මම ඉවසගෙන ඉන්නේ හොඳ දෙයක් කරන්න ඕන නිසා – මනෝජා ප්‍රනාන්දු

නිස්සාර, රාධාවනී, මතක වැනි අතිශය ජනප්‍රිය ගීත රූප රචනා හරහා වගේම ටෙලිනාට්‍ය රැසක් හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මනෝජා ප්‍රනාන්දු කියන්නේ, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගත්තේ හුරුබුහුටි රංගන ශිල්පිනියකවන මනෝජා ප්‍රනාන්දුයි, මනෝජා ඔයා වැඩිය පේන්න ඉන්න කෙනෙක් නෙවෙයි, ඉතින් අපිට කියන්නකෝ ඔයා වැඩියෙන්ම කැමති මොනවටද කියලා, ”මම වැඩියෙන්ම කැමති වේදිකාවට, හැබැයි මම පුංචි කාලේ මම නාට්‍ය වලට වැඩිය කැමති නෑ, හැබැයි මගේ ගුරුවරු තමයි ඔයා වේදිකාවට ගැලපෙන්නේ කියා කියා මාව වේදිකාවට තල්ලු කලේ, ඒ ගුරුවරුන්ට පිංසිද්ධ වෙනවා මාව මේ තැනට ගෙනාවට, හැබැයි මම මේ වෙද්දී වැඩිපුරම කැමති සිනමාවට.”

මනෝජා කියන්නේ නිතර පේන්න ඉන්න කෙනෙක් නෙවෙයි, ඔයා චරිත තෝරලා බේරලා බාරගන්න කෙනෙක් ද..? ”ඔව් මම රංගනය සඳහා චරිතයක් තෝරාගන්න කලින් ඒ චරිතය ගැන ගොඩක් දේවල් හොයලා බලනවා, ඒක මම මේ ක්‍ෂේත්‍රයට එන්න කලින් ඉඳලම කරපු දෙයක්, මට නාට්‍ය ගොඩකට ආරාධනා ආවා නමුත් මම ඒ හැම නිර්මාණයක්ම බාරගත්තේ නෑ, 2014 ඉදලාම මට මෙගා ටෙලිනාට්‍යවලට ආරාධනා එනවා, හැබැයි මම ආරාධනාවක් බාර ගත්තේ 2017 වසරේදී, එච්චර කාලයක් ඉවසගෙන හිටියේ මට හොඳ නිර්මාණයකට සම්බන්ද වෙන්න ඕන නිසා.”

ඔබට සිනමාවට තියෙන ඉල්ලුම කොහොමද..? ”මගේ රංගන ජීවිතයේ මුල්ම ආරාධනාව ලැබෙන්නේ සිනමාවට, පුංචි තිරයට කලින් මම රඟපෑවේ සිනමාවේ, ඇත්තම කියනවනම් මම පුංචි තිරයට එන්න කිසිම ආසාවක් තිබ්බේ නෑ, මගේ ඒ අදහස වෙනස් වුනේ පානාමංකඩ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුනට පස්සේ, එක අධ්‍යක්ෂයකලේ රනිල් කුලසිංහ ඔහු ඉතාම හොඳ අධ්‍යක්ෂක කෙනෙක්,”

ඔබ ආදරය ගැන හිතන්නේ මොකද්ද, දැන් ඔබ ආරවන්තියක්ද..? ”නැහැ මම තාම ආදරවන්තියක් නෙවෙයි, හැබැයි ආදරය ගැන තියෙන්නේ මට සුබවාදී අදහසක්, මම දකින විදියට හැමෝටම ආදරේ ආදරේ කියන දේ ලැබෙන්න ඕන, මටත් නියම වෙලාව ආවට පස්සේ ආදයක් ලැබේවි, අපි හැමෝම ජීවත් වෙන්නේ ආදරේ කරන්න ආදරේ ලබන්න, ඉතින් ආදරය කියන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක්”