ලංකාවේ BMW එකක් ගත්ත පළවෙනි කෙනා මම නෙමෙයි.මගේ රෝයල් පාටිය මැයි මාසේ-චන්දිමාල් ජයසිංහ

රූපලාවන්‍ය ක්ශේෂ්ත්‍රය තුල කොයි කවුරුත් කතා බහ කරන ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. ඔහු ශ්‍රී ලංකාව තුල ඉන්න විශිෂ්ට රූපලාවන්‍ය ශිල්පියෙක් වගේම ජනතාව ආදරය කරන චරිතයක්ද වෙනවා. ඉතින් රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න තරු වලට ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබුණත් රූපලාවන්‍ය ශිල්පියෙක් විදියට චන්දිමාල් ජයසිංහට ලැබෙන්නේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර.

පොඩි තැනක ඉදලා අද වන විට සමාජයේ හොද වත්කමක් සහිත පුරවැසියෙක් වුණු ඔහුගේ සමාජ මාධ්‍ය හරහා විවිධ විලාසිතාවන් දැක ගන්න පුලුවන්. ඉතින් ඔහු ක්ශේෂ්ත්‍රයේ ළගින්ම ඇසුරු කරන කෙනෙක් තමයි සුරූපි පියුමි හංසමාලි කියන්නේ. මේ දෙන්නා තමයි හොදම යාලුවන්.

ඉතින් චන්දිමාල් විසින් හැඩගැන්වුණු අපි දන්න ජනප්‍රිය රංගන ශිල්පිනියන් ඉන්නවා. ඒ අතරින් මෑතකදී ඔහු අතින් හැඩ ගැනුවුණු ජනප්‍රිය චරිතයක් වන අනූෂා දමයන්තිට ඇගේ විවාහ මංගල දිනයේදී හොද ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ලොකු මුදලක් වෙන් කරලා ක්ශේෂ්ත්‍රයේ ගොඩ දෙනෙක්ට ආරාධනා කරලා ඉතා උත්කර්ෂවත් අන්දමින් තමයි ඔහු උපන්දිනය සමරන්නේ. මෑතකදී චන්දිමාල් අලුත් වාහනයක්ද මිළ දී ගෙන තිබුණා. ඒ ගැන ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි.

මේ ලංකාවේ BMW එකක් ගත්ත පළවෙනි කෙනා මම නෙමෙයි. ඒත් ඉතාම පල්ලෙහා තැන්ක ඉදලා අද වෙනකොට මගෙ මහන්සියෙන් කරගත්ත එක ගැන මට සතුටුයි. සමාජයේ එක එක මිනිස්සු එක එක කතා කියනවා. මම ඒවා ගණන් ගන්නෙ නෑ. මගේ උපන්දිනය මැයි මාසේ. මේ පාරත් රෝයල් පාටියක් ගන්න ඉන්නේ

ඒ වගේම චන්දිමාල් නිරන්තරයෙන් තම ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් ධනාත්මක සටහන් එකතු කරමින් අන් අයහට හොද බලපෑමක් සිදුකිරීමට උත්සාහ කරනවා.පසුගිය දිනෙකද ඔහු එවන් අපූරු සටහනක් පල කල තිබුනා.

එය මෙලෙසිනි …

“මං හරි ආසයි යමක් පැරදුන මනුස්සයෙක් ඒක කිහිපවාරයක් හරි උත්සාහ කරලා ජයග්‍රහණය කරනවා බලන්න.මොකද මං හරි ආසයි දුක් විඳපු , කටු කාපු, මහන්සි උන, පැරදුන , වේදනාවට ලක්වෙවී ජීවිතේ ඇදන් ගියත් , පරාජය බාර නොගත්ත ඒ ධෛර්යවන්ත මිනිස්සුන්ට හරියනවට.මං හරි ආසයි එහෙම මිනිස්සු පොඩි හරි දෙයක් ලබාගෙන සතුටු වෙනවා බලන්න !සීයට දාහක් ශුවර් කිසිම දවසක මට සතුටින් ඉන්න මනුස්සයෙක් දැකලා ඉරිසියාවක් නම්  ඇතිවෙන්නේ නෑ ! මොකද මට ඒ කා එක්කවත් තරඟයක් නෑ … මට ඕන මිනිස්සු  හැමෝම දිනන්න..

මට ඕන හැමෝටම ආදරෙන් සතුටින් ඉන්න !”