බයික් එකක ගියොත් අපිව ගණන් ගන්නෙ නෑ.කාර් එකේ ගියොත් සර් මිස් කියලා කතා කරනවා-ඉෂාරා අතුකෝරල

අපේ රටේ ඉන්න ප්‍රවීන රංගන ශිල්පියෙක් තමයි ආනන්ද අතුකෝරල කියන්නේ. එතුමා රංගනය කල නිර්මාණ ගණනාවක් ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළදගත්ත නිර්මාණයන්. ඉතින් ඔහුගේ ඒ අපූර්ව වූ රංගන විලාසය ප්‍රේක්ෂකයන්ට ඔහු කෙරෙහි ඇල්මක් ඇතින්කරන්නට හේතුවෙනවා. ඉතින් ඒ ප්‍රවීන රංගන ශිල්පියාගේ එකම දියනිය ඉෂාරා අතුකෝරල කියන්නෙත් කලා ක්ශේෂ්ත්‍රයට හිතවත්කමක් දක්වන කෙනෙක්.

ඉතින් නවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් විදියට වැඩ කටයුතු කරන ඉෂාරා අතුකෝරල ගැන පසුගිය දා හැමෝම වගේ කතා කරන්නට වුණේ ආනා ඊට්ස් බර්ගර් ශොප් එක නිසා. එවන් වූ වැඩක් ආරම්භ කල ආනන්ද අතුකෝරලගේ පවුල ගැන මාධ්‍ය හරහා වැඩි කතා බහට ලක් වුණා. ඉතින් ඉෂාරා තාත්තා සමගින් සහභාගි වුණු එක්තරා වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපි යන වාහනය අනුව මිනිස්සු අපිව මනිනවා. අපි බයික් එකක ගියොත් අපිව කවුරුත් ගණන් ගන්නෙ නෑ. නමුත් අපි කාර් එකක ගියොත් අපිට සර් මිස් කියලා කතා කරනවා. එහෙමයි මිනිස්සු. මම පොඩි කාලේ ඉදන් කට්ට කාපු කෙනෙක් නෙමෙයි. අපේ තාත්තා දුක් මහන්සි වෙලා හම්බ කරලා මට සැපවත් ජීවිතයක් ගත කරන්න දීලා තියෙන්නෙ. නමුත් මේ හැමදේම ක්ෂණයෙන් ඉවර වෙනවා.’’ මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී ආනන්ද අතුකෝරලගේ දියනිය ඉෂාරා ඇගේ අදහස් දක්වලා තිබුණේ.