අපේ රටේ නම ගියපු රූ රැජින තරගාවලින් වලින් ජාත්‍යන්තර තලයකට රැගෙන යන තරග අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා සැලෝන් චන්දිමාල් හී නිර්මාතෘද වෙනවා.ඔහු අපේ ගොඩාක් අය අතර ජනප්‍රියත්වය ට පත්වුනෙ ඔහුගේ උපන්දිනයන් සදහා වාර්ෂිකව පවත්වන රෝයල් බර්ත්ඩේ පාටි නිසයි.ඒ වගේම ඔහු අපේ පියුමි හංසමාලි ගේ හොදම මිතුරාද වෙනවා.
ඒ වගේම චන්දිමාල් නිරන්තරයෙන් තම ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් ධනාත්මක සටහන් එකතු කරමින් අන් අයහට හොද බලපෑමක් සිදුකිරීමට උත්සාහ කරනවා.පසුගිය දිනෙකද ඔහු එවන් අපූරු සටහනක් පල කල තිබුනා.

එය මෙලෙසිනි …
“මං හරි ආසයි යමක් පැරදුන මනුස්සයෙක් ඒක කිහිපවාරයක් හරි උත්සාහ කරලා ජයග්‍රහණය කරනවා බලන්න.
මොකද මං හරි ආසයි දුක් විඳපු , කටු කාපු, මහන්සි උන, පැරදුන , වේදනාවට ලක්වෙවී ජීවිතේ ඇදන් ගියත් , පරාජය බාර නොගත්ත ඒ ධෛර්යවන්ත මිනිස්සුන්ට හරියනවට.
මං හරි ආසයි එහෙම මිනිස්සු පොඩි හරි දෙයක් ලබාගෙන සතුටු වෙනවා බලන්න !
සීයට දාහක් ශුවර් කිසිම දවසක මට සතුටින් ඉන්න මනුස්සයෙක් දැකලා ඉරිසියාවක් නම් ඇතිවෙන්නේ නෑ ! මොකද මට ඒ කා එක්කවත් තරඟයක් නෑ … මට ඕන මිනිස්සු හැමෝම දිනන්න..
මට ඕන හැමෝටම ආදරෙන් සතුටින් ඉන්න !”