මම අදින විදියට,මගේ හමේ පාටට මිනිස්සු කතා කිව්වට මට ආදරේ කරන අයගෙන් නම් අඩුවක් නෑ – නතාශා පෙරේරා

මීට වසර 20කට පෙරදී ළමා ගායිකාවක් විදියට ගායනා කල ගීතයක් වන ‘සුළගක් වී මං යනවා’ ගීතයෙන් ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම ලබා ගත් කෙනෙක් තමයි නතාශා පෙරේරා කියන්නේ. ඒ විදියට ක්ශේෂ්ත්‍රයට ඇවිත් ගායිකාවක් විදියට වගේම රංගන ශිල්පිනියක් විදියටත් වැඩ කටයුතු කරපු ඇය මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියයි.

ශ්‍රී ලංකාව තුල ඉපදුනේ නැතත් හැදුණු වැඩුණු රට වෙනුවෙන් ලංකාවට ආපු නතාශාට ලංකාවට ආපු ගමන්ම පිටපතක් ලැබුණත් ඇය එය බාර අරන් තිබුණේ නෑ. ඉතින් නතාශාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මේ විදියටයි ඇය පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” දිගු කාලයක් නිර්මාණ කලේ නැතත් ප්‍රේක්ෂක ප්‍රතිචාරනම් අඩුවක් නෑ. ඒක තමයි මගේ ලොකුම වාසනාව. මගේ සුළගක් වී මං යනවා ගීතය ගැන තවමත් කට්ටිය කතා වෙනවා. මම අදින විදියට හෝ මගේ හමේ පාටට එක එක ඒවා මිනිස්සු කිව්වට මට ආදරේ කරන අය අඩුවක් නෑ. දවසින් දවස වැඩි වෙනවා.

මගේ පෞද්ගලිකත්වය, පෞද්ගලික ජීවිතය බෙදා හදාගන්න ඕන. නමුත් සමාජ මාධ්‍ය තුළ ඒ අයට කැමති දේවල් දැම්මට, මොන වගේ ප්‍රතිචාර ලැබුනත් ඒවට මොකුත් කියන්න යන්නෙ නෑ. අවුරුදු 20ක් පුරාවට මට ආදරේ කරලා මගේ ළග හිටපු හැම දෙනාටම හිස නමා ආචාර කරනවා. සමහර අය හිතනවා මම හරි ආඩම්බරයි කියලා. අනේ එහෙම නෑ. මම ඔයාලා වගේම සාමාන්‍ය කෙනෙක්.”