විවාහ වෙලා අවු 4 යි.තවම බබෙක් හදන්න අදහසක් නෑ.එන්න ඉන්න කෙනා එන කාලෙක එයිනෙ-ධනංජි තාරුකා

වෙළද දැන්වීම් හරහා රංගන ක්ශේෂ්ත්‍රයට ආපු ඒ දගකාර කටකාර රංගන ශිල්පිනිය තමයි ධනංජි තාරුකා කියන්නේ. මේ දිනවල ධනංජිව පුංචි තිරය හරහා දැක ගන්නට ලැබුණේ නැතත් ඇය වේදිකා නාට්‍යය සහ චිත්‍රපට නිසා ඉතා කාර්යබහුල වෙලා. ඉතින් ධනංජි රංගනය කරන “ආරච්චි දිගේ’ වේදිකා නාට්‍යය මාර්තු 25 වැනි දින වේදිකාගත වෙන්න නියමිත වෙලා තියෙනවා.

ඉතින් ඒ වගේම ධනංජිව ගොඩ දෙනෙක් හදුනවන්නේ විසින් ගහන නිළිය කියලා. ඇය මේ වන විට කලා ක්ශේෂ්ත්‍රයට පිවිසිලා වසර 15ක් වගේ කාලයක් වෙනවා. ඉතින් ඒ කාලය තුළ ඇය රංගනය කල ටෙලිනාට්‍යය, චිත්‍රපට, වේදිකා නාට්‍යය, වෙළද දැන්වීම් නිසා ඇය බෙහෙවින් තෘප්තිමත් වෙලා ඉන්නවා කියලයි ධනංජි කියන්නේ.

ඒ වගේම ඇය කලා ශිල්පිනියක් නොවුනානම් බන්ධනාගාර නිළධාරිනියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉදපු ධනංජිගෙ පියාත් බන්ධනාගාර නිළධාරියෙක්. ඒ ආභාෂය කුඩා කාලයේ ඉදලාම ලබා ගත්ත ඇය අහම්බයකින් තමයි කලා ක්ශේෂ්ත්‍රයට එන්නේ. ඒ කොහොම වුනත් මේ වන විට විවාහ වෙලා ඉන්න ධනංජි තාරුකා ඇගේ සැමියා එක්ක ගත කරන පවුල් ජීවිතය ගැන එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම ශූටි කරන්න ගිය තැනක තමයි එයත් හිටියේ. එතනදි හදුනගෙන තමයි අද වන විට විවාහය දක්වා ගියේ. එයාවත් මම වැඩ මුලු වලට එහෙම එක්කන් ගියා මුල් කාලේ. දැන් එයා රගපානවා. බිස්නස් වැඩත් එක්ක කරගෙන යනවා. අපි දෙන්නම එකම ටෙලිනාට්‍යය වලත් රගපාලා තියෙනවා. මම ගොඩක් මගේ පවුල් ජීවිතේට තමයි මුල් තැන දෙන්නේ. අපිදෙන්නා විවාහ වෙලා අවුරුදු හතරයි. තවම බබාලා හදන්න අදහසක් නෑ. දැන් අපි දෙන්නම ටිකක් කාර්යබහුල නිසා. එන්න ඉන්න කෙනා එයාට ඕන දවසට අපි ළගට එයි.”

මේ විදියටයි සුරූපි රංගන ශිල්පිනී ධනංජි තාරුකා අදහස් දක්වලා තිහුණේ.