පළමු හමුවීමෙදී පෙම්වතිය පෙම්වතාගෙන් බලාපොරොත්තු වන දේවල් 5ක්

පළමු හමුවීම පෙම්වතුන්ට තම ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවකි. වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා ආරම්භ වන බොහෝ පෙම් සබඳතාවල එකිනෙකා ප්‍රථම වතාවට සියැසින් දැක ගන්නේ ද පළමු හමුවේදී ය. මෙම අවස්ථාවේදී දෙදෙනා ම සිටින්නේ නොසන්සුන්ව විය හැක.

1. සිත් ඇදගන්නා කතාබහක්

ජීවන සහකරු ලෙස බොහෝ දෙනා සොයන්නේ හොඳ සවන් දෙන්නෙකු බව සැබෑය. නමුත් ප්‍රථම හමුවීමේදී තම පෙම්වතාගෙන් සිත් ඇදගන්නා කතාබහක් බොහෝ පෙම්වතියන් බලාපොරොත්තු වේ. මන්ද ඔවුන් ඒ අවස්ථාවේ සිටින්නේ සබකෝලයෙනි. මේ අවස්ථාවේ තම පෙම්වතිය කතා කිරීමට පොලඹවන ආකාරයේ කතාබහක් පෙම්වතා සතු විය යුතුය.

2. අවංකව තම මතය ඉදිරිපත් කිරීම

බොහෝ දෙනා පළමු හමුවේදී පෙම්වතිය කියන සියලු දෙයට එකඟ බව මවාපායි. නමුත් සැබෑ ජීවීතයේදී එසේ නොවන බව දන්නා තරුණියන් බලාපොරොත්තු වන්නේ තම පෙම්වතාගේ අවංක අදහසයි. එබැවින් පළමු හමුවීමේදී පවා ඕනෑම දෙයක් පිළිබඳ තම මතය කෙළින්ම ඉදිරිපත් කිරීමට ඔබට හැකිවිය යුතුයි. මෙය තම පෙම්වතිය ඉදිරියේ ඔබේ පෞරුෂත්වය පෙන්වීමට හොඳ අවස්ථාවකි.

3. ආකර්ෂණීය ශරීර චලන

ඔබේ පෙනුමේ ඇති සුළු අඩුපාඩු පවා මකා දැමීමට ආකර්ෂණීය body language එකකට හැකි බව සොයා ගෙන ඇත. උදාහරණයක් ලෙස සෘජු අක්ෂි සම්බන්ධතාවක් මඟින් ඔබ ඇය කෙරෙහි අවධානයෙන් සිටින බව හැඟ වේ.

4. හැඟීම් ඇවිස්සීම

මෙය තරමක් ප්‍රවේශමෙන් කළ යුතු දෙයකි. උදාහරණයක් ලෙස වුවමනාවෙන්ම ඇයගේ අත ස්පර්ශ කොට එය වැරදීමකින් සිදු වූ බව හඟවමින් සමාව ගැනීම වැනි ක්‍රියා මඟින් මෙය සිදු කළ හැකිය. මෙහි දී ඇගේ සිතේ ඔබ කෙරෙහි වැරදි ආකල්පයක් ඇති නොවීමට ප්‍රවේශම් වන්න.

5. හොඳ සවන් දෙන්නකු වීම

එක්වර හොඳ සවන් දෙන්නකු හා හොඳ කතා කරන්නකු වන්නේ කෙසේදැයි ඔබට හැඟෙනු ඇත. හොඳ සවන් දෙන්නකු විය යුත්තේ ඇය කතා කිරීමට පටන් ගත් පසුවයි. කිසි විටකත් ඇය කතා කරන අතරතුර මැද්දෙන් පනිමින් මතය ඉදිරිපත් නොකරන්න. ඇගේ කතාව අවසන් වූ පසුව ඔබේ අදහස් ඉදිරිපත් කිරීමට ඉවසිලිවන්ත වන්න. ඇතැම් විට ඔබට ඉදිරි ජීවිතයේදී තම මතය ඉදිරිපත් කිරීමට පවා නොලැබෙන බව අකමැත්තෙන් වුව ද සිහි කරන්න.

අන්තර්ජාලය ඇසුරිනි