මගේ බත් පිඟානේ තියෙන්නේ අපේ රටේ හොඳම දේවල්.ඒ හැම දෙයක්ම මම කරන්නේ මට තියෙන ආදරය නිසා-සභීතා පෙරේරා

අපේ රටේ අතිශයින්ම දක්ෂ ජනප්‍රිය හෙළ සිනමාවේ චිත්‍රපට නිළියක් තමයි ඒ සභීතා පෙරේරා කියන්නේ.ඇය එදා මෙදාතුර පහළ වුණ අග්‍ර ගණයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන අතර එදා පටන් අද දක්වාම ඇය ලබාගෙන තිබෙන ජනතා ආදරය සහ ජනප්‍රියත්වයෙන් අදටත් කිසිම අඩුවක් නැත.

පසුගිය දිනයක දී ඇය එක්තරා වැඩසටහනකට එකතු වී සිටි අතර එහිදී ඇය අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි.

“මම සාමාන්‍යයෙන් තියෙන ලස්සන වැඩිකර ගන්න හෝ තියෙන පෙනුම පවත්වාගැනීම සඳහා විශේෂයෙන් කියලා දෙයක් කරන්නේ නැහැ. නමුත් මම ආහාර ගැනීමේදී ටිකක් සැලකිලිමත් වෙනවා.සාමාන්‍යයෙන් මම කෑම එකක් බෙදාගෙන කනකොට ඒක දකින අය කියනවා ඔයා නිළියක්නේ ඒක නිසා ඔයා ඔහොම තමයි කන්න ඕන කියලා.නමුත් මම එහෙම ආහාර කන්නේ නිළියක් වෙන නිසා නෙවෙයි. අපි සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වෙන්න ඕන. මම කොහොමත් කන බොන දේවල් ගැන සැලකිලිමත් වෙනවා.ඒ වගේම තමයි මගේ බත් පිඟානේ තියෙන්නේ අපේ රටේ තියන හොඳම දේවල්.ඒ හැම දෙයක්ම මම කරන්නේ මම වෙනුවෙන් මට තියෙන ආදරය නිසා.”

ඉතින් අය මේ විදිහට තමයි අදහස් දක්වා සිටියේ.ඇයට අපි සුභ පැතුම් එක් කර සිටිනවා.