රංගන එක්ක තියෙන කොන්තරයකට මට හිරු නත්තල් පාටියට එන්න එපා කිව්වා – මහේශි මධුසංකා

මහේශි මධුසංකා කියන්නේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඇය චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය බොහොමයකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.ඇය ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ සිටම අද දක්වා ලබාගෙන තිබෙන ජනප්‍රියත්වය සහ රසික ආදරය කිසිම අඩුවක් නැහැ. ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරනකොට ඇය ආදරණීය බිරිඳක් වගේම ආදරණීය මවක් වශයෙන් කටයුතු කරනවා

ඇය අද දිනයේ දී ගීත් යූ ටියුබ් නාලිකාව සමග එකතු වෙමින් එකතුවෙමින් ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මේ ආකාරයෙන් පවසා සිටියා.

” මට හිරු නාලිකාවේ මෙදා පාර christmas party එකට ආරාධනා ලැබිලා තිබුණා.ඊට පස්සේ මීට දින කිහිපයකට කලිනුත් නැවත දැනුම් දීමකින් මතක් කර තිබුණා.ඒ වගේම ඊට දින කිහිපයකට කලින් රංගන ද සිල්වාගේ යූටියුබ් පාටි එකක් තිබුනා.ඒකට කලා ක්ෂේත්‍රයෙ පිරිසක් පැමිණ සිටියා.ඊට පස්සේ ඒකට යන්න කලින් මට ඇමතුමක් ආවා.එහිදී මට කිව්වේ ඒ නත්තල් පාටියට යන්න එපා කියලා.මගෙ ළඟ ඒ හැම දේකටම සාක්ෂි තියනවා.කලාකරුවන් වශයෙන් අපිට ඕනම දේකට අපිට කැමති විදියට සහභාගි වෙන්න අවස්ථාව තියෙනවා.

හිරු නාලිකාව සමඟ රංගන ද සිල්වා ට තිබෙන කෝන්තරයන් අපිට වැඩක් නැහැ.එක්කෝ අපිට කතා කරලා කලින් කිව්වා නම් හිතලා බලන්න තිබුන අපි මොනවද කරන්නේ කියලා.යන දවසේ උදේ කතා කලාට පස්සෙ මම ඇහුවා මොකක්ද හේතුව කියලා.මොකද මේක මේ YouTube channel එකක් ලඟදි පටන් ගත්තෙ subscribers ලා පවා ඉන්නේ දාහයි.මම හිතුවේ නිෂ්පාදකවරයාට වැරදීමක් සිදුවෙලා හෝ විහිළුවක් කියලා.සාමාන්‍යයෙන් වචනයක් දුන්නහම අපි එක කරන්න එපැයි.

ඊට පස්සේ මම ඊයෙ වෙළඳ  දැන්වීමක ඉන්නකොට මට ඇමතුමක් අරගෙන කිව්වා ඔයා මෙහෙම ගිහිල්ලා තියෙනවා ඒක නිසා අපේ නත්තල් පාටියට එන්න එපා කියලා.ඇත්තටම මම දන්නෙ නැහැ හිරු ආයතනයෙහි ප්‍රධානීන් මේ ගැන දන්නවා ද කියලවත්. හිරු ගත්තහම එයාලගේ අති දැවැන්ත නාලිකා ගොඩක් තියනවා.අපිට ඇත්තටම මේ නාලිකා එක්ක හැප්පෙන්න බැහැ.ඇත්තටම මම පිළිවෙලකට වැඩ කරන කෙනෙක් නිසා හිරු නාලිකාවේ පාටියට යන්න ඇඳුම පවා හදාගෙනයි තියෙන්නේ.මේ සිදුවුන දේ එක්ක මගේ හිතේ තියෙන්නේ ලොකු කළකිරීමක් සහ දුකක්.මොකද හිරු නාලිකාව ආරම්භයේ ඉඳල මේ දක්වා අපි එකට සිටි නිසා.” 

ඇය ඉතාමත් සංවේදී වෙමින් මේ ආකාරයට තමයි අදහස් දක්වා සිටියේ.