අද මධ්‍යම රාත්‍රියේ බටහිර-වයඹ දෙසට ගමන් කරන මැන්ඩුස් සුලි කුණාටුව – කාළගුණයෙන් අනතුරු හඟවයි

නිරිතදිග බෙංගාල බොක්ක හරහා (ත්‍රිකුණාමලයට කිලෝමීටර 300ක් ඊසාන දෙසින්) “මැන්ඩූස්” සුළි කුණාටුව අද පෙරවරු 08.30 ට අක්ෂාංශ 9.5N සහ දේශාංශ 83.8E ආසන්නයේ පිහිටා තිබුණි. එය දෙසැම්බර් 09 මධ්‍යම රාත්‍රිය පමණ වන විට බටහිර-වයඹ දෙසට ගමන් කර නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වළාකුළු පිරි අහසක් පවතිනු ඇත.

උතුරු පළාතේ විටින් විට වැසි අපේක්ෂා කරන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරේ.

සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේ.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 60-70 පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.