සාර්ථක විවාහ ජීවිතයක් අවශ්‍යද ? එහෙනම් මේ ක්‍රම අදම පිලිපදින්න.

අද කාලේ ගොඩක් අයගෙන් ගිලිහිලා ගිහින් තියෙන දෙයක් තමයි විවාහ ජීවිතයක් තුළ පවතින සතුට.ඒකට හේතු අටෝරාසියක් තිබුනත් ප්‍රධානම හේතුවක් වන්නේ දෙදෙනා තුළ විවාහ ජීවිතය එතරම් සාර්ථක නො වීමයි. ඒක නිසා අද අපි කතා කරන්න හිතුවේ අතිශයින්ම සාර්ථක පවුල් ජීවිතයක් සඳහා ඔබ අනුගමනය කළ යුතුම අති සාර්තක ක්‍රම කිහිපයක් පිළිබඳවයි.

• දෙදෙනාම එකවර තරහ ගන්න එපා.අඩුම තරමේ එක්කෙනෙක් හරි එක වෙලාවකදි ඉවසන්න අවශ්‍යයි.දෙන්නටම තරහ ගියොත් එකවර ලොකු රණ්ඩුවක් වෙන්න පුළුවන්.

• ඊළඟට වැදගත්ම දේ තමයි කිසිම  විටක එකිනෙකාගේ අතීතය සිදු කරපු වැරදි අඩුපාඩු මතක් නොකරන එක. වර්තමානයෙහි සතුටින් ජීවත් වෙන එක සහ අනාගතය යහපත් කරගන්න එක තමයි වැදගත්ම වෙන්නේ.

• සාමාන්‍යයෙන් දෙන්නෙක් එකතු වුණහම වාද කරන එක සාමාන්‍ය දෙයක්නෙ.ඒ උනාට වාද කරලා ඔයාලා ජයග්‍රහණය හැමවෙලේම බලාපොරොත්තු වෙනවා නම් එතනදී සතුට කියන එක ගිලිහිලා යන්න පුළුවන්.

Cooked with love. Cute laughing blonde frying something in skillet. Her bearded husband is hugging her from behind

• විවාහය කියන බැඳීම තුළ දී දෙන්නට දෙන්නා අනිවාර්යෙන්ම සියලුම අවස්ථාවකදී සිටිය යුතුයි.ඒක ඉතාමත් සුන්දර බැඳීමක්.ඇත්තම කතාව තමයි තමන්ගේ පාට්නර් වෙනුවෙන් මුළු ලෝකයක් වුනත් අත්හරින්න පුළුවන් කියන අදහස ඉන්න ඕන.

• ඊළඟට දෙන්නා අතර අමනාපකම් ඇති වෙන්න පුලුවන් ලොකුම හේතුවක් තමයි විවේචනය.එකිනෙකා නිරන්තරයෙන් විවේචනය නොකර අඩුපාඩුවක් වැරැද්දක් තියනවා නම් ඉතාමත් ආදරණීය ලෙස කියලා දෙන්න.

• මුල් කාලයේ ඉඳන්ම පුරුදුවෙන්න එකිනෙකාගේ දකින පුංචිමහරි හොඳ දෙයක් අගය කරන්න.අගය කිරීම තුළින් අනිත් කෙනා තුළ ආදරණීය අවංක හැඟීමක් ඇතිවෙනවා.මොකද ඕනම කෙනෙක් කැමතියි අගයකිරීම් වලට.

• තමන් අතින් වරදක් උනානම් ඒක නිහතමානීව පිළිඅරගෙන අනෙකාගෙන් සමාව ඉල්ලන්න.ඒ වගේම යළිත් වතාවක් එම වැරැද්ද නොවෙන්න වග බලාගන්න.