ගවුම් ඇඳන් ඉන්න ආස නෑ.මහතට පේන ඇඳුම් ඇදන් ඉන්න තමයි මං ආස – සප්නා පාදුක්ක

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ මානවිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සප්නා පාදුක්ක කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල පාරදිගේ ටෙලි නාට්‍යයේ රූගතකිරීම් සාර්ථකව කරගෙන යනවා වගේම ඉදිරියේදි ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යය තුළිනුත් ඇයව රසිකයන්ට දකින්න පුළුවන් කියලයි සප්නා නම් කියන්නේ.

ඒ වගේම ඇය පාරදිගේ ටෙලිනාට්‍යයේ මානවී වෙලා දැන් වසර දෙකකට කිට්ටු වෙලත් තාම ලැබෙන රසික ප්‍රතිචාර නම් අඩුවක් නැතුව ලැබෙනවා කියලත් ඇය කියනවා. හැබැයි ඉස්සර රසිකයො ඇයට නපුරුයි කියලා බැන්නාත් දැන්නම් ඇයගේ රඟපෑම් හොඳයි කියලා ගොඩක් අය ඇයට කියනවාලු. ඒ වගේම ඇය පහුගිය කාලයේ රංගනයෙන් දායක වුණ දිනේෂ් තරංගගේ ‘හැදුණද රිදුණද’ කියන මියුසික් වීඩියෝව නිසා රසිකයො ඇයට සරාගී කියලා කියපු අවස්ථා තියනවා කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ඇඳුම් සම්බන්ධයෙන් ඇය ගැන කියනවා නම් ඇය අඳින්නෙ පලඳින්නෙ ඇයව ලස්සනට පේන, සුවපහසු විදිහට ඉන්න පුළුවන් ඇයට ගැළපෙන ඇඳුම් කියලත් ඇය කියනවා. ඉතින් අනෙක් කෙනාගේ ආකර්ෂණය දිනාගන්න කියලා ඇය විශේෂයෙන් සිරුර නිරාවරණය වුණු හෝ කොට ඇඳුම් අඳින්නෙ නැහැ කියලයි සප්නා නම් කියන්නේ. ඒ වගේම ගවුම් කියන්නෙ ඇයට ඇඳගෙන ඉන්න අපහසු ඇඳුමක් කියලත් ඇය කියනවා. ඒ නිසා ඇය ගවුම්වලට කැමැති නැහැලු.

මොකද ඇයව මහතට පේන ලොකු ටීෂර්ට් සහ ඩෙනිම් තමයිලු ඇය වැඩිපුර අඳින්න කැමැති. ඒ වගේම කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති කෙට්ටු ඇඟක්ලු ඇයට තියෙන්නෙ. ඒ නිසා ඇය කැමැති ඇයව මහතට පේනවට කියලත් ඇය කියනවා. නමුත් ඇඟ මහත් වුණේ නැති වුණාට බඩ එන ප්‍රශ්නය නම් ඇයටත් තියනවාලු. ඒ නිසා ජිම් ගිහින් බඩ අඩු කරගන්න ව්‍යායාම නම් කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.