මම කෙල්ල වගේ ලස්සනට ඉන්නවට පුතා හරි කැමති.දිග ගවුම් ඇදගෙන ආච්චි කෙනෙක් වගේ ඉන්න එපා කියනවා.

රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක් වන ඇය මේධා ජයරත්න. ඇය රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා. මේ වන විට අපිට ඇයව නිවේදනය හරහා තමයිදැක ගන්න ලැබෙන්නේ. ඉතින් මේ වන විට සුන්දරත්වයෙන් ඉන්න මේධා ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය විවාහ වෙන්නේ වයස අවුරුදු 24 දි. ඉතින් ඒ විදියට විවාහ වෙන මේධා මේ වන විට විවාහයෙන් වෙන් වෙලා තනිකඩ ජීවිතයක් ගත කරන්නේ.

ඇගේ දරුවන් දෙදෙනාත් ඇයත් සමග ජීවත් වුණේ නැතත් දරුවන්ට ඉටු විය යුතු යුතුකම් ඉටු කරනවා. ඉතින් මේධා ඇගේ ආදරණීය දරුවන් ගැන කිව්වේ මේ විදියටයි. ” අපේ පුතාට දැන් අවුරුදු 19 යි. එයා කැමතියි මම කෙල්ල වගේ ලස්සනට ඉන්නවට. එයා කියන්නේ අම්මා කැල්ල වගේ ඉන්න කියලා. මට ඉන්නෙ දුවයි පුතයි. නොගැලපෙන කෙනෙක් ළග දුක් විද විද ඉන්න බැරිනම් දෙන්නා වෙන් වෙන්න ඕන.

ලංකාවේ කාන්තාවෝ පිරිමින්ගෙන් යැපෙන නිසා දුක් විදගෙන හරි ඉන්නවා. නමුත් මමනම් එහෙම කරදර විද විද ඉන්නෙ නෑ. මගේ පුතා දිග ගවුම් ඇදගෙන ආච්චි කෙනෙක් වගේ ඉන්න එපා කියනවා. ගෑණු කෙනා ලස්සනට හිටියෙ නැත්නම් මනුස්සය පිට යනවා.” මේ විදියටයි ආදරණීය මවක් වන මේධා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

ටෙලිනාට්‍ය කලාවේ දීර්ග කාලයක් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙසම තබාගෙන ඉන්න රංගන ශිල්පිනියක් හැටියට මේධා ජයරත්න හඳුන්වන්න පුළුවන්. මේධාට පසුගිය දවසක පොඩි අකරතැබ්බයක් වෙලා තිබුණා.මේධා ජයරත්න පසුගිය දවස්වල තඹුත්තේගම ප්‍රදේශයේදී ටෙලි නාට්‍යයක රූපගත කිරීම්වලයි ඉඳලා තියෙන්නේ. මෙම නාට්‍යයේ එක් රූපගත කිරීමක් තිබිල තියෙන්නෙ යෝධ ඇළේ. එය දිය නාන දර්ශනයක්. රජරට ප්‍රදේශයේ උපන් මේධාට ඇළ, දොළ, ගංගා, වැව්වල පීනලා දිය බුං ගැසීම එතරම් අරුමයක් නෙමෙයි. රූපගත කිරීමට මත්තෙන් අධ්‍යක්ෂකවරයා මේධාට උපදෙස් මාලාවක් දී තිබෙනවා. එය පිළිගත් මේධා මෙය රූපගත කිරීමේ අභියෝගය භාර ගත්තා.ණේ.