කසාද පිරිමින්ට බිරිඳව බැලන්ස් කරන රහස් 25 ක්.
ඔයාලත් මෙන්න මේ විදියට හිටියොත් සාර්ථක ප්රශ්න නැති ලස්සන ජීවිතයක් ගත කරන්න ඔයාලටත් පුළුවන්
- රියදුරු බලපත්රයක් නැත්නම් ඉක්මනට අරගෙන දෙන්න.
- ඊට පස්සේ, වහන පදවන්න, උබ බිරිදගෙන් ඉගෙන ගත්ත විදියට ඉන්න.
- අම්මත් එක්ක කතා කරන්න කපල් සිම් එකක් තෑගි දෙන්න.
- නෑදෑයෝ කියලා ඉන්න පුළුවන් බිරිදගේ පැත්තෙන් විතරක් බව වටහා ගන්න.
- ගෙදර ඔප්පුව උබේ නමට තිබ්බත් අයිතිය බිරිදගේ කියලා සැමට කියන්න.
- කෑමට ලුණු මදි උනත් රසට කනවා වගේ රඟපාන්න.
- රැ කෑමට කඩෙන් අරගෙන යාම ජීවිතේ අනිවාර්ය කොටසක් කරගන්න
- බිරිද හැමදාම කියවන්නේ උබේ අපලයක් නිසා කියලා හිත හදාගන්න
- ප්රශ්නයකදි හැරෙන්න අනිත් හැම දේටම බිරිද first කියවන්න
- ලමයි ලොකු වෙනකොට උබ වගේ උනාට පොඩිකාලේ බිරිද වගේ කියවන්න.
- පොඩි දේටත් රණ්ඩු කිරීම පිරිමින්ට විතරක් හැදෙන ලෙඩක් කියලා හිතන්න.
- සුපර්මාර්කට් එකේදී සල්ලි ගෙවන වෙලාව විතරක් පේන්න ඉන්න කරන්න.
- ඇදූම් ගන්න යන්න වෙනම දවසක් වෙන් කරන්න
- ගෙනාපු ඇදූම් මාරු කරන්න යන්න තව දවසක් තියා ගන්න
- අල්මාරිය ඇදූම් වැඩිවෙලා වහන්න බැරි උනත් දැක්කේ නෑ වගේ ඉන්න
- බිරිදගේ සල්ලි එයාගේ, උබේ සල්ලි පොදුයි කියලා කියන්න
- සල්ලි දුන්නොත් ඉතුරු සල්ලි ගැන අදහස අතාරින්න.
- බිරිදගේ මොලේට ගහන්න තව මොලයක් නෑ කියලා පිලිගන්න
- පොඩි දේටත් කේන්ති අරගෙන කැ ගැසීම බිරිදගේ අයිතිවාසිකමක් ලෙස පිලිගන්න
- බිරිද ගිය ඉස්කෝලේ බලද්දි උබ ඉස්කෝලේ ගිය නැති විදියට ඉන්න
- උබේ යාළුවෝ, බිරිදගේ යාළුවන්ගේ ලගින්වත් තියන්න බෑ කියන්න
- බිරිද තරුණ වෙන්න වෙන්න, උබ විතරක් වයසට යනබව සිහිකරන්න
- ඇස් කන් පේන්නේ නැත්තේ පිරිමින්ගේ විතරක් බව සිහිතබා ගන්න
- ගැණුන්ගේ මොලේ හැන්දි මිටේ තරමට කියමන ලොකු බොරුවක් කියන්න
- බිරිදට phone එකක් නැති බවත් වැඩියෙන්ම phone එකේ ඉන්නේ උබ බව පිලිගන්න
- බිරිද යනු “සෑම විටම නිවැරදි” කියන සුන්දර යුවතියක් බව තරයේ මතක තබා ගන්න.