සංගීතුයි මායි එකටමයි ඉන්නෙ.එයාගෙ ලගින්ම ඉන්න ඕන නිසා මම ජොබ් එකෙනුත් අයින් උනා-දිනිති වල්ගමගේ

කලා ලෝකය තුළ මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙච්ච ආදරණීය කලා තරු යුවළක් තමයි දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ.බොහෝ දෙනෙක් මෙ යුවළට හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ ඔවුන්ගේ ආදරණීය ආදරයට.ඒ වගේම තමයි තවත් සමහරුන් ඔවුන් පිළිබඳව විවේචනය කරනවා.ආදරය විවේචනය කියන මේ සියලුම දේවල් එක්ක ජීවිතයේ ඉදිරියට යන  දිනිති සහ සංගීත් පෙම්වතුන් කියලා කිව්වෙත් මේ මෑතකදී.

ඔවුන් මේ අවුරුද්දේ විවාහ වෙන්න සූදානමින් ඉන්නවා කියලත් සඳහන් කරලා තිබ්බා.ඒ වගේම තමයි කලකට ඉහතදී දිනිති තනිකඩව ඉන්න කාලෙදී කාගෙන්වත් දිපෙන්ඩ් වෙන්න කැමති නෑ තමන් ස්වාධීනව ජීවත් වෙන්න තමයි උත්සාහ දරන්නේ කියලත් සඳහන් කරලා තිබුනා.

ඒ වගේම තමයි ඇය එක්තරා දවසකදී සඳහන් කරා  ඇයට විවාහ යෝජනාවක් ආවලු හොඳ පවුලකින්.ඒ පවුලේ අම්මා කිව්වලු අපි ඔයාව රැජිනක් වගේ බලා ගන්නම් ඔයාට අවශ්‍ය කරන හැම දේම දෙන්නම් ඔයා ජොබ් එකෙන් අයින් වෙන්න කියලා මොකද එතකොට කාල වේලාවත් අඩු නිසා දෙන්නට ජීවත් වෙන්න අපහසුයි නේ කියලා.

හැබැයි ඇය මේ විවාහ යෝජනාවට කැමැති වෙලා නැහැ.මොකද ඇය කැමැති නෑ කියනවා ජොබ් එකෙන් අයින් වෙන්න කියන කෙනෙක්ට ඒ වගේම විවාහයක් වෙනුවෙන් ජොබ් එක නැති කරගන්නත් ඇය කැමැති නෑ කියලත් සඳහන් කළා.ඇය තේරුම් ගත්තු චරිතයක් හම්බුනොත් එදාට විවාහ වෙනවා කියලත් එක්තරා ප්‍රසිද්ධ යූටියුබ් වැඩසටහනක දී දිනිති ප්‍රකාශ කළා.එහෙම කිව්ව දිනිතිබ්පසුගිය දවසක  ඇයගේ ජීවිතයේ සුවිශේෂී තීරණයකට එනවා.ඇය ඒ තීරණය සම්බන්ධයෙන් හැමෝටම කිව්වේ මේ වගේ කතාවක්.

“සංගීත් වෙනුවෙන් මම කැප කරපු ලොකුම දේ මගේ ජොබ් එක.මම සංගීත් එක්ක ඉද්දි මම ආසයි සංගීත් එක්කම ඉන්න.මට මෙයා හරි ක්ලෝස් මායි එයයි හැමතිස්සෙම එකට ඉන්නවා.ඒ නිසා මම ඒ කාලයට ආදරෙයි.ඊට පස්සේ මම හිතුවා මම ජීවත් වෙන්නේ සතුටින් ඉන්නන්ම් මට අනිත් දේවල් වැඩක් නෑ කියලා.”

ඒ විදිහට ඇය කිව්වට පස්සේ  සංගීත් සඳහන් කළාලූ  ඔහුත්  ඇය ගෙන් ඉල්ලීමක්  කලාලු ගුවන් සේවයෙන් අයින් වෙන්න කියලා. ඉතින් කෙසේ නමුත් එය ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ තීරණයක්.ඒ නිසාම ඉදිරියටත් දෙදෙනාට මේ විදිහටම ආදරෙන් සතුටින් ඉන්නට ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.