ආදරේ කරලා බලනවා හරිගියේ නැත්තන් ශේප් එකේ අයින් කරලා දානවා – ජනප්‍රිය නිලි එමාෂා

කළා ක්‍ෂේත්‍රයට ඇවිත් බොහොම පොඩි කාලයකින් හැමෝගෙම ආදරය දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිපිනියක් තමයි එමාෂා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න එමාෂා සමග, එමාෂා පහුගිය නත්තල් අවුරුදු දවස් ටික එහෙම කොහොමද..? ”වෙනදට වැඩිය මෙදා සැරේ කලාකරුවන් එක්ක වැඩසටහන් ගොඩකට සම්බන්ද වෙන්න අවස්තාව ලැබුනා, පහුගිය කාලය සහෝදර කළා ශිල්පීන් එක්ක සතුටින් ගතකලා, ඇත්තටම ඒක ගොඩක් සුන්දර අත්දැකීමක්, ඒ වගේම ලොකු නිවාඩුවක් ලැබුන නිසා පවුලේ අයත් එක්කත් සතුටින් කාලය ගතකලා,”

2023 මොනවද අලුත් ප්ලෑන්..? ”මම රංගනයෙන් දායක වෙන දැනට විකාශනය වෙන ටෙලිනාට්‍ය දෙකක් තියෙනවා, එකක් සිරස නාලිකාවේ විකාශනය වන හිතලඟ හිනැහුනා ටෙලි නාට්‍ය, නිත් එක ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන ‘අයිස්’ ටෙලි ද්‍රාමා එක, ඒක සතියෙන දවස් පහේම විකාශනය වෙනවා, ඊට අමතරව 2023නේ අලුත් ප්ලෑන් මොනවත් නෑ, ජීවිතේ එන විදියකට ලස්සනට මුහුණ දීලා සතුටින් ඉන්නවා, මම කොහොමත් වැඩ ගොඩක් බදාගෙන කරන කෙනෙක් නෙවෙයි නිතරම සැහැල්ලුවෙන් ඉන්න උත්සහ කරන කෙනෙක්”

එමාෂා ආදරය දකින්නේ කොහොමද..? ”හැමදාම වගේම මට ආදරේ කරන මගේ පවුලේ අය මගේ වටා ඉන්නවා, ආදරේ කියන දේ තුල අපි අවංක වෙන්න ඕන, ඒක හදවතින්ම කරන්න ඕන දෙයක්, ආදරෙදී අපි නිතරම පරාර්ථකාමී වෙන්න ඕන, ඒ වගේම ඉරිසියා කරන්න හොඳ නෑ, විශේෂයෙන්ම විශ්වාසය කියන දේ තියෙන්න ඕන, එහෙම නැතුව ආදරයක් ශක්තිමත් වෙන්නේ නෑ කියලයි මම හිතන්නේ”

එමාෂා විවාහය ගැන මොකද හිතන්නේ..? විවාහය කියන්නේ සෙල්ලම් දෙයක් නෙවෙයි විවාහය කියන්නේ දෙන්නෙක්ගේ ජීවිතේ ගන්නා ලොකු තාරණයක්, ජීවිතේ ඉදිරි කාලය තීරණය වෙන්නේ ඒ සහකාරයා හෝ සහකාරිය මත, ඒ නිසා නිතරම ජීවිතේට හොඳම කෙනා ලන්කරගන්න බලන්න ඕන, ඒක කලබල වෙන්නේ නැතුව බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක් ඒක, මමනම් කියන්නේ දෙන්නා අතර අවබෝදයක් නැත්තන් විවාහ වෙන හොඳ නෑ, මොකද එහෙම වුනොත් වෙන්නේ කාලයක් ගිහින් ඩිවෝස් වෙන්න මමනම් ආදරේ කලත් හොඳ අවබෝදයක් නැත්නම් ඒ කෙනා එක්ක විවාහ වෙන්නේ නෑ, එයා මගෙ ජීවිතෙන් හෙමිහිට ඈත් කරලා දානවා”