මාස්ක් එක දානවා අඳුර ගන්න බැරි  වෙන්න ඒ උනාට මාව හුඟක් අය අඳුරගන්නවා මේකප් නැතුව-ඉෂාරා සඳමිණි

නිවේදිකාවක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයන් හමුවට එන මේ සුන්දර කලාකාරිනිය ඉෂාරා සඳමිණි.ඇය ආයෙමත් කලාවත් එක්ක දකින්න ලැබෙනවා වසර ගණනාවක් තිස්සේ ආදරණීය පුංචි දියණිය වෙනුවෙන් කාලය වෙන් කරපු අය මේ වෙද්දි නැවත වතාවක් රූපවාහිනී නිවේදිකාවක් විදිහට ප්‍රේක්ෂකයන් හමුවට ආවා.

ඒ විදියට ආපු ඉෂාරා අද වන විට කාර්ය බහුල ජීවිතයක් ගත කරනවා කියලත් සදහන් කළා.ඒ වගේම තමයි ඇය කාලාන්තරයක් තිස්සේ ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න අධ්‍යාපනය ලබපු කෙනෙක්.නමුත් පත්වීම ලැබිලා තියෙන දුෂ්කර ප්‍රදේශයක ට නිසා ඇය ඒ පත්වීම බාරගත්තේ නැහැ.ආයුර්වේද පැත්තෙන් පත්වීම භාර ගත්ත නැති වුණත් ඇය දැන් කරන්නෙත් ආයුර්වේද පැත්තෙන්ම වැඩක් ඒ ගැන ඉෂාරා කිව්වේ මේ වගේ කතාවක්.

“හරිම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ මම ආයුර්වේද cosmatic ව්‍යාපාරය වැඩයි සිරස morning program එකයි අපි දෙන්නා කරන youtube නාලිකාවේ වැඩ ඔක්කොම දැන් අච්චාරුවක් වෙලා. ඒවා එක්ක ලොකු කාලයක් ගත කරද්දි දුවගේ වැඩයි හස්බන්ගෙ වැඩයි ගෙදර වැඩ ඔක්කොම කරන්න වෙලාව නැති තරම්”

ඒ විදියට අදහස් දක්වන ඇය ආසාවට රඟපානවා කියලත් සඳහන් කළා ඒ වගේම ඇය එකම චරිත කරන්න ආස නෑ වෙනස්ම චරිතයක් ලැබිලා ඒකට කැමැත්ත දීලා ඇය ආයෙත් බෑ කියලා තියෙනවා ඉදිරියේදී ඒ දේවල් කරන්නත් බෑ බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා සඳහන් කළා.

ඒ වගේම තමයි දොස්තර නෝනා කෙනෙක් වෙන්න ඉගෙන ගත්තු ඇය එදා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පැත්තකින් තියලා අද වෙද්දි මයික් එක අතට අරගෙන මොකක්ද මේ කරන්නේ කියලා අහපු අහපුවාම ඈ  කිව්වේ මේ වගේ කතාවක්.

“මට දුෂ්කර පළාත් සේවය ආවා ඊට පස්සේ පත්වීම බාරගත්තේ නැහැ මට ඕන වුණේ වෙනස් දෙයක් කරන්න.ඒ නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පැත්තට යොමු නොවී ආයුර්වේද cosmetic ව්‍යාපාරයක් කරනවා. පංචකර්ම මධ්‍යස්ථානයක් පටන් ගන්නත් අදහසක් තියෙනවා.මම උත්සව අවස්ථාවලට විතරයි මේකත් කරන්නෙ අනිත් හැම ගමනක් බිමනක් යන්න මේකප් නොදා. මාස්ක් එක දානවා අඳුර ගන්න බැරි  වෙන්න ඒ උනාට මාව හුඟක් අය අඳුරගන්නවා මේකත් නැතුව.”

ඉතින් ඉෂාරා ඔන්න ඔය විදියට තමයි ඇයගේ ජීවිතය හරිම සුන්දර කාල වකවානු පිළිබඳව  අදහස් ඉදිරිපත් කලේ.