යාලුවෝ ඔක්කොම බඳිනවා,එහෙමයි කියලා මමත් විවාහ වෙන්න ඕන නෑ නේ..මලවිකාර – ජනප්‍රිය නිලි අනුරාධා එදිරිසිංහ

මේ දිනවල ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වෙලා තියෙන ටෙලිනාට්‍යක් තමයි ‘කෝලම් කුට්ටම’ කියන්නේ, ඉතින් මේ ටෙලිනාට්‍ය ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි හිරුනි ටීචර් කියන්නේ, ඉතින් මේ වනවිට ලංකාවේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න ‘හිරුනි’ ගේ චරිතයට පන පොවන්නේ දක්ෂ රංගන ශිල්පිනියක වන අනුරාධා එදිරිසිංහ විසින්, ඉතින් අද අපේ කතාබහට එකතු කරගත්තේ අනුරාධයි, ඉතින් අනූ කොහොමද මේ දවස්වල ජීවිතේ මොකද වෙන්නේ..? ”මේ දවස්වල වැඩිපුරම කාලය යොදවලා තියෙන්නේ කොලම්කුට්ටම ටෙලිනාට්‍යට, ඇත්තටම මම ලොකු කාලයටකට පස්සේ තමයි මේ නාට්‍යට සම්බන්ද වෙන්නේ, නාඩම්කාරයෝ අවසානම කොටසින් තමයි මගේ චරිතය කෝලම් කුට්ටම නාට්‍යට සම්බන්ද වෙන්නේ, ඒ දවස්වල මම හොඳටම බැනුම් ඇහුවා මොකද මාස්ටර් ගේ කණ්ඩායමට අසාදාරණක් කළා කියලා හැබැයි දැන් නම් බනින එක අඩුවෙලා තියෙන්නේ”

වෙළඳ දැන්වීම් හරහා කළා ලෝකයට පය තිබ්බ අනුරාධා පස්සේ නිරුපන ශිල්පිනියක ලෙස කලාවට එකතුවෙනවා, ඊටපස්සේ තමයි ඔබ රංගන ශිල්පිනියක වෙන්නේ, ඉතින් ඔබගේ රංගන දිවියේ ඔබගේ හැකියාවට වෙනස්ම ආලෝකයක් එකතු කරපු චරිතයක් තියෙනව ද..? මම හිතන්නේ මගේ කළා ජීවිතේ නිර්මාණ වල හැරවුම් ලක්ෂය තමයි රාවනා ටෙලිනාට්‍ය, ඒ වගේම මම ප්‍රධාන චරිතයක් කරපු පලවෙනි අවස්ථාවත් ඒක, ඒ චරිතයට අදටත් ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමතියි, රාවනා නාට්‍යයේ තුන්වන අදියර මේ වනවිට රූගත කරලා අවසන් ඉතින් ඒක ළඟදීම බලාගන්න පුළුවන් වෙව්, ඒ වගේම මගේ ජීවිතයට ආලෝකයක් වුන චරිතයක් තමයි ගිරිදේවී නාට්‍යයේ රූපිකාගේ චරිතය”

පුංචි තිරයේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වුන අනුරාධා තාම සිනමාවට සම්බන්ද වෙලා නෑ ඇයි ඒ ”ඇත්තටම මම දැන් කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙලා අවුරුදු අටකට වැඩියි, තාම මම කිසිම සිනමා නිර්මාණයකට සම්බන්ද වෙලා නෑ, ආරාධනා නම් ගොඩක් ඇවිත් තියෙනවා, හැබැයි ගොඩක් ඒවගේ පිටපත කියෙව්වම ප්‍රශ්න ටිකක් තිබ්බා, ඕනෑම නළුවෙක්ට නිළියකට සිනමාව කියන්නේ සිහිනයක් හැබැයි එහෙමයි කියලා හරයක් නැති නිර්මාණ වලට මම සම්බන්ද වෙන්නේ නෑ”

අනූ එක්ක කලාවට ආව සමකාලීන අය දැන් පෝලිමට විවාහ වෙනවා, ඉතින් දැන්ම අනු විවාහ වෙන්න හිතිලා නැද්ද..? ”ඔව් ඔව් යාළුවො ඔක්කොම දැන් පෝලිමට විවාහ වීගෙන යනවා හැබැයි මට මගේ ගෙදරින් විවාහයට බලපෑම් නෑ, මගේ අම්මගේ ඒ තේරුම් ගැනීම මට ගොඩක්ම වටිනවා, විවාහයට වයස කාලය ආදාළ නෑ කියලයි මම හිතන්නේ, මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන පිරිමියා මගේ තාත්තා, ඒත් තාත්තා හදිස්සියේම අපි අතරින් වියෝ වෙලා ගියා, එයාගෙන් පස්සේ මට ආදරේ කරන්න වෙන පිරිමික් මම දැක්කේ නෑ, මම හොයන්නේ මට ගොඩක් ආදරේ කරන තාත්තෙක් වගේ මාව රැකබලාගන්න කෙනෙක්, ඉතින් එහෙම කෙනෙක් ලැබෙනකන් මම ඉවසගෙන ඉන්නවා”