Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

පාර්ලිමේන්තු ආ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Posted on May 9, 2024May 9, 2024

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (09) උදෑසන හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව කියා සිටියේය.

ආර්ථික වර්ධනය පිළිබඳව විවිධ දේශීය සහ විදේශීය ,මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ වන විට රටේ උද්ධමනය 1.5%ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත්, දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වසරේ පළමු මාස තුන වන විට විනිමය අනුපාතය ඇමෙරිකානු ඩොලරය රු. 300 වඩා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවී තිබෙන අතර විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවන අගයකට ඉහළ නැංවී ඇති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා මේ තත්ත්වය ළඟාකර ගැනීමට හැකිවූයේ අභියෝගාත්මක, දුෂ්කර එහෙත් නිවැරදි මගක ගමන් කළ නිසා බව සඳහන් කළේය.

“අපායට වැටුණු රට ගොඩගන්න පුළුවන්” යන විශ්වාසය තමාට තිබූ නිසාවෙන් රට භාරගත් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ණය ප්‍රතිකරණ වැඩපිළිවෙල මුලික අංශ තුනක් හරහා සිදුකළ බව පැවසු ජනාධිපතිවරයා පළමුවෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වීම බව ද කියා සිටියේය.

එම කාර්ය 2023 වසරේ දී අවසන් කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

දෙවැන්න වුයේ විදේස් රටවල් සමග ඇති කරගත් ගිවිසුම් මඟින් නිල වශයෙන් ලබාගන්නා ලද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම බව පැවසු ජනාධිපතිවරයා එම රටවල් සමග සාකච්ඡා කර මේ පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟත්වයකට 2023 නොවැම්බර් මාසය වනවිට පැමිණි බවත් ඒ සඳහා පැරිස් සමාජය මෙන්ම එයට අයිති නැති චීනය වැනි රටවල් සමග ද එකඟත්වයට පැමිණ ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව දැනට සිදුකළ යුතුව ඇත්තේ ණයහිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පමණක් බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ සඳහා වූ කෙටුම්පත් පිළිබඳ ශ්‍රී ලංකා රජය නිල ණයහිමියන්ගේ කමිටුව සමග සාකච්ඡා කරමින් සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමෙන්ම වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය තෙවන අංශය බවත් ජනාධිපතියා කියා සිටියේය.

මේ වසර මැද වනවිට දී සියලු සාකච්ඡා අවසන් කිරීම තම අපේක්ෂාව බව ද පැවසු ජනාධිපතිවරයා, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අරමුණ වන්නේ, 2032  වන විට සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගැනීම බව ද පැවසීය.

මෙම ඉලක්කවලට යෑමට කටයුතු කළ යුතු බව පැවසු ජනාධිපතිවරයා එම ඉලක්ක වෙත යෑම වර්තමානයේ ඇති අභියෝගය බව ද සඳහන් කළේය.

ණය තිරසාරභාවය තහවුරු කරගැනීමෙන් තොරව රටේ ආර්ථිකය දිගු කාලීන පදනමින් ඉදිරියට ගෙන යා නොහැකි බව ද පැවසු ජනාධිපතිවරයා මේ වනවිට රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුල පුරා ඇතැයි ද පැවසීය.

මේ වනවිට අමාත්‍ය මණ්ඩලය විසින් දූෂණ විරෝධී කෙටුම්පත අනුමත කර ඇති බවත් ඒ අනුව අපරාධ ඔප්පු කිරීම අවශ්‍ය නොවන බවත් අපරාධය සිදුවූ බවට වූ අධිකරණ තීන්දුවක් මත එම මුදල් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද දෙරණ

Post Views: 2,299

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes