අපි දෙන්නා රෑට ඇදේදි තමයි ගොඩක් රණ්ඩු වෙන්නේ, මම පහුවදාට කිස් එකක් දීලා එහෙම යන්නේ

දිනූෂ දිසානායක සහ නදුනි කරුණාතිලක කියන්නේ පුංචි තිරයේ විවිධ චරිත හරහා අපි අතරට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියෙක් සහ ශිල්පිනියක්. ඉතින් ඒ කොහොම වුණත් දිනූෂ සහ නදුනි සැබෑ ජීවිතේදිනම් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන බිරිද හා සැමියායි. දෙරණ නාලිකාවෙන් බොහෝ විට දැක ගන්න ලැබෙන හරිම සුන්දර ආදරණීය යුවළක් වන දිනූෂ සහ නදුනි හමු වෙන්නේ දුරකතනය හරහායි.

ඉතින් සංගීත පන්තියක් හොයා ගැනීම අපේක්ෂා කරන නදුනි දිනූෂට කතා කරන්නේ ඒ සදහා සුදුසු පන්තියක් හොයා ගන්න. කොහොමහරි ඒ හමුවීම ආදරයක් බවට පත් වෙලා අද වන විට ඔවුන් දෙදෙනා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා.

දිනූෂ පසුගිය කාලයේ කාගේත් ආදරය ලබා ගත්තේ දෙරණ නාලිකාවේ විකාශය වුණු ‘ලොක්කි’ ටෙලිනාට්‍යය හරහායි. ඒ විදියට කවුරුත් ආදරේ කරන කඩවසම් රංගන ශිල්පී දිනූෂ දිසානායක ඔවුන්ගේ පවුල් ජීවිතේ අත්දැකීම් මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මමයි නදුනියි අතරත් ප්‍රශ්න ඇතිවෙනවා. හැබැයි යාලු වුන දවසෙ ඉදලා අද වෙනකම් වෙන කොල්ලෙකුට දාපු මැසේජ් එකක්වත් අහුවෙලා අපි දෙන්නා රණ්ඩු වෙලා නෑ කවදාවත්. අපි දෙන්නා ගොඩක් රණ්ඩු වෙන්නේ රෑට ඇදට ගියාම. මොකද එතකොටනේ අපි දෙන්නා හම්බවෙන්නේ. හොදට රණ්ඩු වෙලා පහුවදා උදේට මම නදුනිට කිස් එකක් එහෙම දීලා ශූටින් යනවා. ටික වෙලාවකදි තමයි මට මතක් වෙන්නෙ අපි දෙන්නා රණ්ඩු වෙලා නේද කියලා. ඒ වෙලාවට මම නදුනිට කෝල් එකක් අරන් අහනවා අපි ඊයේ රණ්ඩු වුනා නේද කියලා. එයා එතකොට තමයි ඔව් ඔව් කියලා සැරෙන් කියන්නේ.”

මේ විදියටයි නදුනි සහ දිනූෂ ගත කරන සුන්දර ජීවිතය ගැන කඩවසම් රංගන ශිල්පී දිනූෂ දිසානායක අදහස් දක්වලා තිබුණේ.