අවුරුදු 8ක සිට තිබුන මගෙ ලෙඩේ දෙවියන් වහන්සේ සුව කලා.නත්තල් දින සිට මම කතෝලික වෙනවා. -නිරන්ජනී ෂන්මුගරාජා

ඇය දමිල උනත් සිංහල ප්‍රේක්ෂක ජනතාව අතර ආකර්ෂණීය රංගන ශිල්පිනියක් වෙන්න වරම් ලබපු වාසනාවන්තියක්.ඇය නමින් නිරන්ජනී ෂන්මුගරාජා.නිරංජනී කියන්නේ ගායනය නර්තනය සහ රංගනය කියන මේ සියලු අංගයන් වලට දක්ෂතාවයක් දක්වපු ආදරණීය ආකර්ෂණීය කලාකාරිනියක්.

ඉතින් අය මෙසේ වූ රඟපෑ සුනාමි චිත්‍රපටය නිසා අන්තර්ජාතික මට්ටමේ හොඳම නිළියක් විදිහට සම්මාන ලබන්නත් මේ සුන්දර කාන්තාව වාසනාවන්ත වුණා.නිරන්ජනීව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් වඩා  අපට දැකබලා ගන්න හැකියාවක් ලැබුණේ සිනමාව හරහා යි.

ඒකට හේතුව සිනමාව තුළ දමිළ චරිතයක් තියෙනවා නම් වෙන කිසිම විකල්පයක් නැතුව නෙරන්ජනිට ඒ සඳහා ආරාධනා ලැබීමයි. ඇයගේ නිහතමානීත්වය නිසාම ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉෂ්ට කරන්නත් නේරංජනේ අමතක කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඇය දමිල  කාන්තාවක් වුණත් ඇයගේ පෞද්ගලික ජීවිතයේ යම් සිදුවීමක් නිසා මේ වෙද්දි ඇය ජීවිතය සුවිශේෂී තීරණයකට එළැඹෙනවා.ඒ සම්බන්ධයෙන් සති අග පුවත්පතක් සමග නෙරංජනී කරපු හෙලිදරව්ව තමයි මේ.

“පහුගිය කාලේ සල්ලි නැතුව මිනිස්සු  දුක් ඕනා ලෙඩ රෝග නිසා අපි අසරණ වුණා.වසංගතය නිසා අපි දන්න ජීවිත අප හැර ගියා.අඩුම තරමේ ඔවුන්ට අවසන් ගෞරවය දක්වත් බැරි තරමට අපි අසරණ වුණා.මේ නත්තලේ මගේ ජීවිතය මට සුවිශේෂී වෙනවා.ඒකට හේතුව අවුරුදු හත අටක කාලයක් තිස්සේ මම යම් රෝගී තත්ත්වයක් නිසා දරුණු ලෙස පීඩා වින්දා.

නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කරලා උන් වහන්සේට යාච්ඤා කිරීම නිසා අද මගේ ඒ රෝගය සම්පූර්ණයෙන් සුව වෙලා තියෙනවා.අද මම දෙවියන් වහන්සේ වත් දැඩි විශ්වාස කරන කෙනෙක්.ඒ නිසා මේ නර්තන දා ඉඳන් මම දෙවියන් වහන්සේට අනුව කතෝලික බැතිමතෙක් වෙනවා.”

ඉතින් ඇය ඒ විදියට තමයි ජීවිතේ සුවිශේෂී තීරණය පිළිබඳව සති අග පුවත්පතක් සමග හෙළිදරව්වක් කළේ.