ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදට අවුරුදු 74යි

ඔහුගේ මාමා ජේ ආර් ජයවර්ධනයන්ට රටේ සුක්කානම ලැබෙන්නෙ ඔහුට අවුරුදු 71 දි. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති වුණ දවසේ එතුමා ඔහුගේ දිනපොතේ ලියලා තියෙනවා “අවසානයේ මම ලිස්සන ගහේ මුදුනටම නැග්ගා” කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට එන්න නියමිතව තිබුණේ 2005 ජනාධිපතිවරණයෙදි. එතකොට ඔහුට අවුරුදු 55 යි.

හැබැයි ඔහුගේ, රටේ සහ අපේ ඉරණම ලියවිලා තිබුණේ ඊට වඩා වෙනස් විදියකට. ජේ ආර් ජයවර්ධනයන්ට වගේම රනිල් වික්‍රමසිංහටත් තමන්ගේ මන්ත්‍රී අසුන පවා අහිමි වෙනවා. අපේ රට මුහුණ දීපු ඓතිහාසිකම ආර්ථික අර්බුදය මෝදු වෙමින් තියෙන වෙලාවක ඔහු ආයෙ පාර්ලිමේන්තුවට එනවා. එදා ඔහු තනි මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුවට එනකොට සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙනකොට ඇති නොවිය යුතු මට්ටමේ විශාල කතාබහක් ඇති වෙනවා. හේතුව කවුරු කවුරුත් හිත යටින් දැනන් හිටියා මේ යකා මේ ආයෙ පාර්ලිමේන්තු එන්නෙ නම් මන්ත්‍රීවරයෙක් විදියට තව අවුරුදු 4ක් පාර්ලිමේන්තුවෙ ඉඳලා ගෙදර යන්න නම් නෙවෙයි කියලා.

හැබැයි ඔහුට නැවත රටේ බලය ලබා ගත හැකි සෘජු මාර්ගයක් කාටවත් පෙනුනෙ නැහැ. හැබැයි අවසානයේ රට ඉදිරියේ තිබුණ පූරණ ව්‍යවසනයේ, ඉමක් කොණක් නොපෙනෙන ආර්ථික කුණාටුවේ, හෙට දවසේ මොකක් වෙනවද කියලා හිතාගන්න බැරි අවිනිශ්චිතභාවයේ ඓතිහාසික මොහොතේ ඔහු නැවේ සුක්කානම තමන්ගෙ අතට ගන්නවා. එදා ඉඳන් මේ වෙනකන් සියල්ල සමහරුන්ට අමතක වුණාට ඉතිහාසයේ ලියවිලා තියෙනවා. 2024 දි මේ රටේ මිනිස්සු මොන තීරණයක් ගන්නවද කියන එක ඔවුන්ගෙ තීරණයක්. සර්ව ජන ඡන්ද බලය ක්‍රියාත්මක රටක බහුතරයේ අමනොඥ තීරණ වල ප්‍රථිඵල ඡන්දය දුන් නොදුන් හැමෝටම මුහුණ දෙන්නසිදු වෙන එක නොවැළැක්විය හැකි දෙයක්.

ඒ නිසා යන්න තියෙන එකම මාර්ගය වෙච්ච මේ යන නිශ්චිත මාර්ගයේ ගිහින් අර්බුදය අවසන් කරගන්නවද නැත්තන් තාම අපි නොදැකපු හිතාගන්න වත් බැරි වේදනාකාරී ආගාධයක පතුලටම යනවද නැද්ද කියන එක මිනිස්සු තීරණය කරයි.
2019 දි ගත්ත තීරණයේ ප්‍රතිවිපාක අවුරුදු 2න් භුක්ති වින්ඳා වගේම 2024 ගන්න තීරණයේ ප්‍රතිවිපාකත් 2026 වෙනකොට රටේ මිනිස්සු භුක්ති විඳියි. හැබැයි එතකොට ආයෙ මේකට කරගහන්න ඉන්නෙ 2022 මේකට කරගහන්න බය වෙච්ච අය විතරයි. එදාට මිනිස්සු පරාද කරපු නාකි මිනිහෙක් නෑ මේකට කරගහන්න. ශාරුක්ගෙ Pathaan කියන චිත්‍රපටයේ අවසාන දර්ශනය මතක් කරලා සටහන ඉවර කරන්නම්. ශාරුක් සහ සල්මන් පාලම උඩ වාඩි වෙලා දෙන්නට දෙන්නගෙන් අහනවා “අවුරුදු 30ක් තිස්සෙ මේක කරලා මහන්සියි දැන් අපෙන් පස්සෙ කවුද මේක භාරගන්නෙ” කියලා.

එක එක්කෙනාගෙ නම් මතක් කර කර ඉඳලා අන්තිමට “නැහැ ඔවුන් හරියන්නෙ නැහැ. අපිටම තව කාලයක් මේක කරන් යන්න වෙනවා” කියලා දණහිස් දෙකත් අල්ලන් එකිනෙකාගෙ වාරුවෙන් අමාරුවෙන් නැගිටලා ‍යන්න යනවා.
අත් හදා නොබලපු ඊළඟ නායක පරම්පරාවට මේ අසීරු අවදානම් වගකීම භාර දෙන්න කලින් තමන්ගෙන් පස්සෙ කවුරු Seat එකට ආවත් Autopilot දාල වුණත් යන්න පුළුවන් මට්ටමට මේක ස්ථාවර කරලා යන්න කාලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

කොන්ද කෙළින් තියන් “කළ යුත්ත” නොබියව කළොත් හැම වෙලේම සද්ද බද්ද නොදාන මේ රටේ නිහඬ බහුතරය විසින් ඒ කාලය ලබා දෙන්නත් ඉඩ තියෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි,
ඔබට සුබ උපන්දිනයක්…!!! 💚

Pramith Ganearachchi facebook ඇසුරින්