසික් වීඩියෝවලටත්, තව ටෙලි නිර්මාණවලටත් ඇයට මේ වන විට ආරාධනා ලැබිලා කියලයි සජිනි කියන්නේ. ඉතින් ඇය ආදරය ගැන හිතන විදිය සහ ඇගේ අනාගත බලාපොරොත්තු ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම ගුවන් සේවිකාවක් වෙන්න ආසාවෙන් හිටියේ. ඒ ගැන හැදෑරීම් පවා කලා. රංගනයට් ආවෙත් ඒකට උදව්වක් හැටියට. නමුත් මගේ හීනය රංගන ශිල්පිනියක් වෙන එක. මගේ හැකියාවන් අන්තර්ජාතික මට්ටමට ගෙනියන්නයි මගේ බලාපොරොත්තුව. මම ආසයි මම ගැන ගොසිප් කටකතා හැදෙනවට. මොකද එහෙම හැදෙන්නේ ජනප්‍රිය කට්ටියටනේ. මම ටික් ටොක් වලින් තමයි මගේ රංගන හැකියාව බලන්නේ.